Divaina - ජනපතිවරණ අවසන් රැලි 13 දා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

 

chanda


රනිල් ධර්මසේන, අකිත පෙරේරා, සිරිමන්ත රත්නසේකර
 
හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට පත්වන ජනාධිපතිවරණය අවසන් අදියරට පැමිණීමත් සමග අපේක්‍ෂකයන්ගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය ද උණුසුම් මට්ටමට පැමිණ තිබේ.
 
 ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු ලබන බදාදා (13 දා) මධ්‍යම රාති‍්‍ර 12.00 ට අවසන් වීමට නියමිතය.
 
 ඒ අනුව ප‍්‍රධාන අපේක්‍ෂකයන් වන ගෝඨාභය රාජපක්‍ෂ හා සජිත් පේ‍්‍රමදාස මහත්වරුන් ඉදිරි දින 03 දී තම ප‍්‍රචාරක රැලි හා සහාය දක්වන පක්‍ෂවල රැස්වීම් රට පුරා සංවිධානය කර ඇත. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරි දින තුනේදී ජනරැලි 13 ක් ඇමතීමට නියමිත අතර ඉන් අවසන් දිනයේදී තිස්සමහාරාමය, මාතර, ගාල්ල, කළුතර, හෝමාගම රැලි පවත්වා අවසන් රැලිය කැස්බෑව ප‍්‍රදේශයේදී පැවැත්වීමට නියමිතය.
 
 සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරි දින තුනේදී ජනරැලි 18 ක් ඇමතීමට නියමිතය. අවසන් දිනයේදී මොනරාගල, හම්බන්තොට, වැලිගම, ගාල්ල, කළුතර, මොරටුව රැලි පවත්වා අවසන් රැලිය මැද කොළඹදී පවත්වනු ලබයි.
 
 එමෙන්ම ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා අවසන් දින තුනේදී ජනරැලි 10 ක් ඇමතීමට නියමිතය. ඒ මහතාගේ අවසන් ජන රැලිය මහරගමදී පැවැත්වෙයි.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles