Divaina - විශේෂ කැබිනට් රැස්වීම කැඳවූයේ ජනපති - අගමැති පවසයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 
 
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉකුත් 19 වැනිදා විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.
 
 එක්සත් ජාතික පක්‍ෂය තුළ මේ පිළිබඳව සාකච්ඡා කර නොතිබූ නිසා කැබිනට් මණ්ඩලය තුළ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට තමා ද ඊට එකඟතාවය පළ කළ බවද අගමැතිවරයා සඳහන් කළේය.
 
 ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය කැඳවීමට පෙර තමා අමාත්‍ය මණ්ඩලය කැඳවා ඒ පිළිබඳව සාකච්ඡා කළ ද විවිධ අදහස් මතුවූ නිසා එකඟතාවයක් පිළිබඳව සඳහන් කළ නොහැකි බව ජනාධිපතිවරයාට දැනුම් දුන් බවද අගමැතිවරයා පැවසීය.
 
 මේ පිළිබඳව තීරණයකට පැමිණිය යුත්තේ එක් එක් පක්‍ෂ බවත් කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ සහයෝගය නොමැතිව ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කරගත නොහැකි බව තමා ප‍්‍රකාශ කළ බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
 අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පැවසුවේ පෙරේදා (20 වැනිදා) පස්යාල කල්එළිය දන්සැල්වත්ත දොන් ස්ටීවන් විiාලයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles