Divaina - මහ මැතිවරණයේදී ආණ්ඩුවට තුනෙන් දෙකක බලය ගන්න ශ‍්‍රීලනිපයෙන් වැඩපිළිවෙළක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 


 
 අරුණ බෝගහවත්ත
 
ඉදිරි මහ මැතිවරණයේදී ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් ලබා දීම සඳහා පුළුල් දේශපාලන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇත.
 
 ඒ සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුන තුළදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවත්, එහිදී විවිධ කොන්දේසිවලින් තොරව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබාගත් ජයග‍්‍රහණය තවදුරටත් පුළුල් කරමින් එතුමාට තුනෙන් දෙකක බලයක් ලබා දීම සඳහා එම වැඩපිළිවෙළ සකස් කරන බව ද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා පැවැසීය.
 
 මේ වන විටත් මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් පක්‍ෂ ආසන සංවිධායකවරුන් ඇතුළු ක‍්‍රියාකාරීන් පක්‍ෂ මූලස්ථානයට කැඳවා මූලික වටයේ සාකච්ඡාවක් පැවැත්වූ බව පැවසූ වීරකුමාර මහතා ඉදිරි මැතිවරණයේදී සෑම ජන කොටසකගේ ම සහයෝගය ලබා ගැනීම සහ ඒ සඳහා සංවිධායකවරුන් ක‍්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමට හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡා පවත්වන බව ද කීවේය.


විශේෂාංග

sikuru

සිනමා කලා

samini250

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles