Divaina - දේශපාලන පලිගැනීම් සහ ඊටීඅයි ගනුදෙනු සොයන්න ජනපති කොමිෂන් දෙකක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 
 
 උපාලි ද සේරම්
 
2015 ජනවාරි 08 වැනිදා සිට 2019 නොවැම්බර් 16 දක්වා සිදු වූ දේශපාලන පළිගැනීම් සහ ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ සිදුවූ ගනුදෙනු සම්බන්ධව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් විශේෂ ජනාධිපති කොමිසම් දෙකක් පත්කර ඇත.
 
 ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (10 දා) මධ්‍යම රාත‍්‍රියේ නිකුත් කිරීමට රජයේ මුද්‍රණාලය වෙත යොමුකර තිබිණි.
 
 ඒ අනුව පොලිස් අපරාධ මූල්‍ය කොට්ඨාසය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් මෙම කාලයේදී විමර්ශනය කළ සිද්ධීන් පිළිබඳව දේශපාලන පළිගැනීම් විමර්ශනය සඳහා වූ ජනාධිපති කොමිසම මගින් සොයා බලනු ඇත.
 
 ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ මුදල් තැන්පත් කළ පුද්ගලයන්ගේ මුදල් සම්බන්ධව සොයා බැලීමට ඊ.ටී.අයි. මූල්‍ය ආයතනය පිළිබඳ ජනාධිපති කොමිසම මගින් සොයා බලනු ඇත.
 
 දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ලෙස විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කටයුතු කරන අතර සාමාජිකයන් ලෙස විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්‍ද්‍රසිරි ජයතිලක සහ හිටපු පොලිස්පතිවරයකු වන චන්‍ද්‍රා ප‍්‍රනාන්දු යන මහත්වරු කටයුතු කරති.
 
 ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ ගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපති ලෙස විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. පී. චිත‍්‍රසිරි මහතා කටයුතු කරයි.
 
 සෙසු සාමාජිකයන් ලෙස විශ‍්‍රාමික සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් සහ විශ‍්‍රාමික බැංකුකරුවකු වන ඞී. එම්. ගුණසේකර යන මහත්වරු කටයුතු කරති.


විශේෂාංග

sikuru

සිනමා කලා

samini250

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles