The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

UPali

තවම මම රඟපෑම ඉගෙන ගන්නවා

salsapunaසල්සපුනා පොඩි පත්තරකාරී මේ දිනවල හරි ජනප්‍රියයි. ඇය සැබෑ ජීවිතයේ නමින් මිෂෙල් දිල්හාරා. මිෂෙල් පසුගිය දවසක ඇගේ විසිදෙවැනි උපන්දිනය සැමරුවා. ටිකක්‌ වෙනස්‌ම විදිහට තමයි උපන්දිනය සැමරුවේ. මිෂෙල් උපන්දිනය සැමරුව විදිහට වගේම ඇගේ රඟපෑමේ වැඩකටයුතු ගැන අපිට කිව්වේ මෙන්න මේ විදිහට.

සල්සපුනා පොඩි පත්තරකාරීට රඟපෑමට ආරාධනා එමටයි කියන්නේ ?

මම ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුද්දයි. තවම මම මෙතැනට අලුත්. සල්සපුනා ප්‍රීතිවා එහෙමත් නැතිනම් පොඩි පත්තරකාරී චරිතයෙන් තමයි මාව හැමෝම හඳුනාගන්නේ. ඊට පස්‌සේ සිඳු ටෙලිනාට්‍යයේ සුරංගනාවියගේ චරිතය ලැබෙන්නේ. රනිල් කුලසිංහගේ පූරි ටෙලිනාට්‍යය, සංජය නිර්මාල්ගේ ඒමී, සුනිල් කොස්‌තාගේ සුදු ඇඳගෙන කළු කියන ටෙලිනාට්‍ය තුන ලබන මාසයේ ඉඳන් විකාශනය වීමට නියමිතයි.

වෙළෙඳ දැන්වීමක්‌ හින්දා සමාජඡාලාවල මිෂෙල් ගැන හරියට කතාබහ වෙනවානේද?

වෙළෙඳ දැන්වීම ගැන ගොඩක්‌ දෙනා කතාබහ කරන්න පටන්ගත්තා. ඒ වෙළෙඳ දැන්වීම හින්දා මුහුණුපොතේ පවා මට විවිධ විදිහේ ප්‍රතිචාර ලැබෙන්න පටන්ගත්තා.

ළඟකදී උපන්දිනය සැමරුවා කියලත් ආරංචිය ?

උපන්දිනය තිබුණේ මැයි පළමුවැනිදා. ගිය පාර ළමා නිවාසයක ඉන්න පුංචි ළමයින්ගේ ඉල්ලීමක්‌ අහකදාන්න බැරිහින්දා තරුපහේ හෝටලයකට එක්‌කගෙන ගිහිං කෑමවේලක්‌ ලබාදුන්නා. මෙවර ඊට වඩා වෙනස්‌ම විදිහේ දෙයක්‌ කරන්න ආරාධනාවක්‌ ලැබුණා.

මෙවර මොකක්‌ද කළේ ?

මගේ විසිදෙවැනි උපන්දිනයට වැඩසටහනක්‌ තමයි කරන්න සැලසුම් කළේ. සිංහල උපකාරක පන්ති පවත්වන ශාන්ත හාමුදුරුවන්ගේ පන්තියට එන දරුවන් සහභාගි කරවාගෙන අසරණ පවුල්වලට උදව් කරන්න. ඊට පස්‌සේ මම ශාන්ත හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක්‌ කළා ඉගෙනගන්න දරුවන් එකතුකරගෙන ගමකට හාල් බෙදාදෙමු කියලා.

වැඩේ සාර්ථක වුණාද?

අපි හිතුවාටත් වඩා වැඩේ සාර්ථක වුණා. මේ වැඩේ කළේ පින්නකැලේවත්ත ශ්‍රී පියදර්ශනාරාම විහාරයේ තමයි සහල් බෙදීම සිදුකළේ. පින්නකැලේවත්ත ගමේ අඩුආදායම්ලාභී පවුල් දෙසීයකට තමයි සහල් බෙදාදීමට මුලින්ම සැලසුම් කළේ. අන්තිමේ අපි පවුල් දෙසිය පනහකට විතර බෙදාදුන්නා.

මේ වගේ වැඩකටයුත්තක්‌ සිදුකළහම ලැබෙන ප්‍රතිචාර මොනවගේද?

අපිට ගොඩක්‌ හොඳ ප්‍රතිචාර ලැබුණා. පින්නකැලේවත්ත ශ්‍රී පියදර්ශනාරාම විහාරාධිපතිගෙන් අපිට ගොඩක්‌ උදව් ලැබුණා. මේ වැඩසටහනට මිනිස්‌සු දහසක්‌ විතර ඇවිත් හිටියා.

salsapuna1ඇයි මේ වගේ වැඩක්‌ කරන්න හිතුවේ ?

අපි මනුස්‌සයෙකුට පුංචි දෙයක්‌ දුන්නහම මොනතරම් සතුටුවෙනවාද?. ඉතිං එක්‌කෙනෙක්‌ගෙන් සහල් කිලෝ එකක්‌ එකතුවුණොත් ළමයි දහසකගෙන් සහල් කිලෝ දහසක්‌ එකතුවෙනවා. මට ඕනෑවුණේ ළමයි එක්‌ක එකතුවෙලා මේ වැඩසටහන සිදුකරන්න. මමත් ඒ සඳහා ලොකු දායකත්වයක්‌ ලබාදුන්නා. ඊට වඩා මට ඕනෑවුණේ මගේ ඉල්ලීමට ළමයින් දුන්න දායකත්වය ගැන සමාජය දැනුවත් කරන්නයි.

උපන්දින සාද පවත්වන්නේ නැතිව දානමය වැඩකටයුත්තක්‌ සිදුකරන්න හිතුවේ ඇයි ?

රඟපෑමට එන්න කලින් පවා මම මේ වගේ සමාජ සේවා කටයුතු සිදුකරලා තියෙනවා. ළමා නිවාසවල දරුවන්ට උදව් කරලා තියෙනවා. ගංවතුරින් විපතට පත් පවුල්වලට පිහිටවෙලා තියෙනවා. වැඩිහිටි නිවාසවලට උදව් උපකාර කරලා තියෙනවා. ඉතිං මගේ විසි එක්‌වැනි උපන්දිනයට කරපු දෙයටත් වඩා වෙනස්‌ විදිහේ දෙයක්‌ කරන්න තමයි මට ඕනෑවුණේ. මගේ ජීවිතයේ ලොකු අරමුණු තියෙනවා. ඒවායින් එකක්‌ තමයි මේ වැඩසටහන. මම බලාපොරොත්තුවෙනවා මීට වඩා වෙනස්‌ විදිහේ වැඩකටයුතු ටිකක්‌ කරන්න.

සිඳු නාට්‍යයේ සුරංගනාවියට ලැබෙන ප්‍රතිචාර?

සිඳු නාට්‍යය මම සහභාගිවුණ දෙවැනි නාට්‍යය. එහි සුරංගනාවියට සහභාගිවෙලා විකාශනය වුණ පළමුවැනි දවසේ සහ දෙවැනි දවසේ ගොඩක්‌ හොඳ ප්‍රතිචාර ලැබුණා. සමාජජාලවල ගොඩක්‌ කතාබහට ලක්‌වෙලා තිබුණා. එයට ලැබුණ ප්‍රතිචාර ගොඩක්‌ හොඳයි. සමහරු හොඳ කියලා තිබුණා. තවත් සමහරු නරක කියලා තිබුණා. ඒ හැමදෙයක්‌ම මම සතුටින් භාරගත්තා.

සිනමාවට එන්න අදහසක්‌ නැතිද?

අදහසක්‌ තියෙනවා. හැබැයි තවම මම රඟපෑම ඉගෙනගන්නවා. සංජය නිර්මාල් සර්ගේ සිනමා නිර්මාණයකට ආරාධනාවක්‌ ලැබිලා තියෙනවා. ඉදිරියේදී බලමු මොකද වෙන්නේ කියලා.

සල්සපුනා පොඩි පත්තරකාරී සිනමාවට එන්නද හදන්නේ ?

පැහැදිලිවම. මම සිනමාවට ගොඩක්‌ ආසයි. සිනමාව කියන්නේ ගොඩක්‌ ලොකු විෂයක්‌. මම විශ්වාස කරනවා හොඳ චරිතයක්‌ ලැබුණොත් භාරගන්නවා කියලා.

රඟපෑමට ආපු එක හොඳද? නරකද?

පාසල් කාලේ ඉඳන් රඟපෑම මගේ ලෝකයේ සිහිනයක්‌ වෙලා තිබුණා. රඟපෑම ගැන පුංචි හරි දෙයක්‌ ඉගෙන ගෙනයි මම මෙතැනට ආවේ. මට ඕනෑ කරන වැඩේ හරියට කරන්න. මට තවත් නිළියන් වෙන්න නෙමෙයි.

කැපිලි කෙටිලි එහෙම තියෙනවාද?

දැනට මම කරපු ටෙලිනාට්‍යවල හැම අධ්‍යක්‍ෂවරයෙකුගෙන්ම වගේම හැම රංගන ශිල්පීන් ශිල්පිණියන්ගෙන් ලොකු සහයෝගයක්‌ ලැබෙනවා. තවම මට එහෙම කිසි ප්‍රශ්නයක්‌ වෙලා නැහැ.

දිනේෂ් විතාන

ඡායාරූප - ඉරේෂ් ජයංග ඩයස්‌

salsapuna2

salsapuna3

විශේෂාංග

sikuru

සිනමා කලා

dul250

නවලිය

niranjala250

දියග

kimb1new

මීවිත

waligama250

More Articles