The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Upahara Divaina 365x90

UPali


අපිටත් වඩා දක්ෂ පරපුරක් අපේ පස්සෙන් එනවා
 
ප‍්‍රසංගවලදි සංවිධායකයෝ මහන්සියට හරියන මුදලක්වත් ගෙවන්නේ නැහැ

 
saman main ජන ගීයට” සිංහල සංස්කෘතියට ඔබ ආදරය කරන්නේ යම් සේ ද ඒ අංශු මාත‍්‍රයකුදු අඩු නොකර ඔහු ගේ හඬට ද ඔබ ආදරය කරනවා. ඒ තරමටම ඔහුත්” සිංහල ජන සංස්කෘතියත් එකිනෙකට බැඳී තිබෙනවා. රූපය නොදුටුවත් ඔහුගේ හඬ ඇසුණු විගසින් ඔබට ඔහු කවුද කියා හඳුනාගන්න පුළුවන්. ලාංකීය ජන කලාව අනාගත පරම්පරාවට දායාද කිරීමට ඔහු ප‍්‍රමුඛ කණ්ඩායම ගන්නා වෑයම අතිශයින් ප‍්‍රශංසනීය යි. අලූත් අවුරුද්දකදී මාධ්‍ය නාලිකාවන්ට ඔහු ගේ දායකත්වය නැතුවම බැරි තරම්. ඒ තරමටම ඔහු අද ලාංකීය ජනී ජනයාගේ හදවතේ තම ප‍්‍රතිරූපය ගොඩනගා අවසන්. අලූත් අවුරුද්දේ අපේ සංස්කෘතියේ” ජන කලාවේ වටිනාකම් ගැන මීවිත සමඟින් කතාබහ කරන්නේ ඔබ ආදරය කරන ඔහු... සමන් ලෙනින්.
 
 
 අවුරුදු කාලේ බොහෝ කාර්යබහුලයි වගේ?
 
 ඇත්තෙන්ම ඔව්. මේ දවස් ටික ඉතාම කාර්යබහුලයි. සංස්කෘතිය” ජන සංගීතයත් එක්ක අපි වැඩකරමින් ඉන්නවා.
 
 මිනිස්සුන්ට අපේකම” අපේ සංස්කෘතිය” ජන ගායනා හැමදෙයක්ම මතක් වෙන්නේ අවුරුදු කාලෙට. අවුරුදු කාලෙට විතරක් ඒ දේවල් එහෙම මතක් වුණාම ඇතිද ?
 
 ඒක මෙහෙමයි... අවුරුදු කාලෙට විතරක් ඒ දේවල් මතක් කරන එක වැරදියි. කොහොම වුණත් ඒ කටයුත්තෙන් වැඩි වැඩ කොටසක් පැවරිලා තියෙන්නේ මාධ්‍යයට. මොකද අද මිනිස්සුන්ට ඒ දේවල් මතක් කරන්නේ මාධ්‍ය හින්දා. ලංකාවේ රූපවාහිනී” ගුවන්විදුලි නාළිකා” පුවත්පත් කීයක් නම් තියෙනවද? කොච්චර තිබුණත් ඇයි ඔවුන්ට බැරි අපේ සංස්කෘතිය වෙනුවෙන්” අපේ ජන ගී වෙනුවෙන් සතියකට එක පැයක් වෙන් කරන්න. එහෙම කවුරුවත් කරන්නෙ නැහැ. යංතං අවුරුද්දට එක වතාවත් මෙහෙම හරි මතක් වෙනවා. නමුත් තව කල් ගියාම ඒකත් නැතිවෙලාම යයි. තාක්ෂණයේ දියුණුවත් එක්ක මිනිස්සුත් දැන් රූපවාහිනියෙන් ටික ටික ඈත්වෙමින් යන්නේ. ඒ වුණත් අවුරුද්දට අනිවාර්යෙන් අපි කැමති නාළිකාව අපි දාගෙන බලනවා. ඒ කාලෙදි ඉතිං මාධ්‍ය සංස්කෘතියෙන්” ජන ගීයෙන් ගන්න ඕන වැඩ ටික උපරිමයෙන් ගන්නවා. අපිට කරගන්නවත් බැරිවෙන විදියට. ඒ උනන්දුව අනිත් කාලවලදිත් තිබුණ නම් මේ රට මීට වඩා ලස්සන වෙන්න තිබුණා.
 
saman1 නූතන තරුණ පරම්පරාව සමරන මේ අවුරුද්ද ගැන ඔබේ අදහස කොහොමද?
 
 ඇත්තෙන්ම අපි පොඩි කාලේ අත්වින්ද ඒ අවුරුද්ද දැන් කාලෙ ළමයින්ට උරුම නැහැ කියල තමයි මටනම් හිතෙන්නේ. අපි ඒ කාලේ කොයිතරම් නම් දේවල් කළාද? අපි වැල්ලකරේ අය. අපිට ඔය අවුරුදු කාලෙට වාරකන්. අපි කවි කියන්න යනවා වැල්ල පැත්තට. සොබාදහමත් ඒ වෙනුවෙන්ම හැඩගැසෙනවා ඒ කාලෙට. යාළු මිත‍්‍රයෝ ගොඩක් එකතු වෙනවා. ජන ක‍්‍රීඩා ඇතිතරම් කළා. ඒත් දැන් ළමයින්ට ඒ දේවල් නැතිවෙලා ගිහින් කියලයි මට නම් හිතෙන්නේ. කොහොම වුණත් අවුරුද්ද කියන්නේ හැමදේම අලූත් කරන කාලෙනේ. හිතේ තියෙන තරහ මරහ නැතිකරගන්නෙ මේ කාලෙදි. විශේෂයෙන් ළමයින් සිරිත් විරිත් ඉගෙනගන්නෙ මේ කාලෙදි. අපේ සංස්කෘතියේ හරපද්ධතීන් පතාසයක් පිටින් ඊළඟ පරම්පරාවට යන මහා සංස්කෘතික මංගල්‍යය තමයි අවුරුද්ද කියන්නේ. ඒක ඉතිං දැන් ගොඩක් වෙනස්වෙලා තියෙනවා.
 
 වර්තමානයේ සිංහල අලූත් අවුරුද්ද තුළ ජනගීයට” ජන සංස්කෘතිකාංගයන්ට ලැබිය යුතු වටිනාකම ලැබෙනවද?
 
 ඒ ලැබෙන්න ඕන වටිනාකම ලැබෙන්නේ නැහැ කියන්නනම් බැහැ. මේ කාලෙදි තමයි ඒ වෙනුවෙන් ලැබෙන ඉහළම වටිනාකම ලැබෙන්නේ. කොහොම වුණත් ඒ කාලේ මේ ජන ගීය” ජන නැටුම වෙනුවෙන් පෙනී හිටපු අය බහුතරයක් හිටියා. නමුත් අද මේ පද්ධතිය තුළ වැඩකරන සහ ඒ වෙනුවෙන් වෙහෙසෙන පිරිස අඩුයි. එහෙම වුණත් අවුරුද්ද තුළදී ඒ නිසි වටිනාකම ලැබෙනවා. අවුරුද්දේදී වගේම අනෙක් දවස්වලදීත් ඒ වටිනාකම ඒ විදියටම ලැබනවනම් ඉතාම හොඳයි කියලයි මම නම් හිතන්නේ.
 
 තරුණ පරම්පරාව කොහොමද ඒ සංස්කෘතිකාංග රකින්න දක්වන දායකත්වය?
 
 අපි හිතනව නම් තරුණ පරම්පරාව මේ දේවල් විනාශ කළා කියලා ඒක එහෙම නෙවෙයි. අපි ඔවුන් එක්ක ගනුදෙනු කරන අය. අපි ප‍්‍රසංගවලට සහභාගී වුණාම අපිට දකින්න පුළුවන් ඔවුන් ජන කවියට ජන නැටුමට කොයිතරම් නම් ඇළුම් කරවද කියලා. සහන් රන්වල” බැද්දගේ සර්” සමන් සර් වගේ ඒ දේවල් හරවත් විදියට ඉදිරිපත් කරන මිනිස්සුන්ගේ නිර්මාණයන් රසවින්ඳා නම් තරුණයින් ඒ දේවල් රකින එකෙන් ඈත්වෙන්නේ නෑ. නමුත් තරුණයන්ට එපාවෙන විදියට නීරස විදියට කෙනෙක් ඒ දේවල් ඉදිරිපත් කරනවා නම් ඔවුන් ඒ දෙයින් ඈත්වෙන එක වලක්වන්නත් බෑ. එතකොට තමයි අපේ ඒ දේවල් රකින්න ඔවුන් දායකත්වයක් නොදෙන්නේ. වාසනාවකට ලංකාවේ දැන් ඉන්න බොහෝ තරුණයන් ඒ දේවල් රකින්න හරි ආසාවෙන් ඉන්න අය කියලයි ප‍්‍රසංග වල්දී මට පෙනෙන්න තියෙන්නේ.
 
 අපේ ජන කලාවට විදෙස් රටවලදී ලැබෙන ඒ ඇගයීම ඇයි ලංකාව තුළදී නොලැබෙන්නේ ?
 
 ඒක මෙහෙමයි. අපේ ජන කවියට පරිභව කරපු කාලයක් තිබුණා. ඒත් දැන් ඒක වෙනස්වෙලා තියෙන්නේ. අද අපි ප‍්‍රසංගවලට ගියාම විශාල පිරිසක් ඉන්නවා ප‍්‍රසංගය බලන්න. බොහෝ දෙනෙක් අපි එක්ක ළගට ඇවිල්ලා කතාකරනවා. සමහර අය යෝජනා කරනවා අපිට මෙහෙම කරන්න කියලා. ඔවුන් අඬනවා ඒ දේවල් රසවිඳලා සතුට වැඩි කමට. මේ අපේ සම්ප‍්‍රදාය හරි උසස් සම්ප‍්‍රදායක්. නටන්න ද ගයන්න ද ඕනම දේකට. පහත රට බෙරේ ඇහෙද්දි ඇෙඟ් ලේ නැටවෙන සම්ප‍්‍රදායක් අපිට තියෙන්නෙ. මේ දේවල් වර්තමාන තරුණ පරම්පරාව අගයන්නේ නැහැ කියන එක මම දකින විදියට බොරුවක්. ඒ බොරුව මාධ්‍ය මගින් ගොතපු බොරුවක්.
 

saman2  ඔබෙන් පසු මේ දේවල් රකින්නට පසු පරම්පරාවක් ගොඩනැගෙන බවක් පේන්න තියෙනවද?
 
 අනිවාර්යෙන්ම... අපිටත් වඩා දක්ෂ පරම්පරාවක් එනවා අපේ පස්සෙන්. ඔවුන් මනා අවබෝධයෙන් සහ අධ්‍යයනයකින් යුතුව තමයි ඒ දේවල් කරගෙන එන්නේ. ඇත්තෙන්ම ඔවුන් සැබෑ දක්ෂයෝ. උදාහරණයකට ගත්තොත් අපේ විශ්වවිද්‍යාලයේම මල්ලි කෙනෙක් තමයි පසිදු. ඔහු මේ දේවල් රකින්න ඉතාම හොඳින් වැඩ කරගෙන යනවා. ඒ වගේම තව අය ඇති මම නොදන්නා. මාතර තරුණයෙක් එහෙම වැඩ කරගෙන යනවා. මාතලේ” නුවර ජන ගී කණ්ඩායමක් ඉන්නවා. ගොඩක් ප‍්‍රදේශවල ඉන්නවා. ඔවුන්ට ගොඩක් ප‍්‍රශ්න තියනවා මිලක් නියමකර ගැනීමේදී. ඒකයි ඔවුන් වැඩිය පේන්න නැත්තේ. සංවිධායකයො හිතේ පුහු අදහසක් තියෙනවා ඔවුන්ට ඒ දේවල් කරල සාර්ථක වෙන්න බැහැ කියලා. ඒක නිසා තමයි එක සිංදුවකට ලක්ෂයක් දීල සිංදු කියවන්නෙ. නමුත් අපේ ජන ගී කණ්ඩායම්වලට නියමිත ගාන කිව්වම ඔවුන් හෙට්ටු කරලා හෙට්ටු කරලා තමයි ඔවුන්ට මුදල් දෙන්නේ. අවසානෙදි ඔවුන්ගෙ මහන්සියටවත් හරියන මුදලක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි දැන් ඔවුන්ට තියෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය. ඒකයි ජන ගී ප‍්‍රසංග අඩු.
 
  අපේ පාරම්පරික සංස්කෘතිය වෙනස් කරන්න මාධ්‍යයෙන් කරන බලපෑම ඔබ කොහොමද දකින්නේ ?
 
 මාධ්‍යයෙන් ඒ කරන දේ නම් හරිම වැරදියි. සංස්කෘතියේ හර බර නොතේරෙන ඇතැම් මාධ්‍යකරුවන් කරන වැඩ තමයි ඒවා. ගොඩක් ලොකු වැඩසටහන් කියලා හිතාගෙන තමයි ඒවා කරන්නේ. හැබැයි සංස්කෘතියට විශාල හානියක් වෙන වෙලාවල් තියනවා. අපිත් නොදැනුවත්ව අහුවෙලා තියනවා ඒ වගේ දේවල් වලට.
 
 අපේ සංස්කෘතියට” ජන කලාවට ආදරය කරන ජනතාවට අලූත් අවුරුද්දෙ දෙන පණිවිඩය?
 
 ජන සංස්කෘතිය අපේ හදවත වගේ. එකකට එකක් බැඳිලා තියෙන්නේ. අද ඒ හැමදේම වියැකිලා යන්න පටන් අරගෙන තියෙන්නේ. අපි හැමෝම එකට බැඳෙන්න ඕන. දේශපාලන පක්ෂවලට කඬේ යනවට වඩා අපේ සංස්කෘතියට රටට ආදරය කරන්න ඕන. ඒ වගේම අවසාන වශයෙන් ප‍්‍රාර්ථනා කරනවා ලංකාවාසී සියලූම ජනතාවටම ලබන්නා වූ අලූත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලූත් අවුරුද්දක් වෙන්න කියලා.
 
 ප‍්‍රසංග මාභරණ
 

විශේෂාංග

sikuru

සිනමා කලා

pu250

නවලිය

hema250

දියග

sar250

මීවිත

rohananew250iiiii

More Articles