Divaina - අවම ප‍්‍රතිශතයවත් ගන්න බැරි පක්‍ෂ ගැන තීරණයක් ගන්න - පැෆරල්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 


 පේෂලා වඩුගේ, මනුල්කා රත්නායක
 
මෙතෙක් පැවති මැතිවරණවලදී සියයට එකකට (1%) වඩා ඡුන්ද ප‍්‍රතිශතයක් ලබාගැනීමට අපොහොසත් වූ දේශපාලන පක්‍ෂවලට සහ අපේක්‍ෂකයන්ට ඉදිරි මැතිවරණවලට තරග කිරීම සඳහා ඉඩ ලබා නොදෙන ලෙස මැතිවරණ කොමිසමට යෝජනා කරන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
 
 තම සංවිධානය මෙම යෝජනාව කරන්නේ මහජනතාවගේ මුදල් අවභාවිතා වීම වැළැක්වීමේ අරමුණෙන් බවත් ඒ මහතා සඳහන් කළේය.
 
 මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් හා පක්‍ෂ වෙනුවෙන් මහජන මුදල් වැය කිරීමට සිදුවන බවත් මෙලෙස අවම ඡුන්ද ප‍්‍රතිශතයක් හෝ ලබා ගැනීමට නොහැකි පක්‍ෂ සහ අපේක්‍ෂකයන් වෙනුවෙන් මහජන මුදල් වැය කිරීම අපරාධයක් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles