The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Upahara Divaina 365x90

UPali

pubudu⋆ ඔබේ කේන්දරේ
 
අදටත් තියෙන්නෙ මගේ අම්ම ගාව. පුංචි කාලේ ඉඳලා ඒකෙ සියලූ වැඩ කරේ අම්ම. අද වෙනකොට මට තියෙන කාර්ය බහුලත්වය නිසා උවමනාවක් වුණොත් ඒක බල වන්නෙ අම්මම තමයි.
 
 ⋆ කේන්දරේ ගැන මොකද හිතන්නේ
 
 ඉස්සර හිටපු සෘෂිවරු” කෙනෙක් මේ ලෝකෙට බිහි වෙන වේලාවේ තිබුණ ග‍්‍රහ චාරෙට අනුව ගණිත ක‍්‍රම උපයෝගී කරගෙන හදපු ශාස්ත‍්‍රයක්.
 
 ⋆ අපල කාල ගැන විශ්වාස කරනවද?
 
 කෙනෙක් පෙර ආත්මවල කරපු අකුසල කර්ම ඵලදෙන කාලේ තමයි. අපල කාලේ කියලා හැමෝම හඳුන්වන්නෙ. කාට වුණත් කරන පව් ගෙවන්න වෙනවා කියන එක මම විශ්වාස කරනවා. අපල සහ සපල කියලා ඔය කාල දෙක හඳුන්වන්න සමාජය පුරුදු වෙලා තියෙනවා.
 
 ⋆ නැකැත් අනුගමනය කරනවද?
 
 නැකැත් අනුගමනය කරන්න සිදුවෙච්ච තැන් තියෙනවා. විශේෂයෙන්ම මම විවාහ වුණ දවසෙ. හැබැයි හැම දේටම නැකැත් බලන්නෙ නෑ. ඉදිරියේදී වුණත් අවශ්‍යම දේකදී සමහර විට අනුගමනය කරයි.
 
 ⋆ දෙවියන් බුදුන් ගැන තියෙන විශ්වාසය
 
 බුදුරජාණන් වහන්සේ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. පිළිගන්න පුළුවන් සත්‍යයක් උන්වහන්සේගේ ධර්මය තුළ පැහැදිලිවම තියෙනවා. දෙවියන් ගැන බොහෝ වේලාවට තියෙන්නෙ පුරාවෘත. ඒත් දෙවියන් ගැන අපැහැදීමක් නෑ.
 
 ⋆ පුද පූජා ශාන්තිකර්මවලට
 
 දෙන තැන
 
 ඒ ගැන මගේ විශ්වාසයක් නෑ. එහෙමයි කියලා ඒ ගැන විශ්වාසයෙන් ඉන්න අය හෙළා දකින්නෙත් නෑ. ආත්ම විශ්වාසයෙන් නොසැලී නොවැටී එන බාධක දරාගන්න පුළුවන් අයට ඒවා ඕන නෑ කියලා මම හිතනවා. එහෙම බැරි කෙනෙක් එවැනි දේක පිහිටක් පතල ශාන්තියක් අත්කර ගන්නවා නම් ඒකෙ වැරැද්දකුත් නෑ කියලා තමයි හිතන්න වෙන්නෙ.
 
 ⋆ කේන්දරේ විශේෂයෙන් සඳහන් වූ කාරණ අම්මෝ කියන්න බැරි තරම් කාරණා මගේ කේන්දරේ සඳහන් වෙලා තිබුණා. කොටින්ම මම මහණ වෙනවා කියලත් ඕකේ තිබුණා. ඉදිරියේදී තමයි ඉතින් බලාගන්න වෙන්නේ ඒක ඇත්තද බොරුද කියලා.
 
 ⋆ නළුවෙක් වෙන බව එහි සඳහන් වුණා
 
 එකහෙළා මගේ කේන්දරේ මම නළුවෙක් වෙනවා කියන දේ සඳහන් වුණේ නෑ. මම දන්න විදියට. ඒ කාලේ කවුරු හරි කෙනෙක් කියලා තිබුණා කලා අංශයෙන් ඉහළට යනවා කියලා.
 
pubudu2 ⋆ විවාහ වෙද්දී කේන්දරේ ප‍්‍රයෝජනයට ගත්තද?
 
 අනිවාර්යයෙන්ම.... මොකද ඒක මටවත් මගේ බිරිඳටවත් අපේ හිතුම ගේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ. ඒකට පවුල් දෙකක් එහෙමත් නැත්නම් පාර්ශ්ව දෙකක් මුල් වෙනවා. ඉතින් අපේ වැඩිහිටියෝ දැන් කේන්දර ගලපලා සුදුසු දින වකවානු තීරණය කරලා ඒ දිනේට හඳුනාගත්තු තැන්වල තමයි” විවාහය සිදු කෙරේ. එතනදී කේන්දරේ ප‍්‍රයෝජනයට ගත්තා.
 
 ⋆ රාහු කාලෙට බයද
 
 අපෝ නෑ. රාහු කාලවලි... ඒකට බිය වෙලා හිටිය නම් මට මේ වෙද්දී දායක වෙන්න සිද්ධ වෙන්නෙ. එක නිර්මාණයකට හෝ දෙකකට විතරයි. රාහු කාලේ ලබන්නෙ කොයිවෙලාවක්ද කියලා මම බලන්නෙ නෑ. ඒ ගැන දැනුමකුත් නෑ.
 
 ⋆ ලග්නය - ධනු
 
 ⋆ අවුරුද්දට කීපාරක් කේන්දරේ බලනවද?
 
 මගේ අම්මා එහෙම කාල වකවානු හදාගෙන කේන්දරේ බලවනවා කියලා මම හිතන්නෙ නෑ. මම දන්න විදියට දැනට අවුරුද්දකට විතර ඉස්සරින් අපේ පවුලේ ජ්‍යෝතිර්වේදියට කියලා අපේ විවාහයට කලින් කේන්දර පරීක්‍ෂා කළා. ඒ වෙලාවේ කියවුණ දේවල් ගෙදරින් මට කිව්වා. ඊට පස්සේ තාම මගේ කේන්දරේ හොඳ ගැනවත් නරක ගැනවත් තවම නම් කිසිම අප්ඬේට් එකක් නෑ.
 
 ධම්මික හේවාවසම්

විශේෂාංග

sikuru

සිනමා කලා

pu250

නවලිය

hema250

දියග

sar250

මීවිත

rohananew250iiiii

More Articles