Divaina - ණය නොගෙවීම නිසා ලංවිමට ඉන්ධන දීම සංස්ථාව සීමා කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 
 අකිත පෙරේරා
 
විදුලිය නිපදවීමට ලංකා විදුලි බල මණ්ඩලය වෙත ඛනිජ තෙල් සංස්ථාව විසින් ලබා දෙනු ලබන ඉන්ධන ප‍්‍රමාණය සීමා කිරීමට කටයුතු කර ඇත.
 
 විදුලිය නිපදවීමට ඉන්ධන ලබා ගැනීම හේතුවෙන් රුපියල් කෝටි 830 ක ණය මුදලක් ඛණිජ තෙල් සංස්ථාවට මෙතෙක් ගෙවා නොතිබීම මත ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව විසින් සීමා කර ඇතැයි ප‍්‍රවාහන කළමනාකරණ සේවා, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ ප‍්‍රකාශකයකු දිවයින ඉරිදා සංග‍්‍රහයට පැවසීය.
 
 මේ හේතුව මත ජලාශවලින් විදුලි බලය නිපදවීම සියයට 10 කින් ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ.
 
 මෙලෙස ජලාශවලින් විදුලිය නිපදවීම වැඩි කිරීම මත ලබන මාර්තු වන විට ජලාශ හිස් වීමට ඉඩ ඇති බැවින් මාර්තු අපේ‍්‍රල් වන විට දරුණු විදුලි අර්බුදයකට මුහුණදීමට සිදු වනු ඇතැයි ද ඉහත ප‍්‍රකාශකයා සඳහන් කළේය.
 
 ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය මුදල පියවීමට ලංකා බැංකුව වෙතින් ණය මුදලක් ලබා ගන්නා ලෙස ඇමැති මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දුන්නත් විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නොමැත.
 
 ඒ සම්බන්ධව ඇමැතිවරයා විමසූ විට ලබා දුන් පිළිතුරු ද අසත්‍ය බවට අනාවරණය වී ඇත. මේ අතර මෙගාවොට් 300 ක් මිලදී ගැනීමට ද කඩිනම් අනුමැතිය හිමිව තිබේ.


විශේෂාංග

sikuru

සිනමා කලා

samini250

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles