Divaina - පොහොට්ටුව අතහැරියොත් ගෝඨාට ශ‍්‍රීලනිපයේ සහය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 

gota
 
 අරුණ බෝගහවත්ත
 
ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පුටුව හෝ වෙනත් පොදු ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහයෝගය ලබා දෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයකු පැවැසීය.
 
 ඒ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම`ග පැවැති සාකච්ඡුාවකදී ඔහුට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපති කමක්ද ලබාදී පොහොට්ටුව ලකුණ වෙනුවට වෙනත් ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ඉල්ලීමක් කළ බවද එම මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
 
 හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාව අගමැති ලෙස පත් කළ මොහොතේ දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡුාවේදී ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ ලෙස සන්ධානයක් ගොඩ නැගීමටත් එම සන්ධානයේ ලාංඡුනය ලෙස පොදු ලකුණක් යෙදීමටත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ මහින්ද රාජපක්‍ෂ යන මහත්වරු පක්‍ෂ නායක රැස්වීමේදී එක`ගතාවට පැමිණි බවද එම ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
 
 පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට වඩා වැඩි ඡුන්ද ප‍්‍රමාණයක් උතුරු නැගෙනහිර පළාත්වලට අත ලකුණින් තරග කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හිමිවූ බව කී එම මන්ත‍්‍රීවරයා එම ඡුන්ද ප‍්‍රමාණය ජනාධිපතිවරයකු බිහි කිරීමට අත්‍යවශ්‍ය බවද කීවේය.
 
 මේ අනුව ජනාධිපති අපේක්‍ෂකයකු බිහි කිරීමේ තීරකබලය ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බවත් පවතින දේශපාලන වාතාවරණය තේරුම් ගෙන පොහොට්ටු ලකුණ හැර වෙනත් ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ නම් අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජය ගැනීමට හැකි බවද එම ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles