Divaina - ගෑනු ළමයි ඉමේෂාන්ට ට‍්‍රයි කරන්න එපා...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

imeshan333

* මගේ ඞී‍්‍රම් එක ටෙලියක් කරන එක

* ඒක රගපෑමට බාධාවක්

සිනමාව හරහා ක්‍ෂේත‍්‍රයට ආපු ඉමේෂාන් නෙල්ලිගහවත්ත පසුගිය කාලේ පුංචි තිරය බදු අරගෙන හිටියා’ ඒත් අද දවස වෙනකොට පුංචි තිරයෙන් ඈත්වෙලා වේදිකාවට ලොකු ඉඩක් දීල කියලයි ආරංචිය’ ඒ ගැනත් ඉදිරි කලා කටයුතු මොන වගේද කියල දැනගන්නත් අපි ඉමේෂාන්ට කතා කළා’

* ඒ කියන්නෙ දැන් ඉමේෂාන් වේදිකාව බදු අරගෙන’

අනේ එහෙම නෑ’ මේ දවස්වල ආටක නාටක සහ බෝඩිම මාරයි කියන වේදිකා නාට්‍ය දෙකට සම්බන්ධ වෙලා ඉන්න නිසා ටිකක් අවිවේකියි’ මොකද දර්ශන වාර සඳහා රට වටේ යන්න සිද්ධ වෙනවනේ’

* ඒ අත්දැකීම කොහොමද දැනෙන්නේ’

මම රංගන ක්‍ෂේත‍්‍රයට එන්නෙ වීරවර්ණ කියන චිත‍්‍රපටයේ සූරියසිංහ කියන චරිතය හරහා’ ඊට පස්සේ තමයි ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණේ’ ඒ හැම රඟපෑමකටම වඩා වේදිකාවේදී අපිට කරන්න සිද්ධවෙන ලයිව් ඇක්ට් එක හරිම වෙනස්’ පාසලේදී නාට්‍යවලට සම්බන්ධවෙලා හිටපු නිසා ලොකු අපහසුවක් වුණේ නැතත් වේදිකාවේ කරන රංගනය ටිකක් අමාරුයි කියන එක තමයි මට දැනෙන්නේ’ ඒත් ඒ විදියට රඟපාලා ලබන තෘප්තිය වෙන කිසිම දේකින් ලබන්න බැහැයි කියන එකත් කියන්නම ඕන’

* වේදිකාව තදින්ම හිතට අල්ලල වගේ’

වෙහෙසකර වුණත් මම ගොඩක් කැමතියි වේදිකාවට’ ඔය අතරේ රොෂාන් හඳුන්නෙත්ති මහත්මයගෙ බීජිං වීරයා කියන අලූත්ම නාට්‍යයටත් ආරාධනාවක් ලැබිල තියෙනවා’

* මෙහෙම ගිහිං ටෙලිනාට්‍ය රංගනයට මොනව වෙයිද?

මුකුත් වෙන්නෙ නෑ’ මම ටෙලි නාට්‍ය රංගනයෙත් නිරත වෙන ගමන් තමයි බැලන්ස් එකේ වේදිකා නාට්‍යවලටත් රංගන දායකත්වය ලබා දෙන්නෙ’ මේ දවස්වල හිරු නාලිකාවේ හුස්මක් තරමට නාට්‍යයේ වගේම ජාතික රූපවාහිනියේ විකාශය වන සකලගුරු නාට්‍ය දෙකට මම සම්බන්ධ වෙලා ඉන්නවා’

* මේ නාට්‍ය දෙකෙන් වැඩියෙන් ජනපි‍්‍රය නාට්‍ය මොකක් කියලද ඉමේෂාන්ට හිතෙන්නේ’

නාට්‍ය දෙකම එක වගේ ජනපි‍්‍රයයි’ හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා’ හුස්මක් තරමට ඉතින් තරුණ අය අතරේ වැඩියෙන් ජනපි‍්‍රයයි’

* එහි ඔබේ චරිතය ගැන කතා කළොත්

මම කරන්නෙ සයන් කියන කැරැුක්ටර් එක’ පාසල තුළ ඇතිවෙන පේ‍්‍රමනීය හැඟුම් නිසා අසලී කියන ගෑනු ළමය එක්ක සම්බන්ධයක් ගොඩනඟා ගන්න උත්සහ කරනවා’ ආලෝක කියන මගේ මිත‍්‍රයත් අසලිට කැමැත්තෙන් ඉන්න අතරේ මම ඒ බව නොදැන මේකට ඔහුගෙන් උදව් ඉල්ලනව’ අසලී කැමැති ආලෝකට’ ඒක දැනගෙන මම ඒ ආදරය බලෙන් ලබාගන්න ෆයිට් කරනවා’

* පාසල තුළ දුෂ්ටයෙක් වෙලා බලෙන් ආදරයක් ලබන්න දඟලන එක හරිද?

ඒක ඉතින් ටෙලි නාට්‍යයක්නේ’ අනික ආලෝක හොඳම යාළුවා හැටියට ඒ ගැන මට නොකිය ඔහුම තමයි මාව විලන් කෙනෙකුගේ තත්ත්වෙට පත් කරන්නේ’

* තරුණ පිරිස අතරේ ජනපි‍්‍රය වුණාට මේ නාට්‍යයට වැඩිහිටියන්ගෙන් විරෝධය එල්ල වෙන්න පටන් අරන් නේද?

මෙවැනි නාට්‍ය නැරඹීමෙන් පාසල් දරුවන් නොමග යන බව කියමින් එවැනි මතයක් ගොඩනඟාගෙන යන පිරිසක් ඉන්න බව ආරංචි වෙනවා’ අපේ රටේ හැදෙන ටෙලි නාට්‍යවල ගුණදොස් විවේචනය කරන ඔය ඇත්තො පිටරටවලින් ගෙනත් පෙන්වන නාට්‍ය නරඹන්නෙ ළමයි උකුලෙ තියාගෙන’ ඒවගෙන් ලැබෙන්නෙ හොඳ ආදර්ශමද? ටෙලි නාට්‍යයක් ආදර්ශයට අරන් ළමයන්ට හැදෙන්න ඉඩ හැරීම ඔය මත ගොඩනඟන අයගෙ වැරැුද්දක් කියලයි මම නම් හිතන්නේ’ ඕවට මුල්වෙන්නෙ වෙන මුකුත්ම නෙමෙයි කුහක කම’

* සකලගුරු හි චරිතය ගැනත් ටිකක් කතා කරමුද?

මයුර ලෙස තමයි මම එහි පෙනී සිටින්නේ’ ගමේ ග‍්‍රාම සේවකගේ පුතා’ ගමේ ඉන්න අනිත් තරුණයොත් එක්ක දඟලල කරල ඉන්න සෙල්ලක්කාර චරිතයක්’ ඒ ගමේම ගුරුන්නාන්සේගෙ දුව සමග සම්බන්ධයක් ඇතිකර ගන්න උත්සාහ කරනවා’ එය අතරේ මුදලාලි කෙනෙකුගේ දුවක් මා සමග සම්බන්ධයක් ඇතිකර ගන්න උත්සාහ දරනව’

* ඉමේෂාන්ගෙ සිකුර උච්චවෙලා වගේ ඒ ඉතින් ටෙලි නාට්‍යයේනේ’ සැබෑ ජීවිතේ මගේ කේන්දරේට අනුව සිකුර උච්චවෙලා නෑ’

* එහෙම වෙනවනම් කැමතිද?

අනේ නෑ’ පොඞ්ඩක්වත් කැමති නෑ’ මොකද එහෙම වෙලා ගෑනු ළමයි ඕනවට වඩා මට ට‍්‍රයි කරන්න ගත්තොත් ඒක මගේ රංගන ජීවිතේට බාධාවක් වෙන්න පුළුවන්’

* ආපහු සිනමාවට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

සරත් දික්කුඹුර මහත්මයගෙ මරු කතර චිත‍්‍රපටයට සම්බන්ධ වුණා’ එහි රූගත කිරීම් අවසන්’ ළඟදීම තිරගත වේවි’ මේ දවස්වල තවත් ආරාධනයක් ලැබිල තියෙනවා’

* රංගන ජීවිතෙන් මිදුන වෙලාවට ඉමේෂාන් මොකද කරන්නේ’

මිතුරු ඇසුර තමයි’ විවේකය කියන එක හරිම අඩුවෙන් තමයි ලැබෙන්නෙ’ ගෙදර ඉන්න වෙලාවට ළඟින්ම ආශ‍්‍රය කරන්නෙ දුවින්ව’ ෆීල්ඞ් එකේදී ගයාන් ගුණවර්ධන වගේම ශිහාන් මධූෂ තමයි ළඟින්ම ඉන්නේ’

* ගෙදරින් මේ වැඩවලට සහයෝගය ලැබෙනවද?

අනිවාර්යයෙන්ම’ මගේ අම්ම තාත්ත ළඟ අසාමාන්‍ය සාම්ප‍්‍රදායික ගති සිතුවිලි නෑ’ කලාවට යොමුවෙනව දැකල එයාල මගේ පාත් එකට බාධා කළේ නෑ’ හැම වෙලාවෙම මගේ වැඩවලට උදව් තමයි ඒ

අයගෙන් ලැබෙන්නෙ’

* කලා ක්‍ෂේත‍්‍රය තුළ ඔබේ අනාගත බලාපොරොත්තුව

කවදාහරි දවසක මම ටෙලියක් කරන්න ඕන කියන එක තමයි මගේ එකම සහ ලොකුම ඞී‍්‍රම් එක’

ධම්මික හේවාවසම්


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles