Divaina - ගෝඨාගේ රට හදන සැලැස්ම අද එළිදකී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 


 කීර්ති වර්ණකුලසූරිය
 
ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (8දා) රට හදන සැලැස්ම සහ එය බලගැන්වීම මැයෙන් සිය වැඩපිළිවෙළ ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.
 
 කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ පැවැත්වෙන වියත්මග මහා සමුළුවේදී මේ සැලැස්ම ජනතාව හමුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
 
 මෙම රට හදන සැලැස්මට ජාතික ආරක්‍ෂාව අධ්‍යාපන සහ ව්‍යාපාරික යන ක්‍ෂේත‍්‍රයන්ට අදාළ කරුණු ඇතුළත්වේ.
 
 මෙම වියත්මග සමුළුව අද (08දා) සවස 3 ට ආරම්භ වේ. මෙහිදී ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් මොහාන් විජේවික‍්‍රම, රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු කරුණු දක්වනු ඇත.
 
 මෙම විද්වත් සමුළුව හමුවේදී රටේ ඉදිරිගමන සකස් විය යුතු අයුරු ගැන විද්වතුන් කීප දෙනෙක් ද දේශන පවත්වති.


විශේෂාංග

sikuru

සිනමා කලා

utern450i

නවලිය

otara250

දියග

jbdis

මීවිත

gamya250

More Articles