Divaina - ජනපති ජගත් අධිකරණයට ගෙන යන්න කොටි ඩයස්පෝරාව යළිත් සැරසෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 
 
 කීර්ති වර්ණකුලසූරිය
 
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ස්විස්ටර්ලන්තයේ හේග් නුවර අන්තර් ජාතික අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීම සඳහා කොටි ඩයස්පෝරාව රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වාගේ සහාය ලබා ගැනීමට සැලසුම් කරන බව අනාවරණය වී ඇත.
 
 ඒ සඳහා කොටි ඩයස්පෝරාවේ මෙහෙයවීම මත බි‍්‍රතාන්‍යයේ ද්‍රවිඩ නීතිවේදී සමාගමක නීතිවේදීන් දෙදෙනෙක් ස්විස්ටර්ලන්තයට ගොස් නිශාන්ත සිල්වා හමුවීමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.
 
 තරුණයන් 11 ක් අතුරුදන්වීම, මාධ්‍යවේදීන් වන ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම, කිත් නොයාර්ට සහ උපාලි තෙන්නකෝන්ට පහරදීම, රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය යන සිද්ධීන් විමර්ශනය කළ නිශාන්ත සිල්වා ස්විස්ටර්ලන්තයට පැමිණීම අපට ලැබුණු ලොකුම වාසිය යැයි මෙම කොටි ඩයස්පෝරාවේ සාමාජිකයෝ ප‍්‍රකාශ කර ඇත.
 
 කොටි ඩයස්පෝරාව ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නඩුවක් ගොනු කිරීමට ගනු ලබන උත්සාහය අසාර්ථක වී ඇත්තේ කිසිදු සාක්කිකරුවකු සොයා ගැනීමට නොහැකි වීම නිසාය.
 
 මේ අතර ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ද පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා සාක්ෂිකරුවකු ලෙස යොදා ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.
 
 රහස් පොලිස් නිලධාරී නිශාන්ත සිල්වා සහ පවුලේ සාමාජිකයෝ ස්විට්සර්ලන්තයේ සුරිච් හි සංක‍්‍රමණික නිවසක වාසය කරති.


විශේෂාංග

sikuru

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles