Divaina - බැ`දුම්කර වංචාවට නඩු පවරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali


 
 
 
 සමන් ගමගේ
 

මහ බැංකු බැ`දුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පුද්ගලයන් දසදෙනකුට එරෙහිව නඩු පැවරීම සදහා අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා අවසර ඉල්ලා ඇත.
 
 ඒ අනුව ලබන සතියේ හිටපු මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිසට එරෙහිව චෝදනා ගොනුකොට නඩු පැවරීමට ඉඩ තිබේ.
 
 බැ`දුම්කර වංචාව සම්බන්ධයෙන් මීට පෙර පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ පර්පෙචුවල් ටෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාස ගණනාවක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිට ඇපමත මුදා හරිනු ලැබිණි.
 
 රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඒ පිළිබ``ද විමර්ශන ආරම්භ වීමත් සම`ග සිංගප්පූරුවට පලා ගිය අතර මේ වන විට අධිකරණය මගින් ඔහුට එරෙහිව අත්අඩංගුවට ගැනීම ස`දහා වරෙන්තු කිහිපයක්ද නිකුත් කර ඇත.
 
 සිංගප්පූරුවට පලාගිය හිටපු මහ බැංකු අධිපතිවරයා යළි මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන්
 
 පසුගිය කාලයේ විවිධ පාර්ශ්ව වෙතද චෝදනා එල්ල වූ අතර එම තත්ත්වය තුළ ඔහු ඇතුළු පිරිසට එරෙහිව නඩු පැවරුනහොත් අර්ජුන් මහෙන්ද්‍රන් මහතා නොමැතිව නඩු විභාගය සිදුවනු ඇතැයි අධිකරණ ක්‍ෂේත‍්‍රයෙන් වාර්තා වේ.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles