Divaina - සිංහල අලූත් අවුරුදු චාරිත‍්‍ර

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

පරණ අවුරුද්ද සඳහා ස්නානය
 
අපේ‍්‍රල් මස 13 වැනි සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ‍්‍ර නානු ගා ස්නානය කර ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
 
 අලූත් අවුරුදු උදාව
 
 අපේ‍්‍රල් මස 14 වැනි ඉරිදා අපරභාග 02.09 ට සිංහල අලූත් අවුරුද්ද උදා වෙයි.
 
 පුණ්‍ය කාලය
 
 අපේ‍්‍රල් මස 14 වැනි ඉරිදා පූර්වභාග 7.45 සිට එදින අපරභාග 8.33 දක්වා පුණ්‍ය කාලය බැවින් අපේ‍්‍රල් මස 14 වැනි ඉරිදා පූර්වභාග 7.45ට පළමුව ආහාරපාන ගෙන සියලූ වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අපේ‍්‍රල් මස 14 වැනි ඉරිදා අපරභාග 02.09 සිට අපරභාග 8.33 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදි නැකැත් චාරිත‍්‍ර විධි ඉටුකිරීම මැනවි.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles