Divaina - ශ‍්‍රියන්තයි - කුසුම්රේණුයි ඥාති කියලා කවුරුත් දැනගෙන හිටියේ නෑ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

දෙයියන්ගේ රටේ රඟන විදූෂි
 
sriyani2 දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ රගපාමින් ලංකාවේ ප‍්‍රසිද්ධ චරිතයක් වුණ විදූෂි උත්තරා පසුකාලෙකදී දෙවෙනි ඉනිම හැරයනවා. නමුත් ඇය කලාව හැරයන්නේ නැහැ. මේ වනවිට ලංකාවේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළියන් අතරට එකතුවෙමින් ඇය බොහොම ප‍්‍රගතිශීලි ඉදිරි ගමනකට පිළිපන්ව තිබෙනවා.
 
  දෙවෙනි ඉනිමේ ජනප‍්‍රිය චරිතයක් වූ විදූෂි දැන් ඇයි දෙවෙනි ඉනිම හැරදා ගිහින් වෙන ටෙලිනාට්‍ය වල රගපාන්නේ ?
 
 ඇත්තටම මාව ක්ෂේත‍්‍රයේ වැඩිම පිරිසක් හදුනාගත්තේ දෙවෙනි ඉනිම නිසයි. නමුත් දෙවෙනි ඉනිමේ මම ටික කාලයක් රගපාද්දි මට තවත් ටෙලි නාට්‍ය වල රගපාන්න ආරාධනා ලැබුණා. එතැනදී මට මේ හැම දෙනාටම දින ලබාදීමේ ගැටළුවක් ඇතිවුණා. එතැනදී මට තීරණයක් ගන්න සිද්ධ වුණා. ඒ නිසයි මම දෙවෙනි ඉනිමේ චරිතයෙන් ඉවත් වුණේ.
 
 ඔබට ක්ෂේත‍්‍රයේ නමක් හදාගන්න උදව් වූ දෙවෙනි ඉනිම වෙනත් නිර්මාණ වෙනුවෙන් අතහැරදැමීම සාධාරණයි කියලා හිතනවාද?
 
 දීර්ඝ කාලයක් තිස්සේ එකම චරිතය රගපාලා මිනිස්සුන්ට එපා වෙනවාට වඩා විවිධ චරිත සමගින් පේ‍්‍රක්ෂකයන් අතරට යෑම හොදයි කියලා මට හිතුණා. අනික විවිධ චරිත රගපෑම තුළින් මට යමක් ඉගෙන ගන්නත් පුළුවන් වෙනවා. ඒත් මගේ මේ ගමනේ ආරම්භය දෙවෙනි ඉනිමෙන් ලැබුණා කියන ගරුත්වය හැමදාම මගේ හිතේ තියෙනවා. ඒත් එතැනම පිපිලා එතැනම පරවෙලා යන්න බැරි නිසයි මම ඒ තීරණය ගත්තේ.
 
 විදූෂි අපේ රටේ ප‍්‍රබල කලා පවුලක ඥාති දියණියක වීම ද මේ ගමනට පාර හැදුවේ?
 
 මගේ තාත්තාගේ සොයුරිය කුසුම් රේණු. ඒත් මම මේ ගමනේ ආරම්භයේදි ඒක බලපැවේ නැහැ. මම දෙවෙනි ඉනිමේ රගපාන්න යද්දි එහි අධ්‍යක්‍ෂවරයා හෝ නිෂ්පාදිකාව මම කුසුම් රේණු හා ශ‍්‍රියන්ත මෙන්ඩිස් ගේ ඥති දියණියක් කියලා දැනගෙන හිටියෙත් නැහැ.
 
 රංගනය තෝරගන්නවා කියන අදහස මුල් අවධියේ පටන් තිබූ බලාපොරොත්තුවක්ද?
 
 මම පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ස්වර්ණාභරණ නිර්මාණය ගැන පාඨමාලාවක් හදාරලා ඒ සම්බන්ධ රැකියාවක් කළා. ඒ රැකියාව කරන කාලේ මට මගේ පවුලේ අය සමග පවා පැවැති සමීප ඇසුර දුරස් වුණා. මොකද අපි රැකියා ආයතනය තුළට ඇතුළු වුණාට පස්සේ දුරකථන භාවිතය තහනම්. ගෙදර අය එක්ක කතා කරන්නවත් විදිහක් නැහැ. හවසට වෙහෙස වෙලා වැඩ ඇරිලා ගෙදර ඇවිත් ඒ වෙහෙසට නිදාගන්නවා. කාලයක් යද්දි මට මේ වෙහෙසකර බව නිසාම රැකියාව අමාරු දෙයක් වුණා. ඒ නිසා මම රැකියාව අතහැර දැමුවා. ඒත් රංගනයට එනවා කියලා අදහසක් තිබුණේ නැහැ.
 
 විදූෂිට රංගනය අහම්බයෙන් හම්බවුණේ කොහොමද?
 
 ස්වාධීන රූපවාහිනියේ විකාශනය වෙන දෙයියන්ගේ රටේ ටෙලි නාට්‍යයට අලූතින් නළු නිළියෝ තෝරනවා කියලා. ඒ සදහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයට යන්න මගේ යෙහෙළියකට ඕනෑවෙලා තිබුණා. ඒ ගමනට ඇයගේ තනි නොතනියට යන්න ඇය මට කතාකළා. එතැනට ගියාට පස්සේ පැවැත්වුණ තිර පරීක්‍ෂණයේදී මම ඇයගේ උදව්වට ඇයත් සමග රගපෑවා. පසුව මාව ඒ ටෙලි නාට්‍යයේ චරිතයකට තෝරගෙන තිබුණා.
 
 මම මුලින්ම රගපෑ පළමු ටෙළිනාට්‍ය දෙයියන්ගේ රටේ මේ ටෙලිනාට්‍ය රූගත කළාට විකාශනය වෙන්න කාලයක් ගතවුණා. ඔය අතරේ ප‍්‍රභාත් චතුරංග අයියා මා ගැන සාරංග මෙන්ඩිස් මහත්මයට පවසලා තිබුණා. සාරංග මෙනස්ඩිස් හා චාමිකා මෙන්ඩිස් දෙපළ මාව දෙවෙනි ඉනිමට තෝරගත්තා. මම දෙයියන්ගේ රටේ රගපාලා තිබුණට දෙවෙනි ඉනිම තමයි මගේ රගංනය පළමුවෙන්ම ටෙලි තිරයේ විකාශය වුණේ.
 
 රංගනය වගේම කැමරාවත් විදුෂිට හුරු පුරුදු බවකුයි අපට හැෙගන්නේ?
 
 මම රූපවාහිනී වැඩසටහන් වලට සහභාගි වෙලා තිබුණා. මම හයේ පන්තියේ ඉද්දියි මගේ පාසැල වුණ කොළඹ ගෝතමී බාලිකාවට ආපු ජාතික රූපවාහිනියේ කණ්ඩායමක් අපේ පාසැලේ ළමුන් සිය ගණනක සම්මුඛ පරීක්‍ෂණයට ලක්කරලා ඔවුනගේ අතුරු මිතුරු වැඩසටහනට තෝරගත්තා. ළමයින් දහදෙනාගෙන් කෙනෙක් වෙන්න මට අවස්ථාව ලැබුණා.
 
 රූපවාහිනියේ අතුරු මිතුරු කරපු සමයට ගියොත්?
 
 මාව ඒ වැඩසටහනට තෝරගත්ත දවසේම හවස අපිට රූපවාහිනී සංස්ථාවට එන්න කියා කිව්වා. එදා මම ඉස්කෝලෙ ඇරිලා ගෙදර ගිය ගමන්ම අම්මට මේ ගැන කියලා මට හවසට රූපවාහිනියට එන්න කිව්වා කියලා කිව්වම අම්මා තාත්තටත් මේ ගැන දන්වලා මාව රූපවාහිනියට එක්ක ගියා. අතුරු මිතුරු එකට විවිධ පාසැල් වලින් තෝරගත්ත ළමයි තිහක් විතර හිටියා. හැබැයි දවසෙන් දවස ළමයි අඩුවෙලා ගියා. අපි කිහිප දෙනෙක් තමයි ඉතුරු වුණේ. අතුරු මිතුරු එකට ගිහින් අවුරුදු දෙකකට පස්සේ මට ඒකෙම නිවේදන කටයුතුු කරන්න ලැබුණා. එදා ඉදන්ම බයක් හිතුණා. ඒත් මම මට පැවරෙන වැඩකදී බැහැ කියන පුරුද්දක් මට නැහැ. ඒ නිසා කොහොම හරි නිවේදනයත් කළා.
 
 ළමා වියේ පටන් ගත්ත මේ ගමන අඛණ්ඩ ආවානම් අද ඔබ තවත් දුර ගිහින් නේද ?
 
 මගේ තාත්තා මටයි අක්කටයි ගොඩක් ආදරෙයි. තාත්තා හැම වෙලාවකම කිව්වේ අපි දෙන්නා තාත්තගේ ඇස් මානයේම ඉන්න ඕනෑ කියලයි. ඒ නිසාම මම සාමාන්‍ය පෙළ ටියුෂන් පන්තිවලට ඇරියේ නැහැ. අමාරු විෂයක් තිබුණොත් ගෙදරට ගුරුවරයෙක් ගෙන්වලා ඉගැන්නුවා. උසස්පෙළදි නම් එක පන්තියකට ගියා. ඒ නිසා මට ඉස්කොලේ යාළුවො හැරුණම ගෙදර අය විතරයි ආශ‍්‍රය කරන්න ලැබුණේ. ඉතින් අතුරු මිතුරු වැඩසටහනට යන එක මට ගොඩක් යාළුවෝ එක්ක ඉන්න ලැබෙන අවස්ථාවක් වුණා. මම සතුටෙන් තමයි ඒ කාලේ අතුරු මිතුරු එකට ගියේ. අතුරු මිතුරු එකේ අවුරුදු හතරක් හිටියට පස්සේ තාත්තාගේ ඉල්ලීමට එයින් ඉවත් වුණා.
 
 අද වෙද්දි වෘත්තීය මට්ටමෙන් කලාවට සම්බන්ධ වීම ගැන පවුලේ අයගෙන් ලැබෙන ප‍්‍රතිචාර යහපත්ද?
 
 කොහොමටත් කලා ක්ෂේත‍්‍රය කියන්නේ අපේ ගෙදරට නුහුරු දෙයක් නෙවෙයි. මගේ නැන්දත් එක්ක තාත්තගේ වැඩ වලට ගිහින් තියෙනවා. අපි හැමෝටම කලාව අමුතු දෙයක් නෙවෙයි. අපේ ගෙදර අයියලා අක්කලා ගෙදර ඉන්න වෙලාවට අපි සින්දු කියනවා. රඟපානවා. මාව දෙයියන්ගේ රටේ ටෙලිනාට්‍යයේ චරිතයට තෝරගත්තා කියලා කෝල් එක එද්දි මම හිටියේ නැන්දලා ගේ ගෙදර නැන්දා මගෙන් ඇහුවේ ඇයි ඔයා මේක තෝරගන්නේ කියලා. ඒ වෙද්දි මම රැකියාවත් අතහැරලා සිටි නිසා මොනවත් නොකර ගෙදර ඉන්නවට වඩා මේ වගේ දෙයක් කරන එක හොදයි කියලා හිතුණා කියන එකයි මම කිව්වේ. එදා නැන්දා මේකේ තියෙන පහසුකම් වගේම අපහසුතාත් මට පහදලා දුන්නා. මම රගපාන්න යන්න තීරණය කළා කියලා තාත්තට කිව්වම තාත්තා කිව්වේ රූපගත කිරීම්වලට අම්මා එක්ක යන්න කියලයි. මම අද වෙනතුරු රූගත කිරීම වලට අම්මා නැතිව ගිහින් නැහැ.
 
 ධම්මිකා සුරංජි පතිරණ

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles