Divaina - පෙරටුගාමී ජනාධිපති අපේක්‍ෂකයා හෙට නම් කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 
 
 ලසිත දුමින්ද
 
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය විසින් ‘යුක්තිගරුක සමාජයක් - සමාජවාදි අපේක්‍ෂකයෙක්’ මැයෙන් ජනාධිපති අපේක්‍ෂකයා හෙට (09 වැනිදා) ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.
 
 කොළඹ නව නගර ශාලාවේ හෙට පස්වරු 3 ට පැවැත්වෙන උත්සවයේදී පක්‍ෂයේ අපේක්‍ෂකයා රටට ඉදිරිපත් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 මෙයට සමගාමීව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක විසින් රට ගොඩන`ගන ප‍්‍රතිපත්ති වැඩපිළිවෙළෙහි කෙටුම්පතක් ද ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.
 
 වමේ දේශපාලන වැඩපිළිවෙළක් සහිත දේශපාලන විකල්පයේ ප‍්‍රකාශකයා සහ අපේක්‍ෂකයා ඒක පුද්ගල විකල්පයක් නොවන බවත්, ජනතාවගේ අයිතිවාසිකම්, ආර්ථික සමානාත්මතාව, මානව නිදහස, සහෝදරත්වය ආරක්‍ෂා කරන වැඩපිළිවෙළක් සහිත අපේක්‍ෂකයෙක් මෙසේ රටට ඉදිරිපත් කරන බවද පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles