The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Upahara Divaina 365x90

UPali


 
 
 අනුර බාලසූරිය
 
ආණ්ඩුවට එරෙහිව පුළුල් සන්ධානයක් ගොඩනැඟීම සඳහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව තුළ සිටින දේශපාලන පක්‍ෂ කිහිපයක් සමග ද සාකච්ඡුා පවත්වමින් සිටින බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.මෙම දේශපාලන පක්‍ෂවලට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්‍ෂ හා සංවිධාන කිහිපයක් සමගද සාකච්ඡුා පවත්වා තිබෙන බවද හෙතෙම පැවසීය.
 
 ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අතර මේ වන විට පැවැත්වෙන සාකච්ඡුාවලට අමතරව මෙම දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡුා කෙරෙනු ඇත.
 
 පුළුල් සන්ධානයක් ගොඩනැඟීම පිළිබඳව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අතර මේ වන විට සාකච්ඡුා වට තුනක් පැවැත්වී තිබෙන අතර මීළඟ සාකච්ඡුාව මැයි 9 වැනිදා පැවැත්වීමට දෙපාර්ශවය තීරණය කර තිබේ.
 
 මෙම සාකච්ඡුාවේදී එකඟ වූ ප‍්‍රතිපත්තිමය කාරණා 25 එම පක්‍ෂ දෙකේ නායකයන්ගේ හා පක්‍ෂ මධ්‍යම කාරක සභාවලත් ප‍්‍රධාන පක්‍ෂ දෙක නියෝජනය කරන අනෙකුත් පක්‍ෂවලත් අනුමැතියට ඉදිරිපත් කර ඒ අනුමැතිය මත ඉදිරි සාකච්ඡුා පැවැත්වෙන බව පක්‍ෂ දෙකෙහි නියෝජිතයෝ පැවසූහ.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

pu250

නවලිය

hema250

දියග

sar250

මීවිත

rohananew250iiiii

More Articles