Divaina - ගෝඨාගේ සහායට ශ‍්‍රීලනිපයෙනුත් රට පුරා රැස්වීම්

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

gota


 අරුණ බෝගහවත්ත
 
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයද රට පුරා රැස්වීම් මාලාවක් මේ වන විට ආරම්භ කර ඇති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහන ලක්‍ෂමන් පියදාස මහතා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ට පැවැසීය.
 
 ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජාතික මැතිවරණ මෙහෙයුම් කමිටුවට හා රැස්වීම් මාලාවට අමතරව මෙම රැස්වීම් මාලාව ආරම්භ කළ බවද වැඩබලන සභාපතිවරයා සඳහන් කළේය.
 
 ඒ අනුව දිස්ත‍්‍රික් මට්ටමින් හා ආසන මට්ටමින් හා ග‍්‍රාමීය මට්ටමින් එම රැස්වීම් මාලාව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන්ගේ සහ ආසන සංවිධායකවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට උපදෙස් ලබාදී ඇති බවද වැඩබලන සභාපතිවරයා කීවේය.
 
 ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඒකාබද්ධව පවත්වනු ලබන සෑම ජනහමුවක් සඳහාම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් සහභාගි වෙමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය සඳහා පක්‍ෂය වෙනුවෙන් ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබාදීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවද ශ‍්‍රී. ල. නි. ප. වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles