Divaina - කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදිකිරීම කිසිවකුටත් පවරා නැහැ...විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 


 
 එරික් ගාමිණී ජිනප‍්‍රිය
 
කෙරවලපිටියේ මෙගා වොට් 300 ක නව විදුලි බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය මේ දක්වා මහජන උපයෝගිතා කොමිසම විසින් ජී. සී. එල්. චයිනා සමාගමට ලබාදී නොමැති බවත්, ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව කියන්නේ නම් එම ටෙන්ඩරය ලක්දනවි සමාගම වෙත ලබාදීමට කටයුතු කළ හැකි බවත් විදුලිබල, පුනර්ජනනීය බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා එම කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් පැවසීය.
 
 ගල්අ`ගුරු බලාගාරයක් වෙනුවට, එල්. එම්. ජී. බලාගාරයක් ඉදිකළ යුතු බවට වූ සැලසුම 2015 සැප්තැම්බර් මස 16 වැනි දින අනුමත වී ඇත. ඒ සඳහා ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇත්තේ 2016 ජුනි මස 6 වැනිදාය. ටෙන්ඩර්කරුවන් 6 දෙනකු අතරින් එය ලක්දනවි සමාගමට ලබාදීමට 2018 අපේ‍්‍රල් 03 වැනිදා තාක්‍ෂණික ඇගයීම් කමිටුව තීරණය කළත්, ප‍්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය හරහා එම ටෙන්ඩරය ජී. සී. එල්. චයිනා සමාගම වෙත ලබාදීමට තීරණය කර ඇති බවට ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත. නීති විරෝධී ආකාරයට බූම් ක‍්‍රමය යටතේ එම ටෙන්ඩරය ලබාදීම පිළිබඳව අදහස් දක්වමින් ලේකම් සුරේන් බටගොඩ මහතා ප‍්‍රකාශ කර සිටියේ, තමන් ඒ ආකාරයට කටයුතු නොකළේ නම් තමාට එරෙහිව කටයුතු කරන්නේ ජී. සී. එල්. චයිනා සමාගම බවය.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles