The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Upahara Divaina 365x90

UPali

 thanayam pallaසිංහල අවුරුද්දේ උණුසුම තානායමටත් දැනෙමින් තිබුණා. විවිධ වාහන වලින් රට තුළ සංසරණය වන සුවහසක් ජනකාය වෙනුවෙන් ඔවුන්ට සේවාවන් සැපයීම සදහා තානායමේ අධිශීත ගබඩා අටුකොටු චිකන්” මට්න්” බීෆ් වගේම තෝරා” දැල්ලා” ජම්බෝ ප්‍රෝන්ස් ආදී එකී නොකී මස් මාංසයන් ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණා.
 
 ‘‘...මොකද සර් කරන්නේ" දවසට පැය තුනහතරක් එක දිගට දුවන නිසා ජෙනරේටරේ ටික ටික ලෙඩ දෙනවා... රේඩියේටරේ වතුර ලීක් එක තමයි තියෙන බරපතළම කේස් එක..."
 
 තානායමේ නඩත්තු අංශය බාර වික‍්‍රමරත්න මගේ මේසෙ ළගට ඇවිත් නාහෙන් අඩනවා.
 
 ඒ වගේම සිංහල අවුරුදු දවස් දෙක තුනේ තානායමට එන අමුත්තන්ට සේවය සැපයීමේ කටයුතු සංවිධානය කිරීමත් පහසු නෑ.
 
 තානායම් සේවයත් අත්‍යවශ්‍ය සේවාවක් විදියට සලකන නිසාදෝ තානායම් පිරිස්පාලන බලධාරීනුත් සිංහල අවුරුද්දට සියලූම තානායම් සේවකයන්ගේ නිවාඩු අවලංගු බවට අපට ෆැක්ස් පණිවුඩයක් එවා” ඔවුන් සුපුරුදු පරිදි කාර්යාලය වසා දමා අවුරුද්දට නිවාඩු ගිහින් තිබුණා.
 
 ‘‘.... අප්පච්චි අන්තරා වෙලා තුන්මාසෙ වත් සම්පූර්ණ නැති නිසා මෙදා අවුරුද්දට ගෙදර නොයා මම වැඩ කරන්නයි සර් හිතාගෙන හිටියේ... තානායමෙත් කට්ටිය නැති නිසා...
 
 .. නමුත් සර්... මට ඉන්නා එකම කොල්ලා... උගේ තාත්තත් ළග පාතක නැතුව වැඩ නවයටම විශිෂ්ඨ සම්මාන එක්ක පාස්වෙලා තියෙද්දි... පොඞ්ඩක් ගෙදර ගිහින් උගේ මූණ බලලා එන්න බැරිනම් ඒ තාත්තාගෙන්... ඒ රස්සාවෙන් ඇති වැඩක් තියේද සර්...?."
 
 බිම බලාගෙන දුක කියන වේටර් සුනිල් ගේ දෑසේ කදුළු පටලයක තෙතමනය දිලිසුණා.
 
 සුනිල්ගේ දරුවා සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයයන් නවයකට සම්මාන ගැනීමේ සන්තෝෂය මා මගේ සන්තෝෂයක් බවටද පත්කර ගතයුතු නොවේද?
 
 එසේ කර ගැනීමට නම් වේටර් සුනිල් නැවත පැමිණීමේ කොන්දේසිය මත නිවසට පිටත් කළ යුතුය. එහෙත් අවුරුද්දට පෙර නිවසට ගියහොත් ඔහු නැවත තානායමේදී දැකගත හැකි වන්නේ අවුරුද්දත් පසුවූවාට පසුවය.
 
 අද ඔහුගේ දෑසේ දිලිසෙන කදුළේ තෙතමනය එදාට කතා කරන්නේ නැත.
 
 ඒ අපේ බහුතර සේවකයකන්ගේ හැටිය. ඔවුන් එසේ වීමට ‘‘දෙපැත්තටම" සාධාරණ හේතු ගණනාවක් තිබේ.
 
 අද කාලයේ ආයතන පරිපාලනය යනු උඩි උඩින් පය තියා කිරි හට්ටියේ යොදය මතින් මාරු වන කුහුඹුවකු සේ එදිනෙදා ‘‘දවස පන්නාගෙන මාරුවීමේ" පරිපාලන ක‍්‍රමවේදයක් විනා ආයතන පාලනය අද එදාමෙන් ගැඹුරට බැස” ‘සිරාවට බොක්කෙන්. කළ හැක්කක් නොවේ.
 
 සිංහල අවුරුද්ද සමරන්නේ නැති මුස්ලිම්” බර්ගර්” සහ කිතුනු අන්‍යාගමික ප‍්‍රභූ ජනයාගේ නිවෙස් වල බහුතර සේවකයන් සිංහල බෞද්ධයන්ය.
 
 අන්‍යාගමික හාම්පුතුන් වන ඔවුන්” කල්තබාම වැටුප්” තුටු පඩුරු තෑගිබෝග ලබා දී සිය සේවකයන් සිංහල අවුරුද්දට ගම් රටවල් බලා යවා ඇති බැවින් එම හාම්පුතුන් හට තම නිවෙස් වල කටයුතු තනිවම කරගැනීමද ලෙහෙසි පහසු නැත.
 
 එබැවින් ඔවුන් තම ගෙවල් දොරවල් වසා දමා විවිධ පළාත්වල සංචාරය කිරීමට යෑමේදී ඔවුන් නවාතැන් ගන්නේ තානායම් හෝටල් ආදියේය.
 
 එබැවින් සිංහල අවුරුදු සමය තානායම්වලට ඉතා ජනාකීර්ණ කාල පරිච්ෙඡ්දයකි.
 
 එබදු තත්ත්වයක් යටතේ සිංහල අවුරුදු සමරන සේවක පිරිසකගෙන් යුතු තානායමක එම දිනයේත් ඔවුන් සේවයේ යෙදවීම වෘත්තිය කොන්දේසි මතම කළ හැක්කක් නොවේ.
 
 තානායමේ කාර්ය මණ්ඩලය මා සමග කලින් කතිකා කරගෙන සිටියේ අවුරුදු දින වලදී වේටර් සුනිල් සහ පේමසිරි රෙස්ටුරන්ට් සේවයටත්” කාමර සේවාවන් සදහා වේටර් රත්නසිරිත් යෙදවීමටය.
 
 අවුරුද්ද නිමාවූ සැනින් නිවාඩු ගිය වේටර් වරුන් තිදෙනා යළි සේවයට පැමිණි පසු එතෙක් සේවය කළ තිදෙනා නිවාඩු යැවීම අප කල් තබා තීරණය කර තිබුණි. එම තීරණයට අනුව දැන් එම පළමු සේවකයන් තිදෙනා නිවාඩු ගොසිනි.
 
 ‘‘...කමක් නෑ සර්... අපි සුනිලාව නිවාඩු යවමු..."
 
 වේටර් ප‍්‍රියන්ත මට යෝජනා කළා.
 
 ‘‘...සුනිල්ව යවන එක නෙමෙයිනේ ප‍්‍රියන්ත කතාව... ගියාම කවුද මෙතන වැඩ කරන්නේ....
 
 ‘‘...මෙහෙමයි සර්" සර් කැමති නම්..."
 
 ‘‘.... ඔව්... කියමු බලන්න....
 
 ‘‘...මෙහෙමයි සර්... මේ කිට්ටුව ඉන්නවානේ අර අපේ රෙස්ට් හවුස් එකක වැඩ කරලා ඉල්ලා අස්වෙච්ච මංජුල කියලා වේටර් කෙනෙක්... අන්න හරි" ඔව් සර්... අර පවුලත් එක්ක තරහා වෙලා වෙනත් ගෑනුු කෙනෙක්ව කසාද බැදලා" පස්සෙදි ඒ මනුස්සයාවත් රට යවලා කේස් වගයක් වුණේ" අපිට ඒවා අදාළ නෑ" ඉතිං අපි මංජුලට කැෂුවල් පොඩි ගෙවීමක් කරලා මේ දවස් ටිකට වැඩට එන්න කියමු. මොකද සර් එයා අපේ තානායමක වැඩකරපු කෙනෙකුත් නිසා..."
 
 වේටර් පේමසිරි උනන්දුවෙන් යෝජනා කළා.
 
 ‘‘...හොදයි බලන්න දැන්ම මෑන්ට පණිවිඬේ යවමු..."
 
 වේටර් පේමසිරි මා ඉදිරියේදීම ඔහු යෝජනා කරනා එම වේටර් වරයාට දුරකථන ඇමතුමක් ගත්තා.
 
 ‘‘... හෙට උදේ එන්නම්ලූ සර්" අද පොඩි ගමනක් ගිහින්ලූ..."
 
 මම සැනසුම් සුසුමක් හෙළුවා. අපගේම තානායම් ජාලයේ වේටර්වරයකු වශයෙන් සේවය කර ඇති ඔහු විවාහ වූ අළුත ඇතිවූ පවුල් ප‍්‍රශ්න රාශියක් නිසා සේවය අහිමි කරගෙන තිබුණා. දෙවන විවාහයේ බිරියද මැදපෙරදිග යවා ඇති ඔහු ස්ථිර රැකියාවක් නොමැතිව සිටිනා නිදහස් පුද්ගලයෙක් බව කියැවුණා.
 
 ‘‘"මේ දවස් වල එයාගෙ වයිෆ් මාස දෙකක නිවාඩුවකට ලංකාවට ඇවිල්ලයි ඉන්නේ සර්... ඒ නිසා අවුලක් නෑ..." ඔහු කියා සිටියා.
 
 ‘‘...එහෙනම් හෙට උදේම වැඩට එන්න..."
 
 පසුදා උදෑසනින්ම මංජුල නමැති එම වේටර්වරයා සේවයට පැමිණියා. අප තානායම් ජාලයේම වේටර් වෘත්තියේ නියැළී සිටි පුද්ගලයකු වුවත් ආගන්තුක ඔහු සේවය කරනා අයුරු මම රහසේම දැඩි විමසිල්ලෙන් අධීක්‍ෂණය කළා.
 
 ඔහු තානායමේ වැඩ ඇරඹූ එසැණින් වේටර් සුනිල් සිය පුත‍්‍රයාගේ උසස් විභාග ප‍්‍රතිඵලයට සුභපැතීමට ගමේ ගියා.
 
 එදිනම සවස් වරුවේ මගේ ජංගම දුරකථනයට නුහුරු අංකයකින් අමතුමක් ලැබුණා...
 
 ‘‘...ඔබතුමාගේ ටෙම්පරි ගෝලයා මංජුල වැඩට හොදයිද බොස්... හැබැයි අපරාදෙ කියන්න බෑ ඔබතුමා ගානට අහුවෙලා හරිද”..." නිර්නාමික ඇමතුමක් මගේ දුරකථනය අරක් ගත්තා.
 
 ‘‘... මමද?... මම කව්ද කියලා පස්සේ කියන්නම් ලොක්කා... ඉස්සෙල්ලා” මේ කියනදේ අහලා ඉමුකෝ... ඔය ටෙම්පරි ගෝලයාගේ වයිෆ් ඉන්නවා නේද? බොස්... ඒ භාණ්ඬේ මේ දවස් වල ලංකාවට සැපත් වෙලයි ඉන්නේ...
 
 දන්නවද ඒ අයිටම් එක ඔබතුමාගේ තානායමේ වේටර් ප‍්‍රියන්තගේ් පරණ කැච් එකක් බව" මෑන් නේද ඔය ටෙම්පරි හාදයාව සර්ට පැටලූවේ... බලාගෙනයි බොස් හරිද?" කෝ දැන් මේ වෙලාවෙත් ඔය වේටර් ප‍්‍රියන්ත" පොඞ්ඩක් හොයලා බලන්නකෝ... මෑන් ලෝකයා... පරණ කැච් එකේ හස්බන්ඞ් කාරයා තානායමේ වැඩට සෙට් කරලා තියලා... මේ දැනුත් වේටර් ප‍්‍රියන්තයා ඒ ගෙවල් පැත්තේ රිංගලාද කියලා... බීප්... බීප්... බීප්..."
 
 රන්ජන් ගාමිණී ජයවර්ධන
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

විශේෂාංග

sikuru

සිනමා කලා

pu250

නවලිය

hema250

දියග

sar250

මීවිත

rohananew250iiiii

More Articles