The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Upahara Divaina 365x90

UPali


 
 
 රනිල් ධර්මසේන
 
බංකොළොත් වීමට ආසන්න ව්‍යාපාර හෝ සමාගම් රජයට පවරාගෙන යළි කළමනාකරණය කර දියුණු කිරීමට පනවා ඇති සියලූ නීති අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.මේ අනුව පසුගිය ආණ්ඩුව සමයේ සම්පාදනය කරන ලද 2011 අංක 43 දරන ඌන කි‍්‍රයාකාරී ව්‍යාපෘතින් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අවලංගු කෙරේ.
 
 මෙම නීතිය මගින් මෙරට බංකොළොත් වීමට ආසන්න ආයතන හෝ අකී‍්‍රය තත්ත්වයට පත්වෙමින් යන වත්කම් රජයට පවරාගෙන ඒවා විධිමත් ලෙස කළමනාකරණය, පරිපාලනය හෝ පුනරුදය සඳහා විධිවිධාන සැලසීමටත් ඒවාට අදාළ වන්දි ගෙවීමටත් අවශ්‍ය විධිවිධාන සලසා තිබිණි.
 
 මෙම පනත ආයෝජකයන් තුළ අවිනිශ්චිතභාවයක් ඇතිකරන අතරම රටෙහි ව්‍යාපාර කිරීමේ පහසුව කෙරෙහි අහිතකර අන්දමින් බලපාන බැවින් එය අහෝසි කරන බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 මෙම නීති අවලංගු කිරීමට සකස් කර ඇති පනත් කෙටුම්පතට ඇමැති මණ්ඩලයේ ද අනුමැතිය හිමිව ඇති අතර එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

pu250

නවලිය

hema250

දියග

sar250

මීවිත

rohananew250iiiii

More Articles