Divaina - ශ්‍රීමාලිගේ රගපෑමට සැමියා ගොඩක් උදව් කරනවාලු...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali

මම වැඩකරන්නේ තෝරාබේරාගෙන
 
sriyani1රාවණා ටෙලි නාට්‍යයේ කේතුමති රැජින පිිළිබදව ඔබ දන්නේ කුමක්ද?. කොටසින් කොටස දවසින් දවස ඇය ඔබට කේතුමති රැජින පිළිබදව කියාදෙමින් සිටී. ඇය ශ‍්‍රීමාලි ෆොන්සේකා. 2012 වර්ෂයේ විවාහක රූ රැජනගේ කිරුළෙහි අයිතිකාරිය වන ශ‍්‍රීමාලි අද දවසේ කේතුමතී රැජින ලෙසින් පේ්‍්‍රක්ෂකයන් හමුවට විත් සිටිනවා.
 
 
 අද දවසේ ඔබගේ තොරතුරු මොනවාද ?
 
 මේ දිනවල රාවණා ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් වලට
 
 සහභාගි වෙනවා. මගේ මනාළියන් හැඩගැන්වීමේ ව්‍යාපාරයේ වැඩත් කරගෙන යනවා. ඊට අමතරව මම ගොඩක් සමාජ සේවා වැඩ වලට සම්බන්ධ වෙලා ඉන්නවා.
 
sriyani3 රාවණා ටෙලි නාට්‍යයේ රගපෑම ඔබට දැනුණේ කොහොමද ?
 
 රාවණා කියන්නේ අපි ගොඩක් ගරු කරන චරිතයක්නේ. එම චරිතය ඇසුරු කරගෙන කෙරෙන නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබීමත් මගේ වාසනාවක්. මම ගොඩක් චරිත රගපාලා නැහැ. මෙහි භාවිතා කරන වචන ඇදුම් පැළදුම් මේ හැම එක්කම මට වෙනස්. මම විවාහක රූ රැජන විදිහට හිසෙහි කිරුළක්
 
 දාගෙන ඉන්නවා වගේම රාවණහි කේතුමතී රැජින ලෙසින් මම රගපාන්නේ කිරුළක් දාගෙන.
 
 වසර පහක් පමණ රංගනයෙහි සිටියත් ඔබ දායක වී තිබෙන්නේ සීමිත නිර්මාණ සංඛ්‍යාවකට පමණයි නේද ?
 
 මම තෝරාබේරාගැනීමකට අනුවයි චරිත භාරගන්නේ. ශ‍්‍රීමාලි ෆොන්සේකා කියන්නේ ගොඩක් හිතලා මතලා මේ සමාජයේ ජීවත්වෙන කෙනෙක්. ඒ නිසා මම කරන්නේ මට ගැළපෙන චරිතයක් පමණයි. අපි කරන දෙයින් පේ‍්‍රක්ෂකයෝ අපිව මනිනවානේ.
 
 sriyani2ඔබ මෙලෙස තෝරාබේරාගෙන රගපාන්නෙ ශ‍්‍රීමාලි ෆොන්සේකා කියන පුද්ගල චරිතයට හානියක් නෙවෙන්නටද ?
 
 අපි කරන චරිත වලින් සමාජය ආදර්ශයක් ගන්නවානේ. ඉතින් සමාජයට ආදර්ශයක් දිය හැකි චරිතයක් කරන්න මම කැමැතියි. මම මේ වෙද්දි ටෙලි නාට්‍ය හයක් රගපාලා තියෙනවා. ඒවායේ මම කරලා තියෙන්නේ වෙනස්ම චරිත හයක්.
 
 ශ‍්‍රීමාලි සමාජ සේවිකාවක් වන්නේ ?
 
 2012 වර්ෂයෙනේ මම විවාහක රූ රැජින වුණේ. ඊට පෙර මම කිසිම සමාජසේවා කටයුත්තක නිරත වුණේ නැහැ. විවාහක රූ රැජන වුණාට පස්සේ මට අවස්ථාව ලැබුණා මාධ්‍ය එක්ක වැඩ කරන්න හා ලොකු පිරිසක් හදුනා ගන්න. එයින් මට හැගී ගියා අපිට මොන තරම් සමාජයට සේවයක් කරන්න පුළුවන්ද? ඒ දේ කරන්නේ කොහොමද කියලා. ඒ අනුව මම සමාජ සේවයට යොමුවුණා. මම මේ දේවල් ගැන ප‍්‍රසිද්ධ කරන්නේ නැහැ. අපි මිනිසුන්ට උදව් කරන්නේ ලෝකෙට පෙන්වන්න නෙවෙයි. මට ඕනෑ මට ලැබුණ අවස්ථාවන් ප‍්‍රයෝජනයට ගනිමින් මිනිසුන්ට සේවයක් කරන්නයි.
 
 රූ රැජනක් හා රංගනය ඔබට අහම්බයක්ද ?
 
 මට හීනයක් තිබුණා මම කවදාහරි රූප රැජනියක් වෙන්න ඕනෑ කියලා. ඒ වගේම මිනිසුන් දන්න කෙනෙක් බවට පත්වෙන්න ආසාවක් තිබුණා. රූප රැජනක් වුණාට ලොකු පිරිසක් හදුනාගන්න නැහැනේ. නමුත් රංගනය හරහා ලොකු පිරිසක් අතරට යන්න පුළුවන්. ඒ නිසා රංගනයට මට ලැබුණ
 
 අවස්ථාවන් භාරගත්තා.
 
 රූප රාජනියක් වෙන්න නම් මොනවගේ ගුණාංග දියුණු කරගත යුතුද ?
 
 රූපය කියන දේ මනුස්සයකුගේ ජීවිතයේ රැකගත යුතුමයි. අපි තරුණ කාලෙනේ රූපය රැකගන්න උනන්දු වෙන්නේ. හැබැයි ජීවිත කාලයේම ලස්සනට හිටින එක වටිනවා. බියුටි කුවීන් කෙනෙක් වෙන්න රූපය විතරක් නෙවෙයි හොදින් දියුණු කරන ලද පෞර්ෂයක් ඕනෑ.
 
 රූප රාජනියක් වීම නිළියක් වෙන්න සුදුසුකමක් වෙන්නේ කොහොමද ?
 
 එක එක්කෙනාගේ හැකියාව අනුවයි සිදුවෙන්නේ. ගොඩක් රූප රාජිනියෝ ඉන්නවා එයාලට නිරූපනය කරන්න පුළුවන්” රගපාන්න බැහැ. තවත් රූප රැජනියන්ට රගපාන්න පුළුවන් නිරූපනයේ යෙදෙන්න බැහැ. බියුටි ක්වීන් කියන්නේ පෞර්ෂයක්. රගපෑමට ගියහම අපිට ලැබෙන ඕනෑම චරිතයක්ම රගපාන්න පුළුවන් වෙන්න ඕනෑ. මේ දේවල් හැම කෙනෙක්ටම පිහිටන්නේ නැහැ. මම දකින්නේ මේ හැකියාවන් කෙනෙක්ට සහජයෙන් එන දෙයක් කියලා.
 
 ශ‍්‍රීමාලිගේ දිවියේ තොරතුරු මොනවාද?
 
 මගේ සැමියා ඉන්නේ ඉතාලියේ. මට දුවෙක් ඉන්නවා.
 
 දුවගේ වැඩත් කරගෙන මව්පියනුත් බලාගෙන හොදින් ජීවත්වෙනවා. මගේ ගම්පළාත මීගමුව. මම දැන් පදිංචි වෙලා ඉන්නේ කිරුළපන. මගේ සැමියා ගොඩක් කැමැතියි මම කලා කටයුතු වල නිරත වෙනවාට. ඔහු මට ගොඩක් උදව් කරනවා. අපි හැමෝටම සීමාවන් තියෙනවා. ඉතින් අපි අපේ සීමාවන් එක්ක මේ දේවල් කරගත්තොත් කාගෙන්වත් තහංචියක් වැටෙන්නේ නැහැ.
 
 ධම්මිකා සුරංජි පතිරණ

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles