Divaina - දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ සහාය එජාපයට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 
 සුජීව තත්සර
 
එක්සත් ජාතික පෙරමුණ පුළුල් කර සකසන නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණට ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ පූර්ණ සහාය ලබා දීමට දමිළ ප‍්‍රගතිශීලී සන්ධානය තීරණය කර ඇත.
 
 ජනාධිපතිවරණයේදී නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණින් ඉදිරිපත් වන අපේක්ෂකයාට සිය පක්ෂයෙන් කිසිදු බලපෑමක් නොකර සිටීමටත් ඒ පිළිබඳව තීරණයක් ගැනීමට බහුතර බලයක් ඇති එක්සත් ජාතික පෙරමුණට පැවරීමටත් එම සන්ධානය එකඟතාවයකට පැමිණ ඇත.
 
 දැවැන්ත පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයට සිය පක්ෂයේම අපේක්ෂකයකු මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන ලෙස තම පක්ෂය ඉල්ලා සිටි බව ද දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක, ඇමැති මනෝ ගනේෂන් මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට ප‍්‍රකාශ කළේය.
 
 එම ඉල්ලීමට අනුව කටයුතු සිදුවේ නම් එක්සත් ජාතික පක්ෂයට නැවත නැගී සිටීමේ හැකියාව පවතින බවත්, යෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ සකස් කිරීමට එක්සත් ජාතික පක්ෂයට තිබෙන අයිතිය අහිමි කිරීමට කිසිදු උත්සාහයක් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානය නොගන්නා බවද ඇමැති මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles