Divaina - කොළඹ කුණු ටොන් 2500ක් මහ මග කුණුවේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 
 ලසිත දුමින්ද
 
බැහැර කිරීමට නොහැකිවීමෙන් කසළ ටොන් දෙදහස් පන්සියයකට අධික ප‍්‍රමාණයක් කොළඹ නගර සීමාව තුළ ගොඩගැසුණුූ බව කොළඹ මහ නගර සභා ආරංචි මාර්ග ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 දෛනිකව කසළ ටොන් පන්සියයකට වැඩි ප‍්‍රමාණයක් කොළඹ නගර සභා සීමාව තුළ එක්රැස් වේ.
 
 මුතුරාජවෙල අංගනයට කසළ බැහැර කිරීම ඉකුත් 05 වැනිදා සිට නතර කිරීමත් සමග එම තත්ත්වය උද්ගත වී තිබිණි.
 
 පුත්තලම අරුවක්කාලූ අංගනයට කසළ බැහැර කිරීමට පෙරේදා (09 වැනිදා) සිට පියවර ගත් බව කොළඹ මහ නගර සභාව සඳහන් කරයි.
 
 එහිදී රථවල ගොඩගසා තිබූ කසළ පළමුව අරුවක්කාලූ අංගනයට රැගෙන යෑම සිදු කළ බවත්, ඉන් පසුව නගර සීමාව තුළ ගොඩගැසී තිබූ කසළ රැගෙන යෑම ආරම්භ කළ බවත් නගර සභා ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles