Divaina - ප‍්‍රශ්න ගොන්නක් මැද Housefull 4 තිරයට එයි’’’

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

housefull499
 
 * අධ්‍යක්‍ෂ සජිඞ් ඛාන්ට ලිංගික අතවර චෝදනා
 
 ඉන්දියානු සිනමාවේ සිනහ සාගරය ලෙසින් විචාරකයින් හඳුන්වන Housefull  චිත‍්‍රපට මාලාවේ නවතම චිත‍්‍රපටය Housefull 4 පසුගිය සිකුරාදා එනම් 25 වැනි දා සිට ලොව පුරා තිරගත කිරීම් ආරම්භ කරනු ලැබුවා. ඉන්දියානු සිනමා ඉතිහාසයේ එකම චිත‍්‍රපටයක් වැඩිම වාර ගණනක් නිර්මාණය කළ චිත‍්‍රපටයක් ලෙසට චිත‍්‍රපට මාලාව ඉතිහාසගත වනවා. තරඟකාරී සහ අති අවදානම්කාරී සිනමා ක්‍ෂේත‍්‍රයක් වන සිනමාවේ පියවර 4ක් ඉදිරියට යනවා කියන එක අපූරු වැඩක් කියල තමයි හැමෝම කියන්නේ.
 
 සජිඞ් නඩියවාලා විසින් නිෂ්පාදනය කරනු ලබන Housefull  සජීඞ් ඛාන්ගේ අධ්‍යක්‍ෂණයක්. එක් චිත‍්‍රපටයක් ඉවර වෙන කොට පේ‍්‍රක්‍ෂකයින් බලා ඉන්නේ අනිත් චිත‍්‍රපටය එළියට එනකම්. ඒ තරමටම කතාව විනෝදාත්මකයි.
 
 කොටස් තුනක ඇවෑමෙන් Housefull 4 ට එනකොට එහි අධ්‍යක්‍ෂකයා බවට පත් වෙන්නේ ෆර්හාඞ් සම්ජී. ෆොක්ස් ස්ටාර් ස්ටුඩියෝ බෙදාහැරීමක් ලෙසින් එළිදක්වන Housefull 4 චිත‍්‍රපටයේ තිර පිටපත ෆර්හාඞ් සම්ජී, ආකාෂ් කෞෂික්, මධු ශර්මා, තුෂා හිරානන්දනී, ස්පර්ෂ් කෙටාපල් සහ ටෂා බම්බ‍්‍රා විසින් නිර්මාණය කර තිබෙනවා. ආක්ෂය කුමාර්, රිතේෂ් දේශ්මුක්, බොබී ඩියෝල්, ක‍්‍රිතී සැනෝන්, පූජා හේගල් සහ ක‍්‍රිතී කබන්ඩා ප‍්‍රධාන චරිත රංගනයෙන් එකතු වෙනවා. ඉන්දියානු රුපියල් කෝටි 75ක වියදමින් නිර්මාණය කර තිබෙන Housefull 4 චිත‍්‍රපටය තිරගත කර දින දෙකක් ඇතුළත එම මුදල ඉක්මවා යනු ඇතැයි විචාරකයින් පෙන්වා දෙන්නේ පූර්ව අත්දැකීම්වලට අනුවයි.
 ්‍යදමිැමෙකක චිත‍්‍රපට මාලාවේ කො`දු නාරටිය ලෙස විචාරකයින් හඳුන්වන්නේ ආක්ෂය කුමාර්. පළමු දෙවන තෙවන වගේම සිව්වන චිත‍්‍රපටයේත් ආක්ෂය කුමාර් අති ප‍්‍රබල රංගනයක් ඉදිරිපත් කරන බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. ක‍්‍රියාදාම නළුවෙකු ලෙස සිනමාවට පිවිසි ආක්ෂය පසු කාලීනව පේ‍්‍රක්‍ෂකයින් අතර ජනප‍්‍රියත්වයට පත් වූයේ හාස්‍ය රංගන ශිල්පියෙකු ලෙසටයි. ්‍යදමිැමෙකක කතා මාලාවේ ප‍්‍රධාන චරිතය ගොඩනගන්නේ ආක්ෂය කුමාර් විසින්. සිනමා පටයක පේ‍්‍රක්‍ෂකයින් රදවා තබා ගැනීමට තමන් තුළ පවතින හැකියාව ඔහු මෙහිදී අපූරුවට පෙන්නුම් කරනවා. දෙබස් පමණක් නොව රූපරාමු පවා ගොඩනගා තිබෙන්නේ හාස්‍ය මුසුවන ආකාරයටයි.
 Housefull 4 පේ‍්‍රක්‍ෂකයින් අතරට එන්නේ ඉතිහාස කතාවක සහ වර්තමාන කතාවක පූර්වාපර සන්ධි ගැලපීමක් ද සමගයි. නිෂ්පාදකවරයා පවසන්නේ එය පේ‍්‍රක්‍ෂකයින්ට නවමු අත්දැකීමක් වනු ඇති බවයි. 1419 වසරේදී සීතාම්ගර්හි ආදරයෙන් බැඳුණු යුවලවල් 3ක් නපුරු කුමන්ත‍්‍රණයකින් මරණයට පත් වෙයි. නැවතත් වසර 600කට පසුව ඔවුන් ලන්ඩන් නුවරදී උපත ලබන අතර, මෙවර ඔවුන් විවාහ වෙන්නේ වැරදි පුද්ගලයින් සමගිනි, නැවත සීතාම්ගර්වලට පැමිණෙන ඔවුන් ඉතිහාසය නැවත ප‍්‍රතිනිර්මාණය කරනු ලබයි. සිදු වූ දේ නැවත තේරුම් ගැනීමත්, යථාර්ථය තේරුම් ගැනීමත් හාස්‍ය රසය දනවන ආකාරයෙන් චිත‍්‍රපටය තුළ ප‍්‍රතිනිර්මිතය.
 
 housefull1ජනප‍්‍රිය ගීත සහ නර්තන අඩංගු Housefull 4 පේ‍්‍රක්‍ෂකයන් අමන්දානන්දයට පත් කරන්නේ වසරේ ආකර්ශනීයම හාස්‍ය සිනමා කෘතිය මෙය බව පසක් කරමින්. කෙසේ වෙතත් සිනමාපටය කොටස් 4ක් පුරාවටම අධ්‍යක්‍ෂණය කළ සජිඞ් ඛාන් මෙහි අධ්‍යක්‍ෂණයෙන් ඉවත්වීම බොහෝ දෙනාට ප‍්‍රහේලිකාවක් වුණා. නමුත් ඒ පිටුපස වෙනස්ම කතාවක් පවතින බව තමයි නිෂ්පාදකවරයා පැවසුවේ. මුලින්ම මෙය අධ්‍යක්‍ෂණය කරන්නට සූදානමින් සිටියේ සජිඞ් ඛාන් ම තමයි. ඔහු එහි නිෂ්පාදන කටයුතු යොදාගෙන තිබුණේ 2018 වසරේ ඔක්තොම්බර් මාසයේ. නමුත් හැමදේම වෙනස් වුණේ කවුරුත් හිතපු නැති විදිහට.
 
 චිත‍්‍රපටයේ මුලින්ම රඟපෑමට යොදාගෙන තිබුණු සලෝනි චොප්රා, රිචෙල් වයිට් සහ මාධ්‍යවේදී ක්මා උපධ්‍යාය විසින් අධ්‍යක්‍ෂකවරයාට එරෙහිව
 
 ලිංගික අතවර චෝදනා එල්ල කළා. සජිඞ් ඛාන් එහෙම දෙයක් කරයි කියලා කිසිම කෙනෙක් විශ්වාස කළේ නැතත් ඔහුට එරෙහිව විමර්ශනයක් කරන්න නිෂ්පාදන ආයතනයට සිද්ධවුණා.
 
 ඒවගේම තමයි චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපාන ආක්ෂය කුමාර් ට්විටර් පණිවුඩයක් තබමින් ප‍්‍රකාශ කළේ අධ්‍යක්‍ෂකවරයාට එරෙහිව පරීක්‍ෂණයක් සිදුකරනකම් තමන් ඔහුගේ කිසිම නිර්මාණයකට සම්බන්ධ නොවන බවයි. මේ හේතූන් නිසාම සජීඞ් නඩියවාලා අධ්‍යක්‍ෂණ කාර්යයෙන් ඉවත් වෙන්න තීරණය කළා.
 
 අනෙක් කාරණාව තමා නානා පටේකර්ට එරෙහිව එල්ල වූ ලිංගික අතවර චෝදනාව. එය සිදු කළේ කලක් ඉන්දියානු සිනමාවේ ජනප‍්‍රිය නිළියක් සහ රූ රැුජනක්ව සිටි තනුශ‍්‍රී දත් විසින්. Housefull 4 චිත‍්‍රපටය සඳහා ඔහුවත් තෝරාගෙන තිබුණා. නමුත් අතවර චෝදනාව නිසා විමර්ශන කටයුතු කරන කාලයේ නානා පටේකර්වත් තාවකාලිකව අයින් කොට තිබුණා. කෙසේ වෙතත් නානා පටේකර්ට එරෙහිව එල්ල වූ චෝදනාවෙන් හේතු සහිතව හෝ හේතු රහිතව ඔහු නිදොස් වුණා. මේ සියලූ කරුණු නිසා තමයි චිත‍්‍රපටයේ රූගත කිරීම් කටයුතු මෙතරම් ප‍්‍රමාද වුණේ.
 
 මොනදේ වුණත් අලූත් අධ්‍යක්‍ෂකවරයකු ගේ අධ්‍යක්‍ෂණය යටතේ ්‍යදමිැමෙකක ආයෙමත් පේ‍්‍රක්‍ෂකයින් අතරට ඇවිත් තියෙනවා. පළමු සිනමා නිර්මාණ 3 වගේම මෙයත් සියලූ ආදායම් වාර්තා බිඳ දමනු ඇති බව තමයි හැමෝගෙම අදහස. පළමු චිත‍්‍රපටයේ රංගනයෙන් දායක වුණේ ආක්ෂය කුමාර්, රිතේෂ් දේශ්මුක්, අර්ජුන් රාම්පාල්, දීපිකා පදුකෝන්, ලාරා දත්තා, ජීහා ඛාන්, භූමන් ඉරානි සහ මල්ලිකා අරෝරා ඛාන් වැනි පිරිසක්. සජිඞ් නඩියවාලාගේ නිෂ්පාදනය යටතේ චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ සජිඞ් ඛාන් විසින්. ඒ වගේම තිර රචනය අන්විතා දත් විසින් සිදු කර තිබුණා. ශංකර් ඒෂාන් ලෝයිගේ සංගීතයෙන් හැඩවුණු චිත‍්‍රපටය තිරගත වුණේ 2010 වසරේදී. මිනිත්තු 155ක ධාවන කාලයක් සහිත චිත‍්‍රපටය වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝටි 41ක් වියදම් කරමින් ඉන්දියානු රුපියල් කෝටි 165ක ආදායමක් උපයන්න ඔවුන්ට හැකියාව ලැබුණා.
 Housefull 4 තවමත් තිරගත වෙන්න පටන් අරගෙන දවස් දෙකක් විතරයි. 2019 වසරේ වැඩිම ආදායම් වාර්තාව ඔවුන් සතු කරගනීවි කියල තමයි හැමෝම කියන්නේ.
 
අමිල නුවන් මධුසංඛ


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles