Divaina - හඬ පටවල කට්ටිය ළඟදීම අත්අඩංගුවට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 
 
 හේමන්ත රන්දුණු
 
පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පටිගත කර ගන්නා ලද බව කියන ජංගම දුරකථන හඬපට ඔස්සේ අපරාධ චෝදනා එල්ලවී ඇති රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලූ පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කරමින් සිටියි.
 
 රන්ජන් රාමනායක මහතා සන්තකයේ තිබී සොයාගත් හඬ පට එක්ලක්ෂ විසිදහසකට අධික ප‍්‍රමාණය වෙන වෙනම ශ‍්‍රවණය කර අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් හඳුනා ගැනීමේ කටයුතු ඉදිරියේදී ක‍්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
 
 මෙම හඬ පට ඔස්සේ විනිසුරුවන්ට, දේශපාලනඥයන්ට උසස් පොලිස් නිලධාරීන්ට සහ තවත් විශාල පිරිසකට මේ වනවිට අපරාධ චෝදනා එල්ලවෙමින් තිබෙන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.
 
 පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසන්නේ මෙම හඬ පට සම්බන්ධ විමර්ශනය ඉතාම ක‍්‍රමවත්ව නීතියේ රාමුව තුළ ක‍්‍රියාත්මක වන බවයි.
 
 මේ සම්බන්ධයෙන් කිසිවකුටත් චෝදනා එල්ල කළ නොහැකි ආකාරයට වරදකරුවන්ට දඬුවම් ලබාදීමට පියවර ගනිමින් සිටින බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියා සිටියි.


විශේෂාංග

sikuru

සිනමා කලා

samini250

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles