Divaina - එහෙම ලියුමක් යැව්වත් ප‍්‍රශ්නයක් නෑ - රදගුරුතුමෝ කියති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 
 
 
 නෝමන් පලිහවඩන
 
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ට එරෙහිව මංගල සමරවීර ඇමැතිවරයා ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප්වහන්සේ වෙත යැවූ බව කියවෙන ලිපිය හේතුවෙන් කතෝලික සභාවට හෝ කාදිනල් හිමිපාණන්ට කිසිදු ප‍්‍රශ්නයක් නොවන බව කතෝලික රාජගුරු මණ්ඩලයේ කුරුණෑගල රදගුරු හැරල්ඞ් ඇන්තනි පෙරේරා හිමියෝ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට ප‍්‍රකාශ කළහ.
 
 මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ රදගුරු හිමියෝ එවැනි ලිපියක් ගැන තමන්ට වාර්තා වී නැති බවත් එමෙන්ම මංගල සමරවීර ඇමැතිවරයා කාදිනල් හිමිපාණන් හැල්ලූවට ලක් කළත් එහි සැබෑ ශී‍්‍ර ලංකාවේ සිටින වතිකානු තානාපති හිමියෝ තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන තිබෙන නිසා කාදිනල් හිමියෝ කෙසේ වෙතත් ඇමැතිවරයාගේ කි‍්‍රයාකලාපය වතිකානු නියෝජිතයාම හොඳින් දන්නා බව ද සඳහන් කළහ.
 
 මේ හැර කාදිනල් හිමියෝ පිළිබඳව මේ රටේ මුළුමහත් ජනතාව ඉතා හොඳාකාරවම පැහැදිලි විශ්වාසයකින් අවබෝධ කරගෙන තිබියදී මංගල ඇමැතිවරයා කවුදැයි කියා රටේ ජනතාවට අමුතුවෙන් හඳුන්වාදීමට අවශ්‍ය නැති බව ද රදගුරුතුමන් කීවේය.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles