Divaina - ඉදිරි මැතිවරණවලදී ශ‍්‍රීලනිප අපේක්‍ෂකයන් නම් කරන හැටි තීරණය කරයි

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 


 අරුණ බෝගහවත්ත
 
ජනාධිපතිවරණයෙන් පසු පවත්වන සෑම මැතිවරණයකදීම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය 2018 පළාත් පාලන මැතිවරණයේ ලබාගත් ඡුන්ද පදනම මත ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ අපේක්‍ෂක ලැයිස්තුව සකස් කිරීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ එකඟතාවට පැමිණ ඇත.
 
 ඒ අනුව ජනාධිපතිවරණයෙන් පසු පවත්වනු ලබන මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණවලදී ප‍්‍රමාණාත්මක හා සාධාරණ නියෝජනයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ලබාදීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව එකඟතාවට පැමිණි බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයකු ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවැසීය.
 
 ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවන නව රජයෙහි තනතුරු ලබාදීමේදී සෑම අංශයක්ම නියෝජනය වන පරිදි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජිතයන් නම් කිරීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟතාව පළ කර ඇති බවත්, ඒ අනුව ප‍්‍රාදේශීය සහ දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවලට ද නියෝජිතයන් නම්කිරීමේ බලය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපතිවරයාට බලය පවරා ඇති බවත් එම මන්තී‍්‍රවරයා සඳහන් කළේය.
 
 රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරන පක්‍ෂ දෙකේම වෘත්තීය සමිති නියෝජිත ගැටලූ විසඳීම සහ උසස්වීම් ලබාදීමේදී අමාත්‍යවරුන්, මහ ලේකම්වරුන් හා වෘත්තීය සමිති නායකයන් නියෝජනය වන පරිදි වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමටත්, ගිවිසුම හරහා දෙපාර්ශ්වය එකඟතාවට පැමිණි බව ද එම මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles