Divaina - ගෝඨාභය ඇල්ලීමේ සාකච්ඡුා ඇරැඹේ

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 gota
සමන් ගමගේ
 
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන සිරගත කිරීම සඳහා රජයේ ඉහළම නිල නිවසක් තුළදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනකු සහ ආණ්ඩුවේ ඉහළම දේශපාලනඥයන් තිදෙනකු අතර රහස් සාකච්ඡුාවක් පවත්වා තිබේ.
 
 මෙහිදී මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඞීන් ඝාතනය හෝ ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සිද්ධිය ආදී වශයෙන් පසුගිය කාලයේ විමර්ශන සිදු කළ එක් සිද්ධියකට හෝ ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම්බන්ධ කර අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබේදැයි දේශපාලනඥයන් තිදෙනා රහස් පොලිස් නිලධාරීන්ගෙන් විමසීමක් කර ඇත.
 
 අදාළ සිද්ධීන් අතරින් කුමකට හෝ සම්බන්ධ කර වහාම ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට පියවර ගන්නා ලෙස දේශපාලනඥයන් තිදෙනා රහස් පොලිස් නිලධාරීන් දෙදෙනාට උපදෙස් දී තිබේ.
 
 යම් ආකාරයකින් ගැටලූවක් මතුවුවහොත් අදාළ රහස් පොලිස් නිලධාරීන් දෙදෙනාට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට විදේශ රටක රැකවරණ ලබාදීමට පියවර ගන්නා බවද මෙහිදී දේශපාලනඥයන් තිදෙනා රහස් පොලිස් නිලධාරීන්ට පවසා ඇති අතර දැනටමත් ඒ සඳහා විදේශ රටවල් දෙකක් කැමැත්ත පළ කර ඇතැයිද සඳහන් කර ඇත.


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles