Divaina - පොහොට්ටුවේ මංගල මහ සමුළුව අද

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 
 
 අනුර බාලසූරිය
 
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ප‍්‍රථම ජාතික මහා සම්මේලනය අද (11 දා) පස්වරු 3.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.
 
 මෙම ජාතික මහ සමුළුවේදී හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පක්‍ෂ නායකත්වයට පත් කිරීමෙන් අනතුරුව රටම බලා සිටින ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීමත් සිදු කිරීමට නියමිතය.
 
 පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව පක්‍ෂ නායකත්වයට යෝජනා ස්ථිරත්වයෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පත්කර ගැනෙනු ඇත.
 
 ජනාධිපති අපේක්‍ෂකත්වයට හිටපු ආරක්‍ෂක ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත් කෙරෙනු ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
 
 පක්‍ෂයේ ප‍්‍රථම සම්මේලනයට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නායකයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතයන්, හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරු මෙන්ම පසුගියදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ගිවිසුම් ගත වූ දේශපාලන පක්‍ෂ නායකයන් ඇතුළු නියෝජිතයන් සහභාගි වනු ඇත.
 
 මෙයට අමතරව විපක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ද පෞද්ගලිකව ඇරයුම් කර ඇති බව පක්‍ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
 
 සම්මේලනයෙන් පසු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ, නම් කරන ජනාධිපති අපේක්‍ෂක ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිස පස්වරුවේ කැලණිය රජමහ විහාරස්ථානයේ පැවැත්වෙන බෝධි පූජා පිංකමට සහභාගි වේ. එහිදී ප‍්‍රතිඥා ලබාදීමක් ද සිදුකෙරෙනු ඇත.
 
 පසුදින (12 දා) මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ඇතුළු පිරිස අනුරාධපුර රුවන්වැලි චෛත්‍යරාජයාණන් වැඳපුදා ගැනීමට නියමිතය. එදින රාත‍්‍රියේ රුවන්වැලි සෑ රඳුන් අභියසදී මහින්ද රාජපක්‍ෂ මහතාට, ජනාධිපති අපේක්‍ෂකයාට සහ රටට සෙත් පතා මහා සංඝරත්නය විසින් ජය පිරිත් සජ්ඣායනයක් කෙරෙනු ඇත. මෙම අවස්ථාවට 1500කට අධික මහා සංඝරත්නය වැඩම කරති.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles