Divaina - පාතාල නායක ඕල්කට්ගේ මාමා ඉතාලියේ ශ‍්‍රී ලාංකිකයන්ගෙන් කප්පම් ඉල්ලයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali




හේමන්ත රන්දුණු

ඉතාලියේ මිලානෝ නගරයේ සැඟවී සිටින මෙරට පාතාලයේ ප‍්‍රබලයන් පිරිසක් එරට පදිංචිව සිටින ශ‍්‍රී ලාංකිකයන්ගෙන් කප්පම් මුදල් ඉල්ලා දිගින් දිගටම තර්ජනය කිරීම නිසා ඔවුන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

මෙම පාතාල සාමාජිකයන්ගේ තර්ජනයට ලක්ව සිටින ශ‍්‍රී ලාංකිකයන් මේ සම්බන්ධයෙන් ඉතාලි පොලිසියට පැමිණිලි කිරීමට සූදානමින් සිටිති.

ශ‍්‍රී ලංකාවෙන් පලාගොස් ඉතාලියේ සැඟවී සිටින මෙරට පාතාලයේ අපරාධ කාරයන්ගෙන් දිගින් දිගටම එල්ල වන තර්ජන කප්පම් ගැනීම් පිළිබඳව ශ‍්‍රී ලංකා පොලිසිය වෙතද පැමිණිලි කර ජාත්‍යන්තර පොලිසිය හරහා මොවුන් නීතියේ රැහැනට නතු කර දීමට කටයුතු කරමින් සිටින බව ඉතාලියේ පදිංචිව සිටින ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් ‘ඉරිදා දිවයින සංග‍්‍රහය’ වෙත කියා සිටියහ.

ආරංචි මර්ග පවසන අන්දමට මෙම කප්පම් කල්ලිය මෙහෙය වනු ලබන්නේ ඉතාලියේ මිලානෝ නගරයේ වියාලේ චෙර් කෝසා ප‍්‍රදේශයේ සැඟවී සිටින මෙරට පාතාලයේ නායකයකුව සිටි ඕල්කොට් නමැත්තාගේ මාමා යැයි කියා ගන්නා පුද්ගලයකු විසින්ය.

මෙම කප්පම් කල්ලිය මෙරට පාතාලයට සම්බන්ධ විසි දෙනෙකු පමණ සම්බන්ධ වී සිටිති. මොවුන් ඉතාලියේ හරිහමන් රැකියාවක් නොකරන අතර එරට පදිංචි ශ‍්‍රීලාංකිකයන් භීතියටපත් කර ඔවුන්ගෙන් කප්පම් මුදල් ලබා ගැනීම එකම ආදායම් මාර්ගය කරගෙන සිටින බවද වාර්තා වෙයි.

මිලානෝ නගරයේ පිහිටි මෙරට භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටින විහාරස්ථානවලින් පවා මෙම සංවිධානාත්මක කල්ලිය කප්පම් මුදල් ලබාගෙන තිබූ බව අනාවරණය වී ඇත.

මිලානෝ නගරයේ රැකියා කරන තරුණයන් රැකියා නිමවී යද්දී ඔවුන් බලහත්කාරයෙන් රැගෙන ගොස් ක්‍රෙඩිට්කාඞ්වලින් මුදල් ලබාගෙන එම මුදල් කොල්ල කෑමේ අවස්ථා රැසක් වාර්තා වී තිබේ.

මේ අතර මෙම කප්පම් කල්ලිය මෙහෙය වන ඕල්කට් නැමැති පාතාල නායකයාගේ මාමා යැයි කියා ගන්නා පුද්ගලයා මිලානෝ නගරයේ පිහිටි විහාරස්ථානයකතඤ ප‍්‍රධාන දායකයා වීමටද බලහත්කාරයෙන් උත්සහ දරමින් සිටින බව එරට පදිංචි ශ‍්‍රීලාංකිකයන් පවසයි.


විශේෂාංග

sikuru

සිනමා කලා

samini250

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles