Divaina - උතුරේ ජනතාව ද්‍රවිඩ සන්ධානයට පිටුපාති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 
 සමන් ගමගේ
 
දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන න්‍යාය පත‍්‍රය මේ වන විට උතුරේ සාමාන්‍ය දෙමළ ජනතාව අතරේ දැඩි ලෙස ප‍්‍රතික්ෂේප වී තිබේ.
 
 දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයන් කොටි හිතවාදී විදේශගත දෙමළ ඩයස්පෝරාවේ හා විජාතික වුවමනාවන් අනුව බෙදුම්වාදයට මුල්තැන දෙමින් උතුරේ සාමාන්‍ය ජනතාවගේ ගැටලූ අමතක කර ක‍්‍රියාකිරීම මෙම තත්ත්වයට ප‍්‍රධාන හේතුව වී ඇත.
 
 උතුරේ සාමාන්‍ය දෙමළ ජනතාව පවසා සිටින්නේ කුලීන වූ රාජකීය දේශපාලනයක නිරතව සිටින දෙමළ ජාතික සන්ධානය කුලය මත පදනම්ව උතුරේ සාමාන්‍ය දෙමළ ජනතාවගේ ගැටලූ විසඳීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවකි.
 
 යුද හමුදාව සතුව තිබූ උතුරේ ඉඩම් අක්කර එකොළොස් දහසක ප‍්‍රමාණයෙන් මේ වන විට අක්කර නව දහසක් පමණ මුදාහැර ඇතත් එම ඉඩම් අතරින් තමන්ට හිමි කොටසේ නිවසක් තනා ගත නොහැකිව අසරණ වූ විශාල පිරිසක් අද උතුරේ සිටින බවද ඔවුහු පෙන්වා දෙති.
 
 දරිද්‍රතාවය, ජලය නොමැති වීම සහ නිසි පරිදි වැසිකිළි පහසුකම් නොමැති වීම ආදී ලෙසින් ජන ජීවිතය පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය වූ බොහෝ දේ අද උතුරේ සාමාන්‍ය දෙමළ ජනතාවට අහිමිව තිබියදී දෙමළ ජාතික සන්ධානය ඉඩම් බලතළ, පොලිස් බලතළ වැනි නොවැදගත් බෙදුම්වාදී අදහස් සමග රජය හා ගැටෙමින් සිය රාජකීය දේශපාලනය කරගෙන යන බවද උතුරේ දෙමළ වැසියෝ පෙන්වා දෙති.


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles