Divaina - ලොව පුරා එච්අයිවී රෝගීන් මිලියන 37 ක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 
 
  ඒමන්ති මාරඹේ
 
ලෝක ඒඞ්ස් දිනය අදට (01 දා) යෙදී තිබේ. මෙවර ඒඞ්ස් දිනයේ තේමාව ‘‘එච්අයිවී/ඒඞ්ස් වසංගතය නිමා කිරීම - ප‍්‍රජාවෙන් ප‍්‍රජාවට’’ යන්නයි.
 
 2018 වසර අවසන් වන විට ලොව පුරා එච්අයිවී/ඒඞ්ස් රෝගීන් මිලියන 37.9 ක් දෙනා වාර්තා වී තිබූ අතර ඔවුන්ගෙන් මිලියන 36.2 ක් දෙනා වැඩිහිටියන්ය. වයස අවුරුදු 15 ට අඩු මිලියන 1.7 ක් පමණ දෙනා ද 2018 වසර අවසන් වන විට එච්.අයි.වී/ඒඞ්ස් ආසාධිතයින් බවට පත්ව සිටියහ.
 
 2018 වසරේදී අලූතින් එච්අයිවී/ඒඞ්ස් වෛරසය ශරීරගතවූවන් මිලියන 1.7 ක් දෙනා ලොව පුරා රටවලින් වාර්තා වී තිබිණි. එච්.අයි.වී ආසාධිතයින්ගෙන් සියයට 79 ක් 2018 වසර වන විට සූතිකාගාර සඳහා යොමු වී සිටියහ.
 
 පැතිරීම අඩු වෛයිරසය ශරීර ගතවූවන් 1656 දෙනෙකු මේ වනවිට සිය රෝග තත්ත්වය සඳහා ප‍්‍රතිකාර ලබමින් සිටින බව ජාතික ලිංගාශ‍්‍රිත රෝග/ඒඞ්ස් මර්දන වැඩසටහන පවසයි.
 
 මෙම එච්අයිවී ආසාධිතයන්ගෙන් 1574 දෙනෙකු ඒඞ්ස් රෝගය සඳහා වන ‘ඒආර්ටී’ ප‍්‍රතිකාරය ලබා ගැනීම ආරම්භ කර ඇති බව එම වැඩසටහන කියයි.
 
 වසර 2011 සිට මෙරටින් වාර්තා වන වයස අවුරුදු 15 ට අඩු එච්අයිවී ආසාධිතයන්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන බව වාර්තා වී තිබේ. එමෙන්ම මවගෙන් දරුවාට එච්අයිවී වෛරසය සම්පේ‍්‍රෂණය වීම තුරන් කිරීමට ද ශ‍්‍රී ලංකාව මේ වන විට සමත්ව තිබේ.


විශේෂාංග

sikuru

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles