Divaina - චිත‍්‍රාල් අධිකරණය ස්වාධීන කරනවාලූ...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

chithralalබොහොම ආදරයෙන් පිළිගන්නවා ''Not out with Manu'' ආර්ටිකල් එකට සියලූ දෙනාවම. මතක් කරන්න ඕනේ. මෙහෙම දෙයක් වෙන්නේ ලංකාවේ පළවැනි පාරටම ඒ තමයි ''You tube'' චැනල් එකක යන Show එකක් මේ විදියට මුද්‍රණය වෙන්නේ.
 
 කොහොම හරි කවුද අද දවසේ මගේ ආරාධිතයා
 
 ඔහු ගැන කතා කරද්දී අන්තර්ජාතික මට්ටමේ අත්දැකීම් බහුල ගායකයෙක්. සංගීතඥයෙක්. ඔහු අපට ආඩම්බරයක්. ගෞරවයක් මේ චිත‍්‍රාල් සෝමපාල. ආයුබෝවන්.
 
 ආයුබෝවන් මනු
 
 මනු - හරි අපි කතාව මේ වගේ පටන් ගමුකෝ.... දැන් කොහොමද මේ විදියට අත් දැකීම් ලබා ගන්නෙ. ඒ වගේම කවුද එහෙදී මුණ ගැහුණ ලොව ප‍්‍රකට කලාකරුවන්.
 
chithralla2 චිත‍්‍රාල් -- ඒක රසවත් කතාවක්..... ම් 1970 ගණන්වල අග තමයි ලංකාවේ Bands යුරෝප් රටවල්වලට ගන්න පටන් ගන්නේ. ඉස්සර අපි පොඩි Bands එකක් හොටෙල්වල ක්ලබ්වල Play කරනවා.
 
 දවසක් ස්විට්සර්ලන්ඞ්වල මියුසික් ඒජන්ට් කෙනෙක් එයාගේ Bag එක මිස් වෙලා ට‍්‍රාන්සිට් එනවා ලංකාවට. එයා අපේ Bands එකක් Hotel එකක Play කරනවා දැකලා ලංකාවේ Bands ගන්න පටන් ගත්තා. එතනින් තමයි අපිටත් චාන්ස් එක ආවේ.
 
 එහෙදී මට ලෝකේ ඉන්න ලොකුම ‘‘රොක්" සංගීතයේ කලාකරුවන් හම්බවෙලා තියෙනවා. වැඩ කරලා තියෙනවා. ‘‘මෙටාලිකා" ‘‘මොටර් හෙඞ්" වගේ අයත් එක්ක සපෝට් Bands එක හැටියට Play කරලා තියෙනවා.
 
 ...............................................................................
 
 පහත සඳහන් අය ඔබේ දරුවන් වුවහොත් ඔබ ඔවුන්ගේ හදන්නේ මොනවද? දෙන උපදෙස් මොකද්ද?
 
 I රංජන් රාමනායක
 
 රංජන්ට ම් මං කියනවා තැනේ හැටියට ඇණේ ගහන්න පුරුදු වෙන්න කියලා.
 
 II ඉරාජ් වීරරත්න - එයාට කියන්න තියෙන්නේ රංජන්ට කියපු දේම තමයි තැනේ හැටියට ඇණේ ගහන්න.
 
 III භාතිය සන්තුෂ් - බිස්නස් ගැන විතරක් හිතන්න එපා. සංගීතය ගැනත් හිතන්න කියලා.
 
 IV ෆිල්ටි - බරපතළ ප‍්‍රශ්නයක්..
 
chithralal5 එයාට කියනවා අනවශ්‍ය වචන යොදන්නේ නැතුව හරියට Rap එකක් කරන්න කියලා.
 
 පහත නම් සඳහන් අයගේ කාමරවලට යන්න ලැබුණොත් මොනවා තියෙයිද?
 
 I සජිත් පේ‍්‍රමදාස මහත්මා - නෝ අයිඩියා
 
 II මහින්ද රාජපක්‍ෂ මහත්මා - නෝ අයිඩියා
 
 III රනිල් වික‍්‍රමසිංහ මහත්මා - කිසිම අයිඩියා එකක් නෑ
 
 IV මෛත‍්‍රීපාල සිරිසේන මහත්මා - බරපතළ ප‍්‍රශ්නයක්.
 
 මං දන්නෙම නෑ. මං දේශපාලකයන්ගේ කාමර ගැන හිතලත් නෑ. හිතන්නෙත් නෑ.
 
 මේ අයගෙන් කෙනෙක්ව යළි ගෙන්වීමට හැකි නම් පණ දීමට හැකිනම් කාටද ඒ අවස්ථාව දෙන්නේ?
 
 I විජය කුමාරතුංග
 
 II එච්. ආර්. ජෝතිපාල
 
 III එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක
 
 IV ගාමිණී ෆොන්සේකා
 
 චිත‍්‍රාල් - ම්.... පණ දෙන්න පුළුවන් නම් ඔක්කොටම දෙනවා. එක්කෙනෙක්ට නේ...
 
 ජෝතිගේ හඬ තාම ඇහෙනවා. ඒත් ගාමිණී ගියාට පස්සේ ඒ වගේ කෙනෙක් සිනමාවට අද නෑ. මං පණ දෙන්නේ ගාමිණී ෆොන්සේකාට.
 
 මේ අයගෙන් දේශපාලනයට වඩා සුදුසු කවුරුන්ද?
 
 I කුමාර් සංගක්කාර
 
 II මුත්තයියා මුරලිදරන්
 
 III භාතිය ජයකොඩි
 
 IV ලහිරු පෙරේරා
 
 චිත‍්‍රාල් - කුමාර සංගක්කාර
 
 chithralal5ඔබ උදේ නැගිටින කොට මේ අය වෙලා හිටියොත් ඔබ මුලින්ම කරන දේ?
 
 I මෛත‍්‍රීපාල සිරිසේන ජනපතිතුමා - නැගිටලා තේ එකක් බිලා වැඩ කරනවා නිමක් නැතිව.
 
 II අගමැති රනිල් වික‍්‍රමසිංහ - ඒකම තමයි වැඩ
 
 III රූකාන්ත ගුණතිලක වුණොත් - කෙලින්ම සින්දු හදනවා
 
 IV ගීතා කුමාරසිංහ - මේකප් ටික දාගන්නවා. මං හරි ආසයි ගීතට සොඳුරු නිළියක්.
 
 මේ තුන් දෙනාගෙන් වඩාත් සාර්ථක වෘත්තිය ජීවිතය තියෙන්නේ කාටද?
 
 I උමාරියා සිංහවංශ
 
 II ලහිරු පෙරේරා
 
 III සනුක වික‍්‍රමසිංහ
 
 චිත‍්‍රාල් - මං හිතන්නේ උමාරියා
 
 ලෝකය විනාශ වෙනවා ඔබට කෙනෙක්ව බේරා ගන්න පුළුවන්. කාවද බේර ගන්නේ?
 
 I ශිහාන් මිහිරංග
 
 II භාතිය ජයකොඩි
 
 III ඉරාජ්
 
 IV සන්තුෂ්ව
 
 චිත‍්‍රාල් - කාටවත් එහෙම දෙයක් වෙන්න එපා.
 
 ම් - භාතියව ටිකක් ආශ‍්‍රය කරනවා මං භාතියව බේර ගන්නවා.
 
 ජනාධිපති වෙන්න පුළුවන් වුණොත් මොනවද කරන්නෙ?
 
 චිත‍්‍රාල් - දේශපාලකයන්ගේ රටාව මේ රටේ දූෂණය. අධිකරණය ස්වාධීන කරනවා.
 
 මේක සෑහෙන්න බොන්න ඕනේ ප‍්‍රශ්නයක්.
 
 හරි ඔන්න චිත‍්‍රාල් සෝමපාල මේ විදියට උත්තර දුන්නා. සරලව මූණ දුන්නා.
 
 චිත‍්‍රාල් එක්ක ගත කරපු මේ වෙලාව හරිම රසවත්. ස්තුති වන්ත වෙනවා. දායකත්වයට සුබ පතනවා. ඔබේ සංගීත ජීවිතය දිනෙන් දින ඉහළටම යන්න කියලා.
 
 ජය වේවා.
 
 ලබන සතියේ හමු වෙමු තවත් මෙවැනි චරිතයක් එක්ක.
 
 සබ්ස්ක‍්‍රයිබ් කරන්න මගේ You Tube චැනල් එක 'Manu''
 
 මේ සම්පූර්ණ වීඩියෝ එක බලා ගන්න පුළුවන් ජය වේවා.
 
 මම මනුරංග

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles