Divaina - අමෘතාවත නම් වූ බුත්සරණ ශාස්ත‍්‍රීය සංස්කරණය

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 book
 
 සජන්ති බෝපිටිය
 අංශ ප‍්‍රධාන/ප‍්‍රකාශන හා ග‍්‍රන්ථ සංවර්ධන අංශය
 ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලය
 
 
ලෝකයේ බොහෝ රටවල පැරණි සම්භාව්‍ය කෘති නැවත නැවත මුද්‍රණය කරමින්, සංස්කරණය කරමින් සමකාලීන සමාජ පරිසරයට ගැලපෙන ආකාරයෙන් ප‍්‍රකාශයට පත් කරනු ලබන්නේ ඔවුන්ගේ ශිෂ්ටාචාරය සභ්‍යත්වය, සංස්කෘතිය හා හර පද්ධතීන් දීර්ඝ කාලයක් පුරා මිනිසුන්ගේ හදවත් තුළ සංරක්ෂණය කර තබා ගැනීම උදෙසාය. නිදසුන් ලෙස බයිබලය එදා සිට අද දක්වාම විවිධ යුග ගණනාවකට ගැලපෙන පරිදි රැගෙන එනු ලබන්නේ එහි ඇති ඵෙතිහාසික වටිනාකම නිසාවෙනි.
 
 ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලය ආරාධනය පරිදි බුත්සරණ ග‍්‍රන්ථය සංස්කරණය කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය සමාමානනීය මහාචාර්ය රෝහිණී පරණවිතාන, මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර, ආචාර්ය පේ‍්‍රමසිරි නාගසිංහ යන ප‍්‍රාමාණිකයන් මෙම භාරදූර කර්තව්‍යයෙහි ශාස්ත‍්‍රීය සංස්කරණය උදෙසා උරදුන් පිරිස අතර ප‍්‍රමුඛස්ථානයක් ගනී. ඒ සඳහා ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් ලබා ගන්නා ලද පුස්කොළ පොත් පිටපත් 05ක් සහ මුද්‍රිත සංස්කරණ 04ක් උපයෝගි කර ගෙන තිබේ. මධ්‍යම පළාතේ හඟුරන්කෙත පොල්ගුල් විහාරය, දකුණු පළාතේ කිරින්ද පුහුල්වැල්ලේ පූර්වාරාමය, බස්නාරිර පළාතේ අලූත්ගම කන්ද විහාරයේ පුස්කොළ පොත, දකුණු පළාතේ ඕවාහිරි රජමහා විහාරයට අයත් පුස්කොළ පොත ඇතුළු පොත් හා පූජ්‍ය ලබුගම ලංකා නන්ද හිමියන්ගේ සංස්කරණය ඇතුළු තවත් සංස්කරණ කීපයක් පරිහරණය කරමින් මෙම ශාස්ත‍්‍රීය සංස්කරණය සකසා තිබේ.
 
 බුත්සරණ ග‍්‍රන්ථය රචනා වූ කාලය පිළිබඳ කිසිදු තොරතුරක් ග‍්‍රන්ථය ජනගත කිරීමෙන් සොයා ගත නොහැකි වූවත් එහි බුද්ධ චරිතය හා සම්බන්ධ කතා තෝරාගත් ආකාරයෙන් හා ඒවා ඉදිරිපත් කර ඇති ආකාරයෙන් බුදුන්වහන්සේගේ දේවාතිදේව බ‍්‍රහ්මාදිබ‍්‍රහ්ම බව පාඨක ජනතාවට පැහැදිලි කිරීම කතුවරයාගේ ප‍්‍රධාන පරමාරථය වී තිබේ. කතුවරයාගේ මෙම භාෂා ශෛලිය බුත්සරණ ග‍්‍රන්ථය පොළොන්නරු යුගයේදී රචනා වී ඇති බව පෙනී යයි. බුදුන්වහන්සේ පුරිසධම්ම සාරථී ගුණ පැහැදිළි කරමින් ලියවුන තවත් කෘතියක් ලෙස ගුරුළුගෝමීන් විසින් රචනා කරන ලද අමාවතුර හැඳින්විය හැකිය. බුත්සරණ සහ අමාවතුර යන කෘතීන් දෙකම කතුවරුන් විසින් රචනා කර තිබෙන්නේ බුදුරජානන් වහන්සේගේ පූජනීයත්වය හා අසහාය බව පැහැදිලි කර දිය යුතුව පැවති සමාජ තත්ත්වයකදී බව මෙම කෘති දෙකම ආසන්න කාලසීමාවන්හිදී ලියවැි ඇති බව් පෙනේ.
 
 විද්‍යාචක‍්‍රවතින් විසින් පාඨක ජනතාවට පහසුවෙන් තේරුම් කරගත හැකි වන ලෙස සංස්කෘත මිශ‍්‍ර සිංහල භාෂාව භාවිත කර තිබේ. පොළොන්නරු යුගයට අයත් ශිලාලේඛනවල දක්නට ලැබෙන්නේද සංස්කෘත තත්සම පද බහුල මිශ‍්‍ර සිංහල බසකි. චෝල පාලන සමය තුළ හින්දු ආගම ඉතා ප‍්‍රබල ලෙස ව්‍යාප්ත වීම නිසා මෙරට ජනයාගේ සිත් සතන් තුළට පිවිසි අබෞද්ධ දේවවාදි සංකල්පන් තුරන් කිරීමට බුත්සරණ කතුවරයා විසින් සිය අඛ්‍යාන රටාව භාවිත කර තිබේ. වර්ෂ 1017 දී ශ‍්‍රි ලංකාවේ දේශපාලන බලය අත්පත් කරගත් චෝල රාජ වංශකයින් වසර 50කට අධික කාලයන් තුළ සිය ආධිපත්‍ය පතුරවමින් රටේ සුරක්ෂිත හා ආගමික ජීවිතය ඔවුන්ට වුවමනා ආකාරයට හසුරවා ගැනීමට සමත් වූවා.
 
 බුද්ධ ශාසනය විනාශ කිරීම සහා කි‍්‍රයා කළ ඔවුන් විශේෂයෙන් හින්දු ආගම ව්‍යාප්ත කිරිමට හින්දු දෙවිවරුන් වෙනුවෙන් දේවාල ඉදිකිරීමට විෂ්ණු, ශිව, ගනේෂ, ස්කන්ධ වැනි දෙව්වරුන් වන්දනා කිරීමට සිංහල බෞද්ධ ජනතාව පෙළඹවීම මඟින් අනුරාධපුර යුගයන්හිදී හින්දු ආගම සහ බෞද්ධාගම මිශ‍්‍ර වීමක් සිදුවිය. මේනිසාම අමාවතුර ලියූ ගුරුළුගෝමීන්ද බුත්සරණ ලියු විද්‍යාචක‍්‍රවර්තී බුදුන්ගේ උතුම් බව, හුවා දැක්වීම සඳහා බුද්ධ චරිතය හා සම්බන්ධ කතා උපයෝගි කරගනිමින් ග‍්‍රන්ථ රචනා කිරීම සිදුවිය. විද්‍යා චක‍්‍රවර්තීන් විසින් බුත්සරණ රචනා කරනු ලැබුවේ බුදු සිරිත පිළිබඳව බොහෝ අසා පුරුදු ජන සමාජයකටය. මෙකල ජනයා බෞද්ධ ජනගත කිරීමට, ඇසීමට දැනගැනීමට දැඩි රුචියක් දැක්වීය. කතුවරයාණන් වහන්සේ බුදුන්වහන්සේ පූර්ව ජන්ම කතා රාශීයක් පිළිබඳ සඳහන් කරන අතර බුදුන්ගේ උතුම් ගුණ ස්ථීරසාර ලෙස ජනයාගේ සිත් තුළ ස්ථානගත කිරීමට උත්සුක වී තිබේ.
 
 නව අරහාදී බුදුගුණ අතරින් එක් ගුණයක් පමණක් තෝරාගෙන එය විස්තර කිරිමට අවශ්‍ය කරන සමහර ඉදිරිපත් කිරීම බුත්සරණ ක’තුවරයාගේ අභිප`‍්‍රාය නොවේ. උන්වහන්සේ සෑම විටම බුදු ගුණයක්ම සඳහන් කරමින් එවැනි වූ බුදුන් සරණ යාමක් පිළිබඳ ශ‍්‍රද්ධ සම්පන්න සිතුවිලි සිත් තුළ ඇති කිරිම අරමුණු කර ගෙන තිබේ. එසේම කාව්‍ය ව්‍යවහාරයන්ද ලෝක ව්‍යවහාරයන්ද එකතු කර ගත් උපමා රාශියක් මගින් බුදුන් වහන්සේගේ අප‍්‍රමාන වූ ගූණ පැහැදිළි කරමින් සැකසුණු මිශ‍්‍ර කතා කතුවරයානන් වහන්සේ උචිතානුචිත විවේක බුද්ධියෙන් හා සෞන්ධර්යාත්මක චිත්තන රටාවෙන් පැහැදිළි කරයි.
 
 විද්‍යාචක‍්‍රවර්තින් බුත්සරණ සොළොස් පරිචඡේදයක් සේ රචනා කර ඇති අතර එයින් ප‍්‍ර‍්‍රථම පරිචඡේදයේ ප‍්‍රථම කාණ්ඩය සරණාගමනයෙහි ඵල දක්වනු සඳහා ද ඉතිරි එකුන්් තිස් ෙඡ්ද ’සෝ භගවා’ යන්න සිතෙහි තබා ගෙන විමානවත්ථු, පේතවත්ථු, ධම්මපදට්ඨකතා, ජාතකට්ඨ කථාආදිය ඇසුරු කරමින් බුදුන් වහන්සේ කෙරෙහි සත්පුරුෂයන් තුළ ශ‍්‍රද්ධ ජනනයට සුදුසු තැන් ගෙන බුද්ධ චරිතය වර්ණනා කරනු සඳහාද, දෙවැනි පරිචඡේදයේ සිට පිළිවෙලින් අරහං, සම්මා සම්බුද්ධ යනාදි වශයෙන් නවඅරහාදී බුදුගූණ වර්ණනාවන් දක්වා තිබේනුද දැකිය හැකිය .
 
 මේ සියලූ කරුණු අතර විච්‍යාචක‍්‍රවර්තී බුත්සරණ රචනා කිරීමේදී භාවිත කිරීමේ දී කථික ශෛලිය හා රචනෝපක‍්‍රම භාෂාවද ඇතුළු සියලූ අංශ එම අභිප‍්‍රායට අනුකූල ලෙස සකස් වී ඇති බව මනාව පැහැදිලි වේ. තවදුරටත් සහෘදයන් තුළ බැතිබර හැගුම් වර්ධනය කිරීම සඳහා විද්‍යාචක‍්‍රවර්ති විසින් බලවත් වූ යක්ෂයන් මිනීමරුවන් තීර්ථිකයින් ජටිලයින් නාගයන් ඇතුන් ආදීන් උන්වහන්සේ තේජස හමුවේ ශාන්ත ස්වභාවයට පත්වන ආකාරය පිළිබඳ විස්තර කර දක්වා තිබේ.
 
 පාලි මූලාශ‍්‍රයෙන්ද අමාවතුරෙද සඳහන් වන ආකාරයට විද්‍යාචක‍්‍රවර්ති විසින් අංගුලිමාල කතාව ඉදිරිපත් කිරීමේදී අහිංසකගේ උපත, ගුරු පූජාව ආදි සිද්ධින් පිළිවෙලින් විස්තර නොකරයි. නමුත් බුදුන්ගේ ගුණ මහිමය හමුවේ අංගුලිමාල දමනය වන ආකාරය පමණක් ඉදිරිපත් කරණු ලබන්නේ බුදුන් වහන්සේ හමුවීමට පෙර සහ පසුව එම චරිතය තුළ ඇති වෙනස සහෘදයන් අඳ බැඳ තබාගන්නා සේ විස්තර කරමිනි.
 
 ර්‍ණතවද දහසක් ඇගිලි කපා ගුරු පූජා කෙරෙමි මඟට බැස යමයාගේ දළ සේ භයංකර වූ කඩුවක් ගෙන වාත වේගයෙන් දිව මිනිසුන් මරා ....” යනාදි ලෙස බුදුන් හමුවීමට පෙරත් ර්‍ණඒ මිහිරි රුව ඇස හෙත්ම ඒ මිහිරි හඩ කන හෙත්ම”දකූණතින් ගත් කඩුව බිම වැටී ගෙන බැව් නොදැන වමතින්.... ලෙස බුදුන් හමුව හා බුදුන් කෙරේ බැතිමත්ව සම්පූණයෙන් වෙනස් වූ නිවුණු පුද්ගලයකු බවට පත් වූ ආකාරය මැනවින් විස්තර කර ඇත.
 
 තවද බුත්සරණෙහි එන නාලාගිරි දමනය පිළිබඳ කතාවද සුවිශේෂී වූවකි. නාලාගිරි හස්තියාට රා පොවා දරුණු තත්ත්වයකට පත් කොට බුදුරජානන්වහන්සේ ඉදිරියට එවීමත් ඒ අවස්ථාවේ හස්තියා බුදුන් අබියස සන්සුන් වූ ආකාරයත් පිළිබඳ විද්‍යාචක‍්‍රවර්තින් භාවිත කළ රචනා ශෛලිය කතුවරයාගේද ග‍්‍රන්ථයේද අනන්‍යතාවයට හේතු වී තිබේ.
 
 ග‍්‍රන්ථාව අවසානයේ දැක්වෙන වෙස්සන්තර ජාතකය මඟින් බෝසතුන් දාන පාරමිතාව සම්පූර්ණ කළ ආකාරය පැහැදිලි කෙරේ. වෙස්සන්තර රජතුමා මන්ත‍්‍රීදේවිය හා දරුවන් අතර පවත්නා සම්බන්ධයන් දරුවන් රැගෙන යාමට පැමිණෙන ජූජක බමුණා හා ඔහුගේ තරුණ භාර්යාව සඳහා ඇතිවන ගැටලූවත් විස්තර කිරීමේදී සිය සමාජ ව්‍යවහාරය පිළිබඳ ඇති අවබෝධයත්, ඒ ඒ චරිතවලටත් ගැලපෙන ලෙස ගැමි කටවහර පමණක් නොව ඔවුන්ගේ සිත් සතත් ක‍්‍රියා කරන ආකාරයත් මනාව ගලපා විස්තර කොට තිබේ.
 
 බුදුන්ගේ ගුණ ඔසවා තැබීමේදී භාවිත ජනයා විස්මයප‍්‍රාප්ත කිරීමට පෙළඹුන අවස්ථා බුත්සරණයේ නොයෙක් තැන දැක්වේ. එහි ඇති රචනා ශෛලින්ගේ සුවිශේෂී බව නිසාම පශ්චාත් කාලීන ග‍්‍රන්ථ කර්තෘවරුන් විසින් සියලූ ග‍්‍රන්ථ පෝෂණය කිරිම සඳහා ආභාෂය ලබා ගෙන ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මේසා අගනා වටිනා සාහිත්‍යමය පසුබිමක් ඇති බුත්සරණ කෘතිය එහි ඵෙතිහාසික පසුබිම ද නිවැරදිව දක්වමින් දීර්ඝ කාලයක් පුරා විශාල පරිශ‍්‍රමයක් යොදමින් සංස්කරණය කරන්නට පෙළඹී කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයටත් ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ සම්භාව්‍ය කෘති මුද්‍රණයෙන් ප‍්‍රකාශයට පත් කරන ව්‍යාපෘතියටත් වර්තමාන හා අනාගත සාහිත්‍යයට ලැදි සහෘද ජනයාගේ පැසසුමට ලක් වනු නොඅනුමානය.


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles