Divaina - කැලිෆෝනියා අධිකරණ චෝදනා ගෝඨාභය ප‍්‍රතික්‍ෂේප කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali


 
 
 කීර්ති වර්ණකුලසූරිය
 
gotaයුද හමුදා බුද්ධි සේවාවට සම්බන්ධ ටි‍්‍රපොලි හමුදා අනුඛණ්ඩය ලවා මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කළ බවට කැලිෆෝනියා අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ සියලූ චෝදනා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රතික්‍ෂේප කර ඇත.
 
 මෙම නඩුවේ දක්වා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධයක් පැවැති බවයි.2005 සිට 2018 ජනවාරි දක්වා පැවැති මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ ප‍්‍රධාන මෙහෙයුම් තුනක් දියත් වූ අතර ඊට ද්‍රවිඩ බෙදුම්වාදය විනාශකර දැමීමේ මෙහෙයුම ද අයත් බව නඩු ගොනුවේ සඳහන් කර ඇත.
 
 හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පවරා ඇති මෙම නඩුවේ සිවිල් යුද්ධය නිසා ද්‍රවිඩයන් 40,000 ක් මියගිය බවට ද දක්වා ඇත.
 
 එම නඩු ගොනුවේ කිසිදු තැනක කොටි සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් ලෙස හඳුන්වා නැත.
 
 ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහි නඩුවේ ප‍්‍රතිචාර දැක්වීම සඳහා අපේ‍්‍රල් 29 වැනිදා තෙක් කල් දී ඇත.
 
 දස වසරකට පසු පවරා ඇති මේ නඩුව නිෂ්ප‍්‍රභ කිරීම සඳහා රාජපක්‍ෂ මහතාගේ නීතිවේදීන් ක‍්‍රියාකරන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
 
 මේ අතර මෙම නඩුව ගොනු කිරීමට මුල් වූ සැන් ෆ‍්‍රැන්සිස්කෝ නුවර යුක්තිය හා වගවීම පිළිබඳ මධ්‍යස්ථානයේ උපදේශක ලෙස කටයුතු කරන්නේ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මිත් සුකාගේ නීතිවේදී කාලස් ක‍්‍රැස්මෙන්තා බව හෙළි වී ඇත.
 
 හිටපු හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව බ‍්‍රසීල අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේ කාලස් ක‍්‍රැස්මෙන්තාය.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles