කීර්ති වර්ණකුලසූරිය
ජනාධිපතිවරණ සමයේ රජයේ දේශපාලකයකුගේ මැදිහත්වීමෙන් ගුවන් හමුදාවේ ඇන්ටනෝව් යානා 3 ක් ඩොලර් මිලියන 5.5 ක වියදමින් අලූත්වැඩියා කිරීමේ ගිවිසුමක් යුක්රේනය සමග අත්සන් කිරීමට ලහි ලහියේ කටයුතු යොදාගෙන ඇත. ආරංචිමාර්ග දක්වන්නේ යුක්රේන රජය සමග ඍජුව මෙම ගිවිසුම අත්සන් කළ හැකිව තිබියදී දේශපාලකයා ප්රමුඛ අතරමැදියන් තිදෙනකු ඊට මැදිහත් වී ඇති බවයි.
අතරමැදියන් මෙම ගිවිසුමට මැදිහත් වී ඇත්තේ විශාල කොමිස් මුදලක් ලබාගැනීමට බවද හෙළි වී ඇත. ගුවන් හමුදා ආරංචි මාර්ග දක්වන්නේ ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ බිරියකගේ සොහොයුරකු ද ගිවිසුමේ අතරමැදියකු ලෙස කි‍්‍රයාකරන බවයි.
ජනාධිපතිවරණ සමයේ මෙම ගිවිසුම අත්සන් කිරීම නීති විරෝධී බවත් ගිවිසුම අත්සන් කිරීම සඳහා යුක්රේනයේ ඇන්ටනෝව් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෙරටට පැමිණ ඇති බවත් වාර්තා වේ.