Divaina - බි‍්‍රතාන්‍යයේ ඉපදුනු ශ‍්‍රී ලාංකික තරුණයා පිහි පහරින් මරුට - ලන්ඩන් සටහන්

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

 සුජීව නිවුන්හැල්ල
 
  බි‍්‍රතාන්‍යයේ ඉපදුනු ශ‍්‍රී ලාංකික තරුණයකු වූ විසි හැවිරිදි ටෂාන් ඩැනියෙල් ලන්ඩනයේ ”හිලින්ඩන්” උමං දුම්රිය ස්ථානයේදී පිහි පහරකට ලක්වීමෙන් මිය ගියේය. ටෂාන් තම විසිවැනි උපන් දිනය සමරා තිබුණේ සැප්තැම්බර් 22දාය. උපන් දින තෑග්ගක් වශයෙන් ඔහුගේ ප‍්‍රියතම පාපන්දු කණ්ඩායම වන ”ආසනල්” පාපන්දු කණ්ඩායමේ තරගයක් නැරඹීමට ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගෙන තිබුණි. ”ආසනල්” සහ ”නොටිංහැම් ෆොරස්ට්” කණ්ඩායම් දෙක අතර පැවති තරගය නැරඹීමට යෑම සඳහා තවත් මිතුරෙකු සමග පසුගිය අඟහරුවාදා දුම්රිය ස්ථානයට ගොස් තිබේ. එහිදී තවත් තරුණයෙකු ඔහුට පිහියෙන් ඇන ඇත්තේ කිසිම වරදක් නොකරය. දුම්රිය ස්ථානයට පැමිණි පරිපූරක වෛද්‍ය නිලධාරීන් (ච්ර්පැාසජි) ටෂාන් ගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කළද, අධික ලෙස ලේ වහනය වීම නිසා ඔහු මිය ගොස් තිබුණි.
 
 
dedටෂාන්ගේ නිවස පිහිටා තිබුණේ දුම්රිය ස්ථානයට නුදුරිණි. මෙම පහරදීම දැනගත් වහාම ටෂාන්ගේ මවත් පියාත් දුම්රිය
 ස්ථානයට දුව ගොස් තිබේ. ඒ යනවිටත් ඔහු මිය ගොසිණි. ඔහුගේ පියා චන්දිම කියා සිටියේ මෙම සිද්ධිය නිසා මුළු පවුලම කඩා වැටී ඇති බවයි. ටෂාන් ගේ මවද එකම සොහොයුරියද හැඬූ කඳුළෙනි. එදින ටෂාන් දිවා ආහාරය ගෙන ඇත්තේ තම මව සමගය. උදේ වරුවේ ඔහුගේ සීයා බැලීමට ද ගොස් තිබේ. ගෙදරින් පිටවීමට පෙර පියාගේ ඔළුව අතගා, මුහුණට හාදුවක් දී ඇත. ඒ
ඔහු අවසන් වරට නිවසින් පිටවූ අවස්ථාවයි.
 
 ”ආසනල්” ක‍්‍රීඩා සමාජයද, ”හිලින්ඩන්” ප‍්‍රදේශයේ මන්ත‍්‍රීවරයා වන අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද ටෂාන්ගේ පවුලට ශෝක පණිවුඩ එවා තිබේ. මිනීමරුවා තවමත් නිදැල්ලේය. ඔහු නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පොලිසිය මහජනයාගේ පිහිට පතයි.
 
 ගී මන්දාව
 
 ප‍්‍රවීණ ගායන ශිල්පී සෝමතිලක ජයමහ, ශෂිකා නිසංසලා සහ රවීන් කණිෂ්ක සහභාගි වන සංගීත ප‍්‍රසංගයක් ඔක්තෝබර් 13 වන ඉරිදා ලන්ඩනයේ වට්ෆර්ඞ්හි ”කොලෝසියම්” ශාලාවේදි පැවැත්වීමට නියමිතය. මෙම ප‍්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ සුරේෂ් මාලියද්දය. සන්ථව කලා කවය මගින් ඉදිරිපත් කරනු ලබන මෙම ප‍්‍රසංගයෙන් ලැබෙන මුදල් කොළඹ ලේඩි රිජ්වේ ආරෝග්‍ය ශාලාවට පරිත්‍යාග කෙරේ.


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles