Divaina - නැකතට මොකද කරන්නේ...?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


nakathata1 ඕන කරන හැම දේම කලින්ම ලෑස්ති කළා - මහේෂි මධුසංඛා
 
 සාමාන්‍යයෙන් සිංහල අලූත් අවුරුදු දවස ගෙදර අයත් එක්ක ගත කරන්න තමයි මම ගොඩක් කැමති. ඒත් රංගන ශිල්පිනියක් විදියට ඒ දවසෙ මට නිවාඩු ලැබෙනවා අඩුයි. අදත් ඉතින් හිරු නාළිකාවෙ සජීවී වැඩසටහන් එක්ක තමයි මට අවුරුදු සමරන්න වෙලා තියෙන්නෙ.
 
 රසිකයන්ගේ සතුට වෙනුවෙන් අපි ඒ දේවලූත් කරන්න ඕනනෙ. ඒ නිසා අවුරුදු සමරන්න ඕන කරන හැම දේම මම අම්මත් එක්ක එකතු වෙලා කලින්ම ලෑස්ති කළා. අම්මා ඒ දේවල් කරන අතරෙ මම ප්‍රෝග‍්‍රෑම් එකට ගිහින් ඇවිත් ඒ අයත් එක්ක අවුරුදු සමරනවා.
 
 
nakathata2 වැඩ වැඩි වුණත් අවුරුද්දට ගෙදර ආවා - පමෝද් ගනේආරච්චි
 
 තේරෙන වයසෙ ඉඳලා අම්මා අප්පච්චි අපිව වට කරගෙන සිංහල අලූත් අවුරුදු චාරිත‍්‍ර ඉටු කළේ හරිම සතුටින්. අද අපි නොයෙක් හේතු නිසා ගෙදරින් බැහැරව තමයි ජීවත් වෙන්නෙ. ඇත්තටම කියනවා නම් මේ දවස්වල මම ගොඩක් කාර්යබහුල වෙලයි ඉන්නෙ ෂූටින් නිසා. ඒ මොන වැඩ රාජකාරි තිබුණත් ලැබුණ පුංචි නිවාඩුවේ මම පුළුවන් විදියට ගෙදර අයට තෑගි භෝග අරන් ඇඹිලිපිටියේ මගේ ගෙදරට ආවා. ගෙදර අයත් එක්ක සියලූ නැකැත් අනුගමනය කරලා අවුරුද්ද සතුටින් ගත කරන්න.
 
 
nakatha3 ගෙදර හැමෝම එකතු වෙන එක ලොකු සතුටක් - හර්ෂි අංජුමාලා
 
 මගේ අධ්‍යාපන කටයුතුත් රංගන කටයුතුත් පහසුවෙන් කර ගන්න ඕන නිසා මම වැඩිපුර ඉන්නෙ කොළඹ. ගමේ එන්න වෙන්නෙ හරිම අඩුවෙන්. ඒ නිසා මම අවුරුද්දට කලින් තිබුණ වැඩ ඉවර කරලා මගේ සතුට වෙනුවෙනුත් අම්මා තාත්තාගේ සතුට වෙනුවෙනුත් අලූත් අවුරුද්ද සමරන්න රත්නපුරේ මගේ ගෙදරට ආවා. අපිටම වෙන්වුණ මේ දවස අපේම කරගෙන යෙදෙන නැකැත් චාරිත‍්‍ර වගේම ඉටු වෙන්න ඕන යුතුකම් ඉටු කරලා සතුටින් ගෙවනවා කියන එක බොහොම සුන්දර දෙයක්. ඒ සුන්දරත්වයට මම එදා වගේම අදත් හරිම කැමැතියි. ගෙදර හැමෝම එකතු කරගෙන මේ ලබන සතුට වචනයෙන් විස්තර කරන්න අමාරුයි.
 
 
 nakathata4මේ අවුරුද්ද සමරන්නේ වෙනස්ම විදියකට - විශ්ව ලංකා
 
 ඇත්තටම මෙදා සැරේ මට අවුරුදු සමරන්න වෙලා තියෙන්නෙ වෙනස්ම විදියකට. අවුරුදු නිවාඩුවට වයිෆ්ගේ අම්මයි තාත්තයි ඔස්ටේ‍්‍රලියාවෙ ගිය නිසා වෙනදා වගේ අවුරුද්දට අපේ ගෙදර මුකුත්ම කරන්නෙ නෑ. මගේ අම්මා තාත්තත් කුලියාපිටියේ මහගෙදර අවුරුදු සමරනවා. ගලෙන්බිඳුණුවැව පැවැත්වෙන දෙරණ අවුරුදු උත්සවේට මට ආරාධනා ලැබිලා තියනවා. ඒත් මම තනියම එතෙන්ට ගියොත් මේ තුන්දෙනා ගෙදර තනි වෙනවා. ඒ නිසා අපි හතර දෙනා ඒකටත් සහභාගි වෙලා ශී‍්‍ර මහ බෝධිය වැඳලා ?ට රුවන්වැලි සෑයේ නිස්කලංකව කාලෙ ගත කරලා හෙට අනිද්දා විතර හෙමිහිට ගෙදර එනවා.
 
 
nakathata5 මට නම් හැමදාමත් අවුරුදු - අනුරාධා එදිරිසිංහ
 
 සිංහල අවුරුදු දවසෙ ගෙදරට වෙලා ගෙදර අයත් එක්ක අවුරුදු චාරිත‍්‍ර කරල සතුටින් ඉන්න ඕන කියලා 2019 උදා වෙන කොටම මම හිතා ගත්තා. ඒ නිසාම වැඩසටහන්වලට ලැබුණ කිසිම ආරාධනාවක් භාර ගත්තෙ නෑ. ඒ වගේම විශේෂ ලක ලෑස්තියක් වුණෙත් නෑ. අවුරුද්ද වෙනුවෙන් කෙරෙන හැම දේකටම මට පුළුවන් විදියට අම්මට උදව් කළා. තෑගි භෝග ගන්න වුණත් මට අවුරුදු එනකම්ම ඉන්න ඕන නෑ. මම කොයි වෙලාවෙ ෂොපින් කළත් ගෙදර කාට හරි ගැලපෙන ඇඳුමක් තිබ්බොත් ඒක අරන් එනවා. මම සාමාන්‍යයෙන් ජීවත් වෙන්නෙ හැමදාම අවුරුදු වගේ තමයි. ඒත් අද දවස නැකැත් චාරිත‍්‍රත් එක්ක බැඳිලා තියෙන නිසා ඒවා ඉටු කරලා ගෙදර අයත් එක්ක අවුරුද්ද සමරනවා.
 
 
nakathata6 නැකැත් චාරිත‍්‍ර අකුරට ඉටු කරනවා - ලහිරු පෙරේරා
 
 සාමාන්‍යයෙන් මම සිංහල අලූත් අවුරුද්ද දවසේ නැකැත් යෙදෙන වෙලාව අතරතුර කිසිම වැඩක් භාර ගන්න කෙනෙක් නෙමෙයි. මගේ බිරිඳයි පුතාලා දෙන්නයි එක්ක අවුරුද්දකට එක වතාවක් උදා වෙන ඒ නැකැත් චාරිත‍්‍ර අකුරට ඉටු කරන්න ඕන නිසා. මම අද දවසේ ෂෝ එකකට ගියොත් ඒ අයගේ සතුට නැති වෙන්න පුළුවන්. ඒ නිසා සිංහල අවුරුද්දෙ මගේ මූලිකම දේ තමයි අවුරුදු චාරිත‍්‍ර ඉටු කරලා අපි දෙන්නගෙ දෙමාපියන්ගෙ” වැඩිහිටි ඥාතීන්ගේ ආශීර්වාදය ලබන එක.
 
 ධම්මික හේවාවසම්

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles