Divaina - විදුහල්පති විශිෂ්ට සම්මානයෙන් පිදුම් ලැබු ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

akila499
 
 ලෝක ගුරු දිනයට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙහෙයවූ ‘‘ගුරු විදුහල්පති ප‍්‍රතිභා ප‍්‍රභා - 2019’’ සම්මාන ප‍්‍රදාන උළෙලේදී මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය සුමේධා ජයවීර මහත්මිය කොළඹ දිස්ති‍්‍රක්කයේ ප‍්‍රථම ස්ථානය ලබමින් ජාතික මට්ටමේ විදුහල්පති විශිෂ්ට සම්මානයෙන් පිදුම් ලැබුවාය. මෙම උළෙල පසුගිය 4 දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ මහතා, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවසම් මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී ඉතා අභිමානවත් අයුරින් පැවැත්විණි. මෙම ජාතික මට්ටමේ විදුහල්පති සම්මානය ලැබීමට සලකා බැලූ නිර්ණායක වනුයේ, පාසල, අධ්‍යාපන, විනය හා භෞතික සම්පත් යන සෑම අංශයකින්ම විශිෂ්ටත්වයට පත්කිරීමයි.
 
 ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය ශී‍්‍ර ලාංකීය පාසල් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සූර්ය බලශක්තියෙන් කටයුතු කරන ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම හරිත පාසල බවට පත්වේ. එය ශාන්ත පාවුළු ප‍්‍රජාවට ඉමහත් ආඩම්බරයකි, ගෞරවයකි. වර්තමාන විදුහල්පතිනිය වසර 5 ක් පුරා පාසල මෙකී විශිෂ්ටත්වයට ගෙන ඒමට කළ කැපවීම හා ඇය පැමිණි දුෂ්කර ගමන් මඟ පිළිබඳ අපට ඇත්තේ අභිමානයකි. ඔබතුමියට චිරං ජයතු.


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles