Divaina - පොහොට්ටුවේ සමුළුවට ශ‍්‍රීලනිපයෙනුත් දහයක් එති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 
 
 අරුණ බෝගහවත්ත
 
ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අද (11දා) පැවැත්වෙන පක්ෂ සම්මේලනයට තමන් ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු දහයකට ආසන්න පිරිසක් සහභාගි වීමට නියමිත බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස්. බී. දිසානායක මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කරනු ලබන ඉදිරි ජනාධිපති අපේක්ෂකයාට සහයෝගය ලබාදීමේ අරමුණ ඇතිව මෙම පිරිස සම්මේලනයට සහභාගි වන බවත් ඒ සඳහා සියලූ දෙනාට නිල ආරාධනා ලැබී ඇති බවත් දිසානායක මහතා සඳහන් කළේය.
 
 ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, සරත් අමුණුගම, දුනේෂ් ගංකන්ද ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත බව ද ඒ මහතා පැවසීය.
 
 මේ වන විට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ජෝන් සෙනෙවිරත්න, සුසිල් පේ‍්‍රමජයන්ත, චන්දිම වීරක්කොඩි, අනුර ප‍්‍රියදර්ශන යාපා, අනුරාධ ජයරත්න, සුමේදා ජයසේන, සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීහු ද සම්මේලනයට සහභාගි වෙති.


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles