Divaina - ගයමු බලන්න හැමෝම එන්න... අවුරුදු අරගෙන සහන් ඩුබායි ගිහින්...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

sahan 2සිංහල අලූත් අවුරුදු කාලෙට කාර්ය බහුල වෙන කලා ශිල්පීන් අතරෙ ඉහළින්ම සිටින කෙනෙක් තමයි සහන් රන්වල කියන්නෙ. ඒ විදියට කොච්චර කාර්ය බහුල වෙලා හිටියත් අපි කතා කරපු වෙලාවෙ සහන් මීවිතත් එක්ක මේ විදියට කතා බහේ නියැළුණා.
 
 සහන් රන්වල කියන්නෙ අවුරුදු කාලෙට කාර්ය බහුල වෙන චරිතයක් කිව්වොත්?
 
 මම ඒකට එකඟ නෑ. මොකද මම අවුරුද්ද පුරාම කාර්ය බහුල කෙනෙක්. මගේ මතකයේ හැටියට සාමාන්‍ය පෙළ පන්තියේ ඉන්න කාලෙ ඉඳල මම විවිධ කලා කටයුතු එක්ක කාර්ය බහුල කෙනෙක්. හැබැයි මම ඒ කාර්ය බහුලත්වයට හරිම කැමැතියි. හරියට බැලූවොත් අපි වැඩිපුරම කාර්ය බහුල වෙන්නෙ සැප්තැම්බර්” ඔක්තෝබර් කියන මාසවල. ඒ සාහිත්‍ය මාසයත් එක්ක.
 
 මෙදා සැරේ අවුරුද්ද ගතකරන්න වෙලා තියෙන්නෙ මොන විදියටද?
 
 මේ වෙද්දි මම ඉන්නෙ එක්සත් එමීර් රාජ්‍යයේ. දොළොස් වැනිදා ඩුබායිහිදීත් දහතුන් වැනිදා අබුඩාබිහිදීත් ප‍්‍රසංග දෙකක් පැවැත්වුණා. ඒ සඳහා අපේ කණ්ඩායමේ කොටසක් මාත් එක්ක මෙහාට ආවා. අනිත් කොටස ස්වර්ණවාහිනියේ සජීවී වැඩසටහනට සහභාගි වෙනවා.
 
sahan main ඔබ සිංහල අලූත් අවුරුදු චාරිත‍්‍ර ගරු කරන ඉටුකරන කෙනෙක්ද?
 
 අනිවාර්යයෙන්ම මම ඒ සියලූ චාරිත‍්‍ර ගරු කරන කෙනෙක්. පරම්පරාවෙන් අපට ලැබුණු ඒ සිරිත් විරිත් චාරිත‍්‍ර විධි අපි අනුගමනය කරන අතරතුර ඉදිරි පරපුරට දායාද කළ යුතුමයි. ඒක තමයි අපේ උරුමය - අනන්‍යතාව. ඒත් ඉතින් ඒ වෙලාවට වැඩිපුරම මට ඉන්න වෙන්නෙ විදේශයක නැතිනම් නාලිකාවක.
 
 ඒ කියන්නෙ හැමෝටම අවුරුදු ගැන කියල දෙන්න උත්සාහ කරන සහන්ගෙ ගෙදර අවුරුදු සමරන්නෙ සහන් නැතුව?
 
 ඒක තමයි ඇත්ත තත්ත්වෙ. මොකද කලාකරුවන් හැටියට අපට නාලිකාවකින් හරි විදේශයකින් හරි ආරාධනාවක් ලැබුණම ඒක ප‍්‍රතික්‍ෂේප කරන්න අමාරුයි. ඒ නිසා අපිට දෙපැත්තම හිතල බැලන්ස් එකේ මේ ගමන යන්න වෙලා තියෙනවා. 2017 අවුරුද්දෙ මම කිසිම වැඩසටහනකට සහභාගි නොවී මගේ පුතාට පේන්න අවුරුදු චාරිත‍්‍ර කළා ගෙදර. ඉදිරියෙදිත් එහෙම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
 
  ඔය සම්බන්ධයෙන් බිරිඳගෙ මැසිවිලි ඇත්තෙම නැද්ද?
 
 මොන බිරිඳද කැමති තමන්ගෙ ස්වාමිය අවුරුදු නැකතට දෙරින් පිට ඉන්නවට. මගේ බිරිඳත් එහෙමයි. ඒත් එයා මම මේ කලාව නිසානෙ ගෙදර නැත්තෙ කියන එක තේරුම් අරගෙන කටයුතු කරන කෙනෙක්. අනික මම බොහෝ වෙලාවට ඒ දෙන්නව ගෙදර තනි නොකර යන තැනකට එක්කගෙන යනව.
 
 වැඩි දෙනෙක් මේ දිනේට ගෙවල් දොරවල් වහල බැහැර වෙනව. ඒ ගැන සහන් මොකද හිතන්නෙ?
 
 ඒකට හේතුව තමයි අද ඉන්න තරුණ දෙමවුපියෝ ඒ ගැන සැහැල්ලූවෙන් හිතන එක. අනික ලැබෙන නිවාඩුවේ එදිනෙදා ජීවත්වෙන කාර්ය බහුල ජීවිතයෙක් මිදිල විවේකයක් ලබන්න තියෙන සූදානම. ඒත් සිංහල අවුරුදු කියන දේ අපි සැමරිය යුතුමයි. එහි තිරයක නැකැත් චාරිත‍්‍රත් එක්ක කෙනෙකුට නොවැළැක්විය හැකි හේතුවක් නිසා නිවසින් බැහැර වෙන්න වුණොත් ඒ දේ කිරීමේ ගැටලූවක් නැහැ. නමුත් ගෙදර අයත් එක්ක ඒ දිනේ සමරන්න පුළුවන් නම් ඒක ඉතා හොඳ දෙයක්.
 
 ඔබගේ භාරකාරත්වයේ පවතින රන්වල බළකායට වැඩි ඉල්ලූමක් තියෙන්නෙ අවුරුදු කාලෙට නේද?
 
 කෙනෙකුට එහෙම හිතෙන්නෙ මේ කාලෙදි අපිව වැඩිපුර රූපවාහිනී නාලිකා තුළින් දකින්න ලැබෙන නිසා. ඒත් ඒක එහෙම නෙමෙයි හැම සතියකම විවිධ ප‍්‍රදේශවල අපේ පන්ති වැඩමුළු දේශන පැවැත්වෙනව. ඒ කිසිම දෙයක් මඟහරින්නෙ නැතුව. මා ඇතුළු මගේ කණ්ඩායම කැපවීමෙන් කරගෙන යනව. ගිය අවුරුද්දෙ අන්තිම ඇමෙරිකාවටත් එතනින් ඔස්ටේ‍්‍රලියාවටත් ආපහු ඉතාලියටත් එක දිගට යන්න වුණා අපට. එහේ ශ‍්‍රී ලංකික දරුවන් වෙනුවෙන් පැවැත්වෙන වැඩමුළුවලට සහභාගි වෙන්න ඒ කාර්ය බහුලත්වයෙන් මිදිල රූපවාහිනියට එන්නෙ ඉතින් සිංහල අවුරුදු කාලෙට තමයි.
 
 ලැබෙන තරමට ආරාධනා භාරගන්න බැරි වුණාම මොකද කරන්නෙ?
 
 ඒ අනිත් කිසිම වෙලාවක අපි අපහසුවට පත්වෙන්නෙ නෑ. මොකද රන්වල බළකාය කියන අපේ කණ්ඩායමේ විශාල සාමාජික පිරිසක් ඉන්නවා. ඒ හරහා ලොකු ශ‍්‍රමයක් අප සතුව පවතිනවා. එකම දවසෙ තැන් තුනකට වුණත් ගිහින් වැඩසටහන්වලට සහභාගි වීමේ හැකියාව අපට තිබෙනවා. ඒ අනුව අපේ කටයුතු සාර්ථකව කරගෙන යනවා.
 
 මේ දිනවල
sahan3 සහන්ගෙ අනෙක් කලා කටයුතු?
 
 රන්වල බළකායෙන් සිදුකෙරෙන කලා කටයුතුවලට අමතරව මම මේ දිනවල සාරංග මෙන්ඩිස්ගෙ දෙවැනි ඉනිම නාට්‍යයට සම්බන්ධ වෙලා එහි රඟපෑම් කටයුතු අතර ඉන්නවා. ඊට අමතරව මා ඇතුළු අපේ කණ්ඩායම තවත් විශේෂ වැඩකටයුත්තක් කරගෙන යනවා. ඒ තමයි හැම මාසෙකම අන්තිම සෙනසුරාදා සවස 6.00 ට නිදහස් චතුරශ‍්‍ර පරිශ‍්‍රයේදී ‘ගයමු. නමින් සංදර්ශනයක් නොමිලේ පැවැත්වීම. මේ සඳහා දිනකට 1000 - 1500 ක විතර පිරිසක් සහභාගි වෙනවා. පවුලේ හැමෝටම එකට ඉඳගෙන රස විඳින්න පුළුවන්” අපිත් එක්ක එකතු වෙලා ගයන්න අවස්ථාවත් නාට්‍ය දර්ශන රඟදැක්වීම වගේ දේවල් තමයි මෙතනදි සිදුවෙන්නෙ. මේ වෙද්දි විශාල ප‍්‍රතිචාරයක් හිමිවෙමින් පවතිනවා. ඉතින් මම ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා ‘මීවිත. පාඨක පිරිසට මේ සඳහා සහභාගි වෙන්න කියල.
 
 පවුලේ විස්තර ටිකකුත් කියමුද?
 
 මගේ බිරිඳ මෙලනි. එකම පුතා සෙත් මේ වෙද්දි කොළඹ ආනන්ද විiාලයේ ඉගෙනුම ලබනව. බිරිඳගෙත් පුතාගෙත් සෙනෙහස මැද්දේ මගේ කලා කටයුතු කරගෙන පාඩුවේ ජීවත් වෙනව. ඔය අතරෙ මම හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ මාව කෙනෙකුට වුවමනා වෙන විදියට ජීවත් වෙන්න. මම ගෙදරට ඇවිත් බිරිඳ එක්ක රණ්ඩු කරනව නම් ඇය මම එනවට කැමැත්තක් දක්වන්නෙ නෑ. මම පුතාට ආදරණීය තාත්ත කෙනෙක් නොවුණොත් ඔහු මම එනකම් බලාගෙන ඉන්නෙ නෑ. ඒ වගේම තමයි මගේ කණ්ඩායමත්. එහෙම ජීවත්වෙන්න පුරුදු වුණාම මගේ වගේම අනිත්
 
 හැමෝගෙම ජීවිතත් සුන්දර වෙනව. මම ඒ සුන්දරත්වය රඳවාගන්න උපරිම උත්සාහ කරන චරිතයක්.
 
 ධම්මික හේවාවසම්

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles