Divaina - බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවට බාලගිරි දෝෂයක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 
 
 කුෂාන් සුබසිංහ
 
ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව ජාත්‍යන්තර ගණකාධිකාරි ආයතනයක් මගින් සිදු කරන ලද වෝහාරික විගණන වාර්තාව මහ බැංකුව තවමත් නිකුත් කර නොමැත.
 
 එකී වාර්තාව මහ බැංකුව මගින් නිකුත් නොකර රඳවාගෙන සිටින්නේ මන්ද යන්න ප‍්‍රශ්නයක් බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 එකී බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව වෝහාරික විගණනයක් කරන ලෙස විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව අදාළ විගණනය ජාත්‍යන්තර පිළිගත් සමාගමක් යටතේ සිදු කෙරිණි.
 
 විගණන කටයුතු අවසානයේ අදාළ ජාත්‍යන්තර සමාගම විසින් එම වාර්තාව මීට දින කිහිපයකට ඉහතදී මහ බැංකුව වෙත ලබාදී ඇත.
 
 එම වාර්තාව වහා නිකුත් කරන ලෙස මුදල් අමාත්‍යාංශය මට්ටමින් ද මහ බැංකුවෙන් ඉල්ලීමක් කර ඇත.
 
 එහෙත් මෙතෙක් එම වාර්තාව නිකුත් නොකිරීම බරපතළ ප‍්‍රශ්නයක් බව අදාළ ඇමැතිවරයා තවදුරටත් පැවසීය.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles