Divaina - රටට යුතුකම් ඉටුකරන දිරිය කත චිත‍්‍රා බොතේජු... ලංකාවේ ප‍්‍රථම විදුලි අධිකාරිවරිය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali



yuthukam

රුවන් ජයවර්ධන


yuthukam2ඇය එක් ක්ෂේත‍්‍රයක් පමණක් නොව විවිධ ක්ෂේත‍්‍රයන්හි සිය නිසග හැකියාවන් ප‍්‍රදර්ශනය කිරීමට සමත්කම් දක්වා ඇති ලාංකීය කාන්තාවක්ය. වර්ෂ 1969දී ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම කාන්තා විදුලි අධිකාරිවරිය ලෙස රාජ්‍ය සේවයට එක්වන ඇය 1977 වර්ෂයේදී මෙරට ප‍්‍රථම කාන්තා නඩත්තු ඉංජිනේරුවරිය වශයෙන් මහජන බැංකුවට අනුයුක්තව රාජකාරියේ නිරතව ඇත. කලක් ගතවීමත් සමග මැලේසියාවේ පිහිටි පුද්ගලික ආයතනයක විධායක ඉංජිනේරුවරිය හා නිෂ්පාදන අධ්‍යක්‍ෂවරිය වශයෙන් සේවය කර වසර කීපයකින් අනතුරුව නැවත මවුබිමට පැමිණෙන ඇය මේ වන විට විවිධ සමාජ සත්කාර සේවා ආදියේ නියැළෙමින් උපන්බිමට ඇය අතින් ඉටුවිය යුතු යුතුකම් ඉටු කරමින් හිඳින්නීය.

ඇය නමින් චිත‍්‍රා බොතේජුය. අපි ඉකුත් දිනක ඇය මුණගැසීමේ අටියෙන් ගාලූ පාර කොළඹ 03” අංක 490 හි පිහිටි ඇගේ කාර්යාලය වෙත ගොඩ වීමු. විසල් ගොඩනැ`ගිල්ලක 6 වැනි මහල පිහිටි ඇගේ කාර්යාල කාමරය ඇස ගැටීමත් සම`ග නිරායාසයෙන්ම පහළ වන්නේ පහන් සහගත හැ`ගීමක්ය. කාර්යාල කාමරයේ එක් කොටසක් වෙන්කර ඇත්තේ ආගමික වත්පිළිවෙත් පිණිසය. බුදුදහම කෙරෙහි අපමණ භක්තියකින් පසුවන චිත‍්‍රා බොතේජු මහත්මිය තුළ පවතින තවත් විශේෂත්වයක් වන්නේ අනගාරික ධර්මපාලතුමන් අනුදත් මග ගනිමින් රට දැය සමය පිණිස නිර්භයව පෙරමුණ ගැනීමය.

අපගේ කථාබහට නිමිත්ත බවට පත්වූවේ ලක් වනිතාවක් ලෙස කලක් තිස්සේ රට වෙනුවෙන් කරන ලද සේවාවන් සහ ඉන් අනතුරුව විශ‍්‍රාම දිවියට පිවිසීමත් සමග චිත‍්‍රා බොතේජු පදනම හරහා ඇය විසින් මේ වන විටත් සිදු කරමින් පවතින සමාජ” ආර්ථික හා සංස්කෘතික ත්කාරයන් පිළිබඳ කෙටි පිළිසඳරක නිරත වීමය. පළමුව සිය පාසල් විය හා ඒ හරහා ලබාගත් පන්නරය පිළිබඳ මතකය අවදිකළ චිත‍්‍රා බොතේජු මහත්මිය අදින් අඩසියවසරකට එපිට මතකයක් නැවත මෙනෙහි කරන්නට විය.

‘‘මම අධ්‍යාපනය ආරම්භ කළේ මහනුවර උසස් බාලිකා විදුහලෙන්. ඊට කාලයකට පස්සෙ කොළඹ ගෝතමී බාලිකා විදුහල හා දේවි බාලිකා විදුහල කියන කාන්තා විදුහල්වල අධ්‍යාපනය හැදෑරුව. පුංචි කාලෙ ඉඳලම ආගම සම්බන්ධයෙන් මට තිබුණෙ පුදුමාකාර භක්තිමත් හැඟීමක්. පාසල් අධ්‍යාපනය ලබන අතරේ දහම් පාසල් අධ්‍යාපනයත් මා විසින් හදාරනව. මහනුවර ආනන්ද දහම් පාසල” මරදානෙ සදාචාර දහම් පාසල තුළින් මම ලොකු දහම් දැනුමක් සහ ජීවිත ශික්ෂණයක් ලබා ගන්නව. ඒ හේතුවෙන් 1964 වර්ෂයේදී බෞද්ධාචාර්ය හා අභිධර්ම විභාග සමත්වෙලා මම දහම් පාසල් ගුරුවරියක් ලෙසත් කාලයක් සේවය කරනව.

සිය ළමාවිය පිළිබඳ අතීත මතකයන් අවදිකළ චිත‍්‍රා බොතේජු මහත්මිය එම පැහැදිලි කිරීමෙන් අනතුරුව නැවතත් වර්තමානයට පිවිසීය. මේ වන විට චිත‍්‍රා බොතේජු පදනම මුල් කරගනිමින් සිදු කරගෙන යන සේවාවන් රැසක් පිළිබඳ පැවසීම ආරම්භ කළ ඇය ඒ සඳහා ආරම්භය ගත්තේ කලක් මැලේසියාවේ රාජකාරි කරමින් සිටින අවධියක සිදුවූ සිදුවීමක් මෙනෙහි කරමින්ය.

මම කාලයක් මැලේසියාවේ පුද්ගලික ආයතනයකට සම්බන්ධ වෙලා රාජකාරි කරනවා. ඒ වෙලාවේ මැලේසියාව හා ලංකාව අනුබද්ධිත සිරි ජයන්ති මහා තරුණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ හා ඉංජිනේරුවරිය වශයෙන් කටයුතු කරන්න මට අවස්ථාව උදාවෙනව. ඒ හරහා මට පුළුවන්කම ලැබෙනව අපේ රටින් මැලේසියා ගිහින් අතරමං වෙන තරුණ දරුවන්ට ආදායම් මාර්ග හොයල දෙන්න. ඊටත් කාලෙකට පස්සෙ තමයි මම ලංකාවට ඇවිත් මගේම කියල ව්‍යාපාර ආරම්භ කරන්නේ. අදත් මගේ ළ`ග විශාල සේවක සංඛ්‍යාවක් ඉන්නව. ලැබෙන්නෙ දෙන්න කියන සංකල්පය මත තමයි මම වැඩ කරන්නෙ. ඒ නිසා ඔවුන්ට නොමිලේ නවාතැන් පහසුකම්” දිවා ආහාරය” පොලී රහිත ණය මුදල් මා විසින් ප‍්‍රදානය කරනව. අද අපි කතා කරන්න තීරණය කළ මාතෘකාව ගත්තොත් මා සතු අයිස් නිෂ්පාදනාගාරයක් දඹුල්ලෙ තිබෙනව. මොරගහකන්ද කළුග`ග ව්‍යාපෘතිය ආදී දැවැන්ත ඉදිකිරීම් සඳහා අවශ්‍ය අයිස් සපයන්නේ ඒ හරහා. දඹුල්ල පොහොරන්වැව කියන ප‍්‍රදේශයේ ඉදිකර තිබෙන ඒ කර්මාන්තශාලාවට අයත් භූමිය අක්කර 13ක් පමණ වෙනව. විශාල ඉඩකින් යුක්ත ඒ භූමිය රන්ගිරි දඹුලූ රජමහා විහාරයට අයත් බදු ඉඩමක්. ව්‍යාපාරය කරගෙන යන අතරේ 1994 විතර මම ඒ ඉඩමෙ නළ ළිං හදල ජනතාවට අවශ්‍ය පානීය ජලය නොමිලේ ලබාදෙනවා. ඔහොම ඉන්න අතරේ තමයි” මම තීරණය කරන්නෙ කවදහරි දවසක මම නැතත් රටට ප‍්‍රයෝජනවත් ව්‍යාපෘතියක් ආරම්භ කරන්න ඕන කියල.

ඒ අනුව සශ‍්‍රීක පසක් සහිත අක්කර 13ක භූමිය හරිත පැහැයෙන් බැබළවීම පිණිස කටයුතු කරන චිත‍්‍රා බොතේජු මහත්මිය එහි තේක්ක වගාවක් ආරම්භ කරන අතර අමතර බෝග ලෙස එහි අඹ” කජු” පොල් ආදිය වගා කිරීමට කටයුතු කර ඇත. ඒ සඳහා ඇයගේ කාර්ය මණ්ඩලයේද සහාය හිමි වන අතර සියල්ලන්ගේ එකමුතුවෙන් සිදු කරන ලද එම දැවැන්ත ව්‍යාපෘතිය හරහා ඇය විසින් අපේක්‍ෂා කර සිටින්නේ සුළුවශයෙන් හෝ ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීමට යම් හෝ දායකත්වයක් ලබාදීමය. මේ වන විටද එම තේක්ක වගාවේ නඩත්තු කටයුතු පිිණිස වාර්ෂිකව විශාල මුදලක් වැය කරන ඇය ඒ සියලූ කටයුතු සඳහා යොමු වන්නේ පෞද්ගලික ලාබ අපේක්‍ෂාවන්ගෙන් තොරවය.

වත්තල හුණුපිටියේ ඇයට අයත් අයිස් කර්මාන්තශාලාවක් පිහිටි භූමියට යාබදව ඇය සතු පර්චස් 44ක භූමියක තවත් තේක්ක වගාවක් පවත්වාගෙන යන චිත‍්‍රා බොතේජු මහත්මිය එම භූමියෙන් කොටසක් වත්තල ශ‍්‍රී විජයසුන්දරාරාමයට පූජා කරනු ලබන්නේ සැදැහැවත් බෞද්ධයන්ගේ වන්දනාමාන පිණිස බුදු පිළිමක් ඉදිකිරීම පිණිසය. වසර 10ක් තිස්සේ සිය පෞද්ගලික ධනයෙන් නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදී” විවිධ ආගමික ශාසනික සේවාවන් පිණිස කළ හැකි සෑම උපකාරයක්ම සිදු කිරීම චිත‍්‍රා බොතේජු මහත්මිය සතු තවත් සුවිශේෂී ලක්‍ෂණයන්ය.

එම සමාජ සත්කාරයන් පිණිස ඇය වෙත ප‍්‍රදානය කර ඇති සම්මාන සහතික ආදිය බොහෝය. තම ජීවිතයේ අමරණීය සිහිවටන ලෙස සලකමින් එවැනි දේ සුරක්‍ෂිතව රැක ගැනීමට ඇය විසින් කටයුතු කරන අතර ඇය නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින්නේ අනගාරික ධර්මපාල චින්තනය අනුව යමින් රට දැය සමය න`ගාසිටුවීම පිණිස දිවි හිමියෙන් කටයුතු කිරීමය. ජාතියේ උනන්තිය පිණිස කාන්තා සහභාගිත්වය වැඩි වශයෙන් අවශ්‍ය මොහොතක පටු දේශාපාලන” ආර්ථික අභිලාෂයන්ගෙන් තොරව පෙරමුණ ගත් ලක් වනිතාවන් අතර චිත‍්‍රා බොතේජු මහත්මිය ආදර්ශ සම්පන්න චරිතයක් බවට පත් වන්නේ ඉහත සඳහන් කාරණා හේතුවෙන්ය.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles