Divaina - ආගමික උත්සවවලදී පූජ්‍ය පක්‍ෂයට මැතිවරණ ප‍්‍රචාරක වැඩ තහනම් - මැකොගෙන් උපදෙස්

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 
 රනිල් ධර්මසේන
 
ආගමික ස්ථානවල පවත්වන පුද පූජාවලදී පූජ්‍ය පූජක පක්‍ෂ විසින් ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ට වාසි අත්වන හෝ අගතියට පත්වන ප‍්‍රකාශ නිකුත් කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවැසීය.
 
 බෝධි පූජා, දැනමය පිංකම්වලදී පවත්වන දේශනා, ධර්ම දේශනා, පොහෝ දින ධර්ම දේශනා, ඉරිදා දින ක‍්‍රිස්තියානි දේව මෙහෙයෙන්, මුස්ලිම් දේවස්ථාන සිකුරාදා දේවමෙහෙයන්, කෝවිල් පුද පූජාවලදී කිසිදු අපේක්‍ෂකයකු හෝ ඉලක්ක කර ප‍්‍රකාශයන් නිකුත් කිරීම තහනම් බවද ඒ මහතා සඳහන් කළේය.
 
 එවැනි ස්ථානවල ජනතාව හමුවේ ආගමික නායකයන් කරන ප‍්‍රකාශ අයුතු බලපෑම් සිදු කිරීම යටතේ නඩු පැවරිය හැකි බව ද එවැනි කරුණකට වරදකරු වුවහොත් ප‍්‍රජා අයිතිය අහිමි වීමකට ලක් විය හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles