Divaina - පොදුජන සන්ධානයේ නිලතල ජනපතිවරණයෙන් පසු

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 
 
 අරුණ බෝගහවත්ත
 
ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සම සභාපතිත්වය ඇතුළු සියලූ නිලතල ජනාධිපතිවරණයෙන් පසු නම්කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 ජනාධිපතිවරණයෙන් පසු එළඹෙන මහ මැතිවරණය, පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තරග කිරීමට දේශපාලන පක්‍ෂ 17 ක් සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් කළ බවත් එහි ප‍්‍රථම පියවර ලෙස සන්ධානගත වූ සියලූ පක්‍ෂවල සහයෝගය ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති කරවීමට ලබාදෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
 
 ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සම සභාපතිවරුන් ලෙස වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් යෝජනා කර ඇති අතර සන්ධානයේ ලාංඡනය ලෙස පුටුව ලකුණ නම්කිරීමටද මේ වන විට සියලූ පක්‍ෂ එක`ගතාවට පැමිණ ඇති බවද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
 
 නව සන්ධානයේ සියලූ තනතුරු සන්ධානගතවූ සියලූ පක්‍ෂ නියෝජනය වන පරිදි ලබාදීමටත් එම තනතුරු ජනාධිපතිවරණයෙන් පසු නම් කිරීමටත් අදාළ පක්‍ෂ නායකයන් එක`ගතාවට පැමිණි බවද මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles