Divaina - පිළිකා බෙහෙත් අවුල දිගටම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 


 උපාලි ද සේරම්
 
පිළිකා රෝගීනට ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ රැසක් මේ වනවිට මහරගම පිළිකා රෝහලෙහි නැතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
 
 පියයුරු, පෙනහලූ, ගර්භාෂ සහ ලියුකේමියා වැනි බරපතළ පිළිකා රෝග සඳහා ලබාදෙන ඖෂධ වර්ග ද මේ අතර පවතින බව එම ආරංචි මාර්ග පැවසීය.
 
 ඇතැම් ඖෂධ රුපියල් පන්දහසත් දසදහසත් අතර මිලක් වන බවත් එවැනි ඖෂධ ලබා දිය යුතු රෝගීන් රැසක් සති කිහිපයක් තිස්සේ ඖෂධ නොමැතිව දැඩි දුෂ්කරතා මැද දිවි ගෙවන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.
 
 පෞද්ගලික ඖෂධ සැපයුම්කරුවන් මගින් ලබාගන්නා මෙම ඖෂධ හිඟයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ එම සමාගම් මගින් මෙතෙක් සපයා ඇති මෙම ඖෂධ සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ගෙවිය යුතු රුපියල් කෝටි තුන්සියයකට අධික මුදල් ප‍්‍රමාණය ගෙවීම පැහැර හැර තිබීම බව ද පිළිකා රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles