Divaina - මිසිස් ඕෂන් වර්ල්ඞ් තරගයෙන් දෙවැනි තැන දිනූ - ගිහානී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


gayani mainරංගන ශිල්පිණියක ලෙසද රූපවාහිනි නිවේදිකාව ලෙසද ඇයගේ රුව ගුණ අපට හුරුය. කලක් නිහඩව සිට දැන් ඇය අලූත් පියවරකින් කලා ලෝකයට පිවිස සිටින්නීය. එය සනිටුවහන් වූයේ මිසිස් ඕෂන් වර්ල්ඞ් 2018 -2019 තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමෙනි. ගිහානී සේවික‍්‍රම නම් ඇය සමග මේ කතාබහට නිමිති වූයේ එයයි.
 
 
මෙවැනි තරගයක් සඳහා ඉදිරිපත් වීමට හිතුණේ
 
මගේ පියා චන්ද්‍රසිරි සේවික‍්‍රම. වේදිකා සහ ටෙලි නාට්‍ය වලට සම්බන්ධයි. පුංචි කාලේ ඉඳලම කලාව හා සම්බන්ධ පරිසරයක මම ජීවත් වුණේ. ඒ නිසා අවුරුදු දහඅටක් වෙද්දි මම හඩකැවීම් ශිල්පිණියක් විදියට ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ වෙනවා. ඒත් එක්කම පුද්ගලික රූපවාහිනි නාලිකාවක වැඩසටහන් ඉදිරිපත් කිරීමටත් අවස්ථාව ලැබෙනවා. ඒ කාලය තුළ රූපලාවන්‍ය නිෂ්පාදනයක වෙළඳ තානාපතිනියක විදියටත් මම වැඩ කළා. ඉතින් මේ ඔක්කමත් එක්ක මම කොහොමත් කලාවත් එක්කමයි හිටියෙ. හැබැයි විවාහයෙන් පස්සෙ විදේශ ගතවෙලා හිටිය නිසා ඒ වැඩ වලින් ඈත් වෙන්න සිද්ධ වුණා. නැවත ලංකාවට ආවම මට වුවමනාවක් තිබුණා ආයෙත් කුමණ හෝ පැත්තකින් කලාවට සම්බන්ධ වෙන්න. මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න හිතුවේ ඒකයි.
 
gayani2 පැජන්ට් වලට තරග කිරීමේදි ඇඳුම් පැළදුම් සම්බන්ධව විවිධ ප‍්‍රශ්න මතුවෙනවා. මේ වගේ තරගයකට ඉදිරිපත් වෙනවා කීවාම විවාහක කාන්තාවක් විදියට ගෙදරින් ලැබුණ ප‍්‍රතිචාරය කොහොමද?
 
 මුලින්ම තිබුණ ප‍්‍රශ්නය තමයි පැජන්ට් වල බිකිනි ෂූට් වගේ ඇඳුම් අඳින්න වීම. ඇත්තටම මීට කලින් මම ඉදිරිපත් වීමට අදහස් කළ තරග කිහිපයක්ම ඒ නිසා මම අත් හැරියා. මොකද මම විවාහක මවක් විදියට ඒකට සූදානම් නෑ. ඒ අතර තමයි මිසිස් ඕෂන් වර්ල්ඞ් පැජන්ට් එකට මට කතා කළේ. ඒකේ තරග කොන්දේසි සියල්ල මට ප‍්‍රශ්නයක් වෙන තැනක තිබුණෙ නෑ. ඉතින් මම ගෙදරට මේ ගැන කිව්වාම කිසි විරුද්ධත්වයක් ආවේ නෑ. කොහොමත් මගේ සැමියා මම කරන්නෙ මොකක්ද කියල හොඳ අවබෝධයක් තියනවා. මොකද අපි විවාහ වෙන්නෙ අවුරුදු දොළහක් ආදරය කරල. එයා දැන් විදේශ ගතවයි ඉන්නෙ. නමුත් මට මේ තරගයට සූදානම් වෙන්න එයා ලොකු තල්ලූවක් දුන්නා.
 
 මේ වගේ තරගයකදි ජයග‍්‍රහණය කරා එන ගමනේදි අභියෝග නොතිබෙන්න විදියක් නෑ?
 
 මෙහෙමයි අපි හිතන් ඉන්න විදිය නෙමෙයි ෆීල්ඞ් එකේ තියෙන්නෙ. දැන් ඉස්සරටත් වඩා ගොඩක් වෙනස් වෙලා. කැපිලි කෙටිලි ඉරිසියාකාරකම් නම් හරියට තියනවා. කොහොමත් හැම ක්‍ෂේත‍්‍රයක්ම දැන් වෙනස් වෙලානේ. ඒවයේ කටයුතු කරන මිනිස්සුන්ගෙ ගති සොබාව අනුව තමා ඒ ඒ ක්‍ෂේත‍්‍ර වලට වටිනාකම් හිමිවෙන්නෙ. බොහොම බාධක ඉවසා දරාගෙන තමා මේ ජයග‍්‍රහණය කරා එන ගමන ආවේ.
 
gayani3 බාධක මැද්දෙ කොහොමද මනස හදාගත්තෙ?
 
 පළමු වටයෙදිම මට තේරුණා මේ තරගයේ මට ඉදිරි ගමනක් තියනවා කියල. ඒ නිසා මම නිතරම මම ගැන හරි තක්සේරුවක් තියාගත්තා. මොකද මම දැනන් හිටියා ටැලන්ට් රවුන්ඞ් එකේදි එක එක්කෙනා ගේ තිබෙන දක්ෂතාවයන්ට අනුවයි ඉදිරියට යන්න පුළුවන් වෙන්නෙ කියල. මම උඩරට බරත කතක් වගේ නැටුම් හොඳින් ප‍්‍රගුණ කරල තිබුණෙ. නර්තන ජීවිතේදිවත් නොලැබුණ හොඳ ඇගයීමක් මට මේ තරගයේදි විනිශ්චය මණ්ඩලයෙන් ලැබුණා. එක අවස්ථාවකදි මාලනි ෆොන්සේකා මැඩම් මගේ හැකියාව භාරතයේ මීනා කුමාරිට සම කළා. ඒ වෙලාවෙත් මම හිතාගත්තා මම හොඳ තරගයක් දෙනවා කියල. මම හිතන්නෙ බලන් ඉන්න අයටත් තේරුණා මම හොඳ තරගයක් දෙයි කියල.
 
 ජයග‍්‍රණය ලැබුණ මොහොතෙදි මොනවගේ හැගීමක්ද දැනුණේ?
 
 ඇත්තටම මම ඒ වෙලාව් මුළු ඕඩියන්ස් එකෙන්ම පෙනුණේ පුතාවයි අම්මවයි නංගිවයි විතරයි. සතුටට මට ඇඩුනා. නමුත් දෙවැනියා නෙවෙයි පළමුවෙනියාම වෙන්න තිබුණා නේද කියල මට හිතුණා. මම හිතන්නෙ ඒක ඕනම කෙනෙක්ට හිතෙන දෙයක්. හැබැයි ආපස්සට හැරිල බලද්දි මම ආව ගමන ගැන සතුටුයි.
 
 ඔබ හිතන විදියට ඇයි ඔබට තරගයේ පළමු තැන ලබා ගන්න බැරිවෙන්න ඇත්තෙ. මොකද්ද තිබුණ අඩුපාඩුව?
 
 ඔම හිතන්නෙ මගේ උස තමයි ඒකට බලපාන්න ඇත්තෙ. දිනපු කෙනා මට වඩා උසයි.
 
 රූ රැජිනක් වෙන්න රූපයෙන් අගතැන්පත් වීම ප‍්‍රමාණවත්ද?
 
 කොහෙත්ම නෑ. රූපය පමණක් තිබුණට බෑ. අධ්‍යාපනය හැකියාව පෞරුෂත්වය කියන සාධක තුනත් රූපය තරම්ම වැදගත්. මෙතනින් පස්සෙ අපි යන්නෙ ජාත්‍යන්තරයට. මේ කියන සාධක නොමැතිව වෙනයම් කරුණක් මත දිනන කෙනෙක් ඉන්නවනම් ඇත්තටම අපි කරන්නෙ හොඳ කෙනෙකුගේ අවස්ථාව අහිමි කිරීමක්.
 
 මේ කිරුළත් එක්ක ඔබේ සාමාන්‍ය ජීවිතය වෙනස් වුණාද?
 
 ජයග‍්‍රහණයත් සමග විවිධ තැන් වලට යන්න අවස්ථාව ලැබෙනවා. ඒ තැන් වලට දිනාගත් කිරුලේ ගෞරවය තියන් යාම වැදගත්. හැබැයි මම කොහොමත් පුංචි කාලේ ඉඳලම ලස්සනට අඳින පළදින කෙනෙක්. ඒ නිසා තැනකට යද්දි අමුතුවෙන් වෙනස් කරගන්න දෙයක් මට තිබුණේ නෑ.
 
 මෙතනින් පස්සෙ ඔබේ ඊළග පියවර මොකක්ද?
 
 රූපවාහිනි නාලිකාවක නිවේදිකාවක් විදියට යළිත් සම්බන්ධ විමට අදහස් කරගෙන ඉන්නවා.
 
 දේවමිත‍්‍ර ගුණතිලක

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles