අකිත පෙරේරා
ඉදිරි ජනාධිපතිවරණය සඳහා එ.ජා.ප.යෙන් කුමන අපේක්ෂකයා ඉදිරිපත් කළ ද ඔහු අලියා ලකුණින් තරග කළ යුතු බවට පක්ෂය තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.
එක්සත් ජාතික පක්ෂයට වසර 25 ක් තිස්සේ ජනාධිපතිවරයෙක් නොමැතිව ළතැවෙන බවත් ඉන් පක්ෂය, පාක්ෂිකයා මෙන්ම රට ද අසරණ වී සිටින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
එබැවින් ඉදිරි ජනාධිපතිවරණය ජයගත හැකි නායකයෙක් එජාපයෙන් ඉදිරිපත් කරන අතර ඒ සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ පූර්ණ සහයෝගය හිමිවන බවද ඔහු කීවේය.
මීළඟ ජනාධිපතිවරණයේදී පුළුල් බලවේගයක් නිර්මාණය කරමින් එම මැතිවරණය ජයග්‍රහණය කොට රට සංවර්ධනය කරා ගෙන යෑම වේගවත් කරන බවද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
- Hits: 260